ඕස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

747

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද (25) නම් කර තිබුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා නම් කළ 18 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්න හටයි.

ආබාධයක් නිසාවෙන් නිමා වූ බංග්ලාදේශ සංචාරය අහිමි වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නැවතත් ටෙස්ට් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම බංග්ලාදේශ සංචාරයේ සංචිතයට ඇතුළත් වූ සුමින්ද ලක්ෂාන් වෙනුවට පා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය,

දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩර්සේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<