වෙළඳසේවා තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමකුත්

1060

මෙම වසරේ සිට වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙළඳසේවා ප්‍රිමියර් ලීග් පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් කණ්ඩායමක් ක්‍රීඩා කරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.

2021 වසරේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා තරුණ ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත් කරන ලෙස වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සිදු කරන ලද ඉල්ලීමක් සලකා බලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම තීරණය ගෙන තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන හා නැගීඑන කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්ගෙන් සමන්විත මේ කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනෙන අතර ඒ හරහා තරගකාරීත්වයෙන් යුතු තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ක්‍රීඩකයින්ට උදාවනු ඇත.

2021 අප්‍රේල් 18 වැනිදා සිට මැයි 02 වැනිදා දක්වා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෙරට පෞද්ගලික අංශයේ ප්‍රමුඛතම ආයතන 6ක් තරග වදිනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<