ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 7කින් යුත් යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඉතිරි ව තිබිය දී 4-2ක් ලෙසින් ඉදිරියට පැමිණීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත් වුණා.
ඒ Antigua Antigu හී ශ්‍රීමත් Vivian Richards ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (12) පැවැති 6 වැනි තරගයෙන් කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කරමිනුයි.
මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 287ක් ලබා ගත් අතර එම ඉලක්කය ප්‍රතිවාදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ තවත් පන්දු 8ක් සහ කඩුලු 3ක් ඉතිරි ව තිබිය දී සපුරා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට එක් වූයේ වෙනස්කම් 2ක් සිදු කරමින්. ඒ අනුව පෙර තරගයේ දී කණ්ඩායම හා එක් ව සිටි පුලීශ තිලකරත්න සහ සනුජ නිඳුවර වෙනුවට සෙනුජ වැකුණුගොඩ සහ තරුෂ නවෝද්‍ය කැඳවා තිබුණා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම තරගයේ දී එක් වෙනස්කමක් සිදු කර තිබූ අතර ඒ අනුව Isra-el Morton වෙනුවට Tyriek Bryan එක් කර තිබුණා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
විමත් දින්සර (නායක), විරාන් චමුදිත, දිමන්ත මහවිතාන, සෙනුජ වැකුණුගොඩ, කවිජ ගමගේ, චාමික හීනටිගල, ජේසන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), සෙත්මික සෙනෙවිරත්න, තරුෂ නවෝද්‍ය, රසිත් නිම්සර, විග්නේශ්වරන් ආකාශ්.
බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Joshua Dorne (නායක), Micah Greenidge (කඩුලු රකින්නා), Tyriek Bryan, Zachary Carter, Earsinho Fontaine, Brendan Boodoo, Afraz Ali Budhoo, Jonathan Van Lange, Shaquan Belle, Aadian Racha, Jakeem Pollard.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ආරම්භක පිතිකරුවන් වූ දිමන්ත මහවිතාන සහ විරාන් චමුදිත සමත් වුණා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 114ක්.
එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ දිමන්ත මහවිතාන ගේ දැවී යෑවීමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 49ක් ලබා සිටියා.
අනතුරු ව 2 වැනි කඩුල්ල වෙනුවෙන් ද ලකුණු 28ක් එක් කිරීමට විරාන් චමුදිත සහ සෙනුක වැකුණුගොඩ සමත් වෙනවා. සෙනුක වැකුණුගොඩ පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 12කට දැවී යද්දී එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටෙනවා.
3 වැනි කඩුල්ල ලෙසින් එතෙක් කණ්ඩායම වෙනුවෙන් අගනා මෙහෙවරක නිරත වූ විරාන් චමුදිත දැවී යනවා. ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම 187 නතර වී තිබූ අතර ඔහුගේ ඉනිම ඉදිරියේ පන්දු 85කට ලබා ගත් ලකුණු 88ක් ලියැවී තිබුණා. එම ඉනිමට හතරේ පහර 10ක් එක් කිරීමට ද ඔහු සමත් ව සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 4ක් එක් වෙද්දී පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා සිටි කවිජ ගමගේ දැවී යනවා.
අනතුරු ව චාමික හීනටිගල ලකුණු 4කට ද සහ ජේසන් ප්‍රනාන්දු පන්දු 24ක දී ලබා ගත් ලකුණු 15කට දැවී ගිය අතර ඉනිම අවසන් වන විට විමත් දින්සර සහ සෙත්මික සෙනෙවිරත්න පිටියේ නොදැවී රැඳී සිටියා.
ඒ වෙද්දී නායක විමත් දින්සර පන්දු 57කට මුහුණ දෙමින් හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ලබා සිටි අතර සෙත්මික සෙනෙවිරත්න පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී නායක Joshua Dorne ලකුණු 36කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Brendan Boodoo, Jakeem Pollard, Zachary Carter සහ Shaquan Belle කඩුල්ල බැගින් දවා ගත්තා.
- ශ්‍රී ලංකාවේ පළමු උරගා බැලීම බංග්ලාදේශය සමඟින්
- අදින් ඇරඹෙන T20 ආසියානු කුසලාන තරග ඉතිහාසය
- කමිල් මිෂාර සහ කුසල් පෙරේරා සිම්බාබ්වේ වනසා දමයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වෙනවා. නමුත් ඉන් අනතුරු ව පිටියට එක් වූ Tyriek Bryan, Joshua Dorne සහ Jonathan Van Lange ශ්‍රී ලංකා පන්දු යවන්නන් අමාරුවේ දමමින් තම කණ්ඩායම තමන්ගේ ඉලක්කය කරා රැගෙන ගියා.
එහි දී නායක Joshua Dorne පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 95ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූවා. ඊට අමතර ව Tyriek Bryan රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 52ක්. ඔහුගේ ඉනිමට පන්දු 90ක් වැය ව තිබූ අතර ඊට හතරේ පහර 5ක් සහ හයේ පහරක් එක් කර තිබුණා.
ඔවුන් දෙදෙනා එක් ව කොදෙව් ඉනිමේ සිව් වැනි කඩුල්ලට පන්දු 80ක දී ලකුණු 60ක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටීමෙන් අනතුරු ව නැවත බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ සාර්ථක ලකුණු සබඳතාවක් එක් වෙන්නේ 6 වැනි කඩුල්ලට.
එහි දී පෙරමුණ ගන්නේ Joshua Dorne සහ Jonathan Van Lange. ඔවුන් පන්දු 84ක දී ලකුණු 115ක් එක් කරනවා. එම සබඳතාව වෙනුවෙන් Jonathan Van Lange පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 50ක් එක් කරනවා.
ඔවුන්ට අමතර ව මෙම ජයග්‍රහණයේ දී Zachary Carter පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ද සහ Shaquan Belle පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 21ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී විග්නේශ්වරන් ආකාශ් ලකුණු 41කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර සෙත්මික සෙනෙවිරත්න කඩුලු 2ක් ද, රසිත් නිම්සර සහ චාමික හීනටිගල කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 287 (50.0) දිමන්ත මහවිතාන 49, විරාන් චමුදිත 88, විමත් දින්සර නොදැවී 58, සේතමික සෙනෙවිරත්න නොදැවී 18, Joshua Dorne 2/36
- බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 289 (48.4) Tyriek Bryan 52, Zachary Carter 31, Joshua Dorne 95, Jonathan Van Lange 50, Shaquan Belle නොදැවී 21, සෙත්මික සෙනෙවිරත්න 2/40, විගේනේශ්වරන් ආකාශ් 3/41
බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
දෙරට අතර පැවැත්වෙන 7 වැනි සහ අවසන් යොවුන් එක්දින තරගය සැප්තැම්බර් මස 15 වැනිදා Antigua හී ශ්‍රීමත් Vivian Richards ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<