ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ දින තහවුරුයි

Sri Lanka A Tour of Australia 2025

253
Sri-Lanka-‘A’-squad-1

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම විසින් එළඹෙන ජුලි මාසයේ දී සිදු කිරිමට් නියමිත ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම තරගාවලියට එක්දින තරග ත්‍රිත්වයක් සහ සිව්දින තරග ද්විත්වයක් ඇතුළත් වනු ඇති. එම තරග සියල්ල ඕස්ට්‍රේලියාවේ Drawin හි Marrara ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරග කාලසටහන;

  • පළමු එක්දින තරගය – ජූලි 04
  • දෙවැනි එක්දින තරගය – ජූලි 06
  • තෙවැනි එක්දින තරගය – ජූලි 09
  • පළමු සිව්දින තරගය – ජූලි 13 – 16 දක්වා
  • දෙවැනි සිව්දින තරගය – ජූලි 20 – 23 දක්වා

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<