වසර 19ක ශ්‍රී ලංකා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ප්‍රතිවාදී කණ්ඩායමක් ඉදිරියේ දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාවන් අතර 2 වැනි තැනට පත් ඉනිමත් සමඟින් නිමා වු ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගයෙන් කඩුලු 5ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.
ඒ අනුව තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය 1-1ක් ලෙසින් සම කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම (06) සමත් වෙනවා.
Harare නුවර දී නිමා වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සිම්බාබ්වේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 80ක් ලබා ගත් අතර එම ඉලක්කය තරගය නිමා වීමට තවත් පන්දු 34ක් සහ කඩුලු 5ක් ඉතිරි ව තබා ගනිමින් සපුරා ගැනීමට සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සමත් වූවා.
මෙම තරගයේ දී ශ්‍රී ලංකාව රැස් කරන ලද ලකුණු 80, ශ්‍රී ලංකා කණ්ඩායමක් සිම්බාබ්වේ කණ්ඩායමක් හමුවේ දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාව බවට පත් වූවා.
ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලබා සිටි අඩු ම ලකුණු සංඛ්‍යාව බවට පත් ව තිබුණේ 2024 වසරේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු 144යි. එමෙන් ම ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕනෑ ම කණ්ඩායමක් හමුවේ ලබා සිටි අඩු ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ 2024 වසරේ දී New York හි දී දකුණු අප්‍රිකාව හමුවේ දැවී ගිය ලකුණු 77යි.
මෙම කණ්ඩායම නම් කිරීමේ දී පෙර තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ කුසල් පෙරේරා සහ නුවන් තුෂාර වෙනුවට කමිල් මිෂාර සහ බිනුර ප්‍රනාන්දු එක් කර තිබුණා. සිම්බාබ්වේ කණ්ඩායම මෙම තරගයට සහභාගී වෙන්නේ පෙර තරගයට එක් වූ කණ්ඩායමයි.
ශ්‍රී ලංකා කණ්ඩායම
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), කමිල් මිෂාර, නුවනිඳු ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, දුශාන් හේමන්ත, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ සහ බිනුර ප්‍රනාන්දු.
සිම්බාබ්වේ කණ්ඩායම
Sikandar Raza (නායක), Brian Bennett, Tadiwanashe Marumani (කඩුලු රකින්නා), Sean Williams, Ryan Burl, Tashinga Musekiwa, Tony Munyonga, Brad Evans, Richard Ngarava, Blessing Muzarabani, Tinotenda Maposa.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 38ක් වෙද්දී ක්‍රීඩාගාරයට නැවත හරවා යැවීමට සිම්බාබ්වේ පන්දු යවන්නෝ සමත් වෙනවා. ඒ වෙද්දී කුසල් මෙන්ඩිස් (1), පැතුම් නිස්සංක (8), නුවනිඳු ප්‍රනාන්දු (1) , කමිල් මිෂාර (20) සහ කමිඳු මෙන්ඩිස් (0) තම ඉනිම් අවසන් කර තිබුණා.
මේ අතුරින් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු වූ කමිල් මිෂාර තම ඉනිමට පන්දු 20ක් වැය කර තිබූ අතර ඊට හතරේ පහර 4ක් ද එක් කර තිබුණා.
ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වූයේ චරිත් අසලංක සහ දසුන් ශානක එක් ව 6 වැනි කඩුල්ලට එක් කළ ලකුණු 26යි. ඒ අතරට දසුන් ශානක පන්දු 21කට මුහුණ දෙමින් ලකුණු 15ක් ලබා ගත්තා.
ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙසින් නායක චරිත් අසලංක දැවී යන විට පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා තිබුණා. දැවී ගිය අනෙක් පිතිකරුවන් වූ දුශාන් හේමන්ත (7), දුෂ්මන්ත චමීර (0), මහීෂ් තීක්ෂණ (6) සහ බිනුර ප්‍රනාන්දු (නොදැවී 0) අඩු ලකුණුවලට සීමා වුණා.
කඩුලු දවා ගැනීමේ දී Sikandar Raza ලකුණු 11කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Brad Evans ලකුණු 15කට කඩුලු 3ක් ද, Blessing Muzarabani කඩුලු 2ක් ද සහ Sean Williams කඩුල්ලක් ද දවා ගත්තා.
- 23න් පහළ පිටියට අදත් ශතක 5ක්
- කමිඳුගෙන් ජයග්‍රාහී ඉනිමක්
- යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල තබයි
- ශ්‍රී ලංකාව 2-0කින් සිම්බාබ්වේ පරාජය කරයි
- පළමු පෙළ ක්‍රීඩකයින් සහ සහය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට රක්ෂණ ආවරණයක්
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Tashinga Musekiwa. ඔහු පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා ගත්තා.
ඊට අමතර ව Ryan Burl පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනාට අමතර ව Brian Bennett පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 19ක් ද සහ Tadiwanashe Marumani පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 19කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව බිනුර ප්‍රනාන්දු සහ මහීෂ් තීක්ෂණ කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකාව – සියලුම දො දැවී 80 (17.4) කමිල් මිෂාර 20, Blessing Muzarabani 2/14, Brad Evans 3/15, Sikandar Raza 3/11
- සිම්බාබ්වේ – කඩුලු 5ක් දැවී 84 (14.2) Ryan Burl නොදැවී 20, Tashinga Musekiwa නොදැවී 21, දුෂ්මන්ත චමීර 3/19
සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
- තරගයේ වීරයා – Sikandar Raza (සිම්බාබ්වේ)
දෙරට අතර පැවැත්වෙන 3 වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය සැප්තැම්බර් මස 07 වැනිදා (හෙට) Harare නුවර දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<