ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ පාකිස්තාන කණ්ඩායම් සහභාගී වන පාකිස්තාන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ජයග්‍රහණය කිරීමට පාකිස්තාන ක්‍රීඩකයෝ අද (18) සමත් වෙනවා.
Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක පාකිස්තාන නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 147ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ තම ඉනිම අවසන් වීමට තවත් පන්දු 4ක් ඉතිරි ව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගනිමින් ජයග්‍රහණය ලබා ගන්නවා.
පාකිස්තාන කණ්ඩායම
Salman Ali Agha (නායක), Sahibzada Farhan, Saim Ayub, Babar Azam, Usman Khan (කඩුලු රකින්නා), Fakhar Zaman, Mohammad Nawaz, Faheem Ashraf, Shaheen Shah Afridi, Mohammad Salman Mirza, Abrar Ahmed
සිම්බාබ්වේ කණ්ඩායම
Sikandar Raza (නායක), Brian Bennett, Tadiwanashe Marumani, Brendan Taylor (කඩුලු රකින්නා), Ryan Burl, Tony Munyonga, Tashinga Musekiwa, Bradley Evans, Tinotenda Maposa, Richard Ngarava, Graeme Cremer.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. එහි දී පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 48ක දී ලකුණු 72ක සබඳතාවක් එක් කිරීමට Brian Bennett සහ Tadiwanashe Marumani සමත් වුණා.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Tadiwanashe Marumani පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30කට දැවී යෑමත් සමඟිනුයි. අනතුරු ව Brian Bennett ඉනිමේ වැඩිම ලකුණුලාභියා ලෙසින් 3 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 49ක් ලබා සිටියා.
මැද පෙළත් යටි පෙළත් අසාර්ථක වූ සිම්බාබ්වේ ඉනිමේ අනෙක් සාර්ථක ලකුණුලාභියා වූයේ නායක Sikandar Raza. ඔහු ඉනිම අවසන් වන විට පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 34ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Mohammad Nawaz ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Salman Mirza, Abrar Ahmed, Saim Ayub සහ Shaheen Shah Afridi කඩුල්ල බැගින් දවා ගත්තා.
- දසුන්, Salman සහ Raza ගේ තුන්කොන් අභියෝගය
- චරිත් සහ අසිත නැවතත් ශ්‍රී ලංකාවට!
- පාකිස්තානය පූර්ණ තරගාවලි ජයක් කරා!
- පාකිස්තානයට යන ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිත නම් කරයි
- ශ්‍රී ලංකා ක්රිකට් නව පුහුණුකරුවන් දෙදෙනෙකු කැඳවයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පලමු කඩුලු 3 ලකුණු 30ක් තුළ දැවී යනවා. ඒ වෙද්දී ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් ලබා සිටියේ ආරම්භක පිතිකරු Sahibzada Farhan පමණයි. ඔහු පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 16ක් ලබා සිටියා.
ඉනිමේ සිව් වැනි කඩුල්ල ලෙසින් Saim Ayub තමන් මුහුණ දුන් 26 වැනි පන්දුවේ දී ලකුණු 22කට දැවී යනවා. ඒ වෙද්දී ඔහු තම ඉනිමට හතරේ පහරක් සහ හයේ පහරක් එක් කර තිබුණා.
ඉන් අනතුරු ව පාකිස්තාන ඉනිමට 5 වැනි කඩුල්ලේ දී ලකුණු 61ක සබඳතාවක් එක් කිරීමට Fakhar Zaman සහ Usman Khan සමත් වෙනවා. ඔවුන් අතුරින් Fakhar Zaman පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
Usman Khan තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 37ක් ද සහ Mohammad Nawaz පන්දු 12ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 20ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Brad Evans ලකුණු 26කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Graeme Cremer, Tinotenda Maposa සහ Richard Ngarava කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- සිම්බාබ්වේ – කඩුලු 8ක් දැවී 147 (20.0)Brian Bennett 49, Tadiwanashe Marumani30, Sikandar Raza නොදැවී 34, Mohammad Nawaz 2/22
- පාකිස්තානය – කඩුලු 5ක් දැවී 151 (19.2)Saim Ayub22, Fakhar Zaman 45, Usman Khan නොදැවී 37, Mohammad Nawaz නොදැවී 20, Brad Evans 2/26
පාකිස්තාන කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
තරගයේ වීරයා – Mohammad Nawaz (පාකිස්තානය)
පාකිස්තාන තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකා සහභාගී වන පළමු තරගය නොවැම්බර් 20 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
මෙම තුන්කොන් තරගාවලියේ සජීවි දසුන් Dialog Television හී නාලිකා අංක 62 සහ අංක 126 සුසුර කර ගැනීමෙන් ThePapare TV HD 1 මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















