Home Sinhala බංග්ලාදේශය මංගල තරගාවලි ජය ලබයි

බංග්ලාදේශය මංගල තරගාවලි ජය ලබයි

Bangladesh tour of Sri Lanka 2025 

122
Bangladesh Tour of Sri Lanka 2025 – 3rd T20I

ශ්‍රී ලංකා – බංග්ලාදේශ විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහි ව මංගල තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ අද (16) සමත් වෙනවා. 

දෙරට අතර ද්විත්ව රටවල් තරගාවලි 6ක් මේ දක්වා පවත්වා ඇති අතර ඔවුන්ට මේ තරගාවලියට පෙර සැනසීමක් ලද එක ම තරගාවලිය වී තිබුණේ 2016/17 තරග සමයේ පැවැති තරගාවලියයි. ඒ එම තරගාවලිය 1-1ක් සේ සම ව තිබූ බැවිනුයි.  

නමුත් අද කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ 3 වැනි සහ අවසන් තරගයේ දී කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබා ගන්නා ඔවුන් තරගාවලියේ තරග 2-1ක් සේ ජයග්‍රහණය කරමින් මෙම සැමරුම ලබා ගත්තා. 

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 132ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වෙනවා.   

අද තරගයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වෙනස්කම් ද්විත්වයක් සිදු කර තිබූ අතර ඒ අනුව පෙර තරගයට ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න වෙනුවට දිනේෂ් චන්දිමාල් සහ කමිඳු මෙන්ඩිස් එක් කර තිබුණා.  

සංචාරක බංග්ලාදේශ ක්‍රීඩකයෝ ද අද තරගයට එක් වූයේ වෙනස්කම් ද්විත්වයක් සහිතවයි. ඒ අනුව ඔවුන්ගේ කණ්ඩායමට Tanzim Hasan Sakib සහ Mahedi Hasan එක්කර තිබුණේ Mohammad Saifuddin සහ Mehidy Hasan Miraz වෙනුවටයි. 

ශ්‍රී ලංකාව 

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, කමිඳු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාර. 

බංග්ලාදේශය 

Litton Das (නායක සහ කඩුලු රකින්නා), Parvez Hossain Emon, Tanzid Hasan, Towhid Hridoy, Shamim Hossain, Rishad Hossain, Mustafizur rahman, Shoriful Islam සහ Jaker Ali Anik. 

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමයි. ඒ අනුව සුපුරුදු ලෙසින් පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ඉනිම ආරම්භ කළ අතර ඔවුන්ගේ සබඳතාව පැවැතියේ පන්දු 6ක් දක්වා පමණයි. එම පන්දුවාරයේ දී කුසල් මෙන්ඩිස් පන්දු 4කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 6ක් ලබා සිටිය දී දැවී යනවා.  

අනතුරු ව කුසල් පෙරේරා (0), දිනේෂ් චන්දිමාල් (4) සහ නායක චරිත් අසලංක (3) අඩු ලකුණුවලට ඉනිම් හැර යද්දී පැතුම් නිස්සංකට සිදු වෙන්නේ අනෙක් අන්තයේ සිට බලා සිටීම පමණයි. ඔවුන්ගේ දැවී යෑම් සමඟින් ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 49ක් ලෙසයි.  

අනතුරු ව පැතුම් නිස්සංක ඉනිම හැර යන විට පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබා සිටියා. ඔහු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වන විට පසු පෙළින් පිටියට පිවිසි දසුන් ශානක ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 35ක් ලබා සිටියා. 

ඔහු කමිඳු මෙන්ඩිස් හා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 16ක දී ලකුණු 22ක් එක් කරනවා. කමිඳු මෙන්ඩිස් දැවී යන විට පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා සිටියා.  

ඊට අමතර ව ජෙෆ්රි වැන්ඩර්සේ පන්දු 14කට මුහුණ දෙමින් ලකුණු 7ක් ද සහ මහීෂ් තීක්ෂණ පන්දු 9කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 9ක් ද ලබා සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී අද තරගයට එක් වූ දකුණතින් පිට දඟ පන්දු යැවූ Mahedi Hasan ලකුණු 11කට කඩුලු 4ක් දවා ගත් අතර එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ඉහළ ම දක්ෂතාව ද වූ අතර ඊට අමතර ව ඔහු මේ දක්ෂතාවත් සමඟින් විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 50 කඩඉම ද පසු කිරීමට සමත් වෙනවා.  

ඔහුට අමතර ව Shamim Hossain, Mustafizur Rahman සහ Shoriful Islam කඩුල්ල බැගින් දවා ගන්නවා.  

බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල පළමු පන්දුවෙන් ම දවා ගැනීමට නුවන් තුෂාර සමත් වූවත් එතැන් සිට ඔවුන්ට තවත් කඩුල්ලක් දවා ගැනීමට පන්දු 50ක් යැවීමට සිදු වෙනවා.  

පළමු කඩුල්ල ලෙසින් Parvez Hossain Emon ලකුණු නොලබා දැවී ගිය ද එතැන් සිට ඉනිම ගොඩ ගැනීමට Tanzid Hasan සහ නායක Litton Das සමත් වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී සිහිනයන් බොඳ කරවමිනුයි. එහි දී ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 74ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Litton Das පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟිනුයි.  

එම කඩුල්ලෙන් පසුව Tanzid Hasan සහ Towhid Hridoy එක් ව තරගය අවසන් කරන්නේ ඔවුන්ගේ ඉනිමේ තවත් පන්දු 21ක් ද ඉතිරි කර ගනිමිනුයි. එහි දී Tanzid Hasan පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 73ක් ද සහ Towhid Hridoy පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 27ක් ද ලබා සිටියා.  

Tanzid Hasan අද රැස් කළේ තම විස්සයි විස්ස තරග දිවියේ ඉනිමක ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.  

බංග්ලාදේශ ඉනිමේ දැවී ගිය කඩුලු ද්විත්වය නුවන් තුෂාර සහ කමිඳු මෙන්ඩිස් අතරේ බෙදී යනවා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • ශ්‍රී ලංකාවකඩුලු 7ක් දැවී 132 (20.0) පැතුම් නිස්සංක 46, කමිඳු මෙන්ඩිස් 21, දසුන් ශානක නොදැවී 35,  Mahedi Hasan 4/11
  • බංග්ලාදේශයකඩුලු 2ක් දැවී 133 (16.3) Tanzid Hasan නොදැවී 73, Litton Das 32, Towhid Hridoy නොදැවී 27

බංග්ලාදේශයට කඩුලු 8ක ජයක්. 

  • තරගයේ වීරයා – Mahedi Hasan (බංග්ලාදේශය) 
  • තරගාවලියේ වීරයා – Litton Das (බංග්ලාදේශය)  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Sri Lanka
132/7 (20)

Bangladesh
133/2 (16.3)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c & b Mahedi Hasan 46 39 4 0 117.95
Kusal Mendis c Towhid Hridoy b Shoriful Islam 6 4 1 0 150.00
Kusal Perera c Tanzid Hasan b Mahedi Hasan 0 1 0 0 0.00
Dinesh Chandimal c Jaker Ali b Mahedi Hasan 4 5 0 0 80.00
Charith Asalanka b Mahedi Hasan 3 8 0 0 37.50
Kamindu Mendis c Tanzim Hasan Sakib b Shamim Hossain 21 15 1 1 140.00
Dasun Shanaka not out 35 25 2 0 140.00
Jeffery Vandersay c Tanzim Hasan Sakib b Mustafizur Rahman 7 14 0 0 50.00
Maheesh Theekshana not out 6 9 0 0 66.67


Extras 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0)
Total 132/7 (20 Overs, RR: 6.6)
Bowling O M R W Econ
Shoriful Islam 4 0 50 1 12.50
Mahedi Hasan 4 1 11 4 2.75
Mustafizur Rahman 4 0 17 1 4.25
Tanzim Hasan Sakib 2 0 23 0 11.50
Shamim Hossain 2 0 10 1 5.00
Rishad Hossain 4 0 20 0 5.00


Batsmen R B 4s 6s SR
Parvez Hossain Emon lbw b Nuwan Thushara 0 1 0 0 0.00
Tanzid Hasan not out 73 47 1 6 155.32
Liton Das c Kusal Perera b Kamindu Mendis 32 26 2 1 123.08
Towhid Hridoy not out 27 25 1 1 108.00


Extras 1 (b 0 , lb 1 , nb 0, w 0, pen 0)
Total 133/2 (16.3 Overs, RR: 8.06)
Bowling O M R W Econ
Nuwan Thushara 3 0 25 1 8.33
Binura Fernando 2 0 11 0 5.50
Maheesh Theekshana 3.3 0 30 0 9.09
Charith Asalanka 1 0 16 0 16.00
Jeffery Vandersay 4 0 29 0 7.25
Kamindu Mendis 3 0 21 1 7.00