ඕස්ට්‍රේලියාවට යන ශ්‍රී ලංකා A සංචිත නම් කරයි

Sri Lanka A Tour Of Australia 2025

11
Sri Lanka A Tour Of Australia 2025

ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයක් සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා A සංචිතය ප්‍රකාශයට පත් කළා.

එක්දින සහ සිව්දින තරගවලින් සමන්විත මෙම තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමිත පන්දුවාර නායකයා ලෙස ලහිරු උදාර ද, සිව් දින සංචිතයේ නායකයා ලෙස පසිඳු සූරියබණ්ඩාර ද නම් කර තිබෙනවා.

එක්දින සංචිතය:

කමිල් මිශාර, ලහිරු උදාර (නායක), ලසිත් කෲස්පුල්ලේ, පසිඳු සූරියබණ්ඩාර, නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, චමිඳු වික්‍රමසිංහ, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, ප්‍රමෝද් මදුශාන්, මොහොමඩ් ශිරාස්, දුශාන් හේමන්ත, වනුජ සහන්

සිව්දින සංචිතය:

ලහිරු උදාර, කමිල් මිශාර, රවිඳු රසන්ත, පසිඳු සූරියබණ්ඩාර (නායක), නුවනිඳු ප්‍රනාන්දු, පවන් රත්නායක, විශාද් රන්දික, සොහාන් ද ලිවේරා, සොනාල් දිනූශ, ශිරාන් ප්‍රනාන්දු, ඉසිත විජේසුන්දර, අසන්ක මනෝජ්, මොහොමඩ් ශිරාස්, ප්‍රමෝද් මදුශාන්, වනුජ සහන්, නිශාන් පීරිස්

තරගාවලියේ එක්දින තරග එළඹෙන 04, 06 සහ 09 යන දිනවල දී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම සිව්දින තරග එළඹෙන 13 සිට 16 දක්වාත්, 20 සිට 23 දක්වාත් ක්‍රියාත්මක වනු ඇති.

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<