කිවියන්ට නැවතත් ක්‍රිකට් උණුහුම විඳින්න අවස්ථාවක්

376

කොරෝනා වසංගත තත්වය තරමක් පාලනය වී තිබෙන නිසා නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් කටයුතු මේ සතියේ සිට නැවතත් ආරම්භ කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.

කෝලි සමඟ වැඩ කිරීම අසීරු ද? උපනායකයා උත්තර දෙයි

නවසීලන්ත ක්‍රිකට් ආයතනය අද (13) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළ අතර ඒ අනුව ඉදිරි මාස කිහිපය තුල නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා (කාන්තා සහ පිරිමි) නේවාසික පුහුණු කඳවුරු 6ක් සූදානම් කර ඇත. ඒවා සියල්ල එරට තුල පිහිටි උසස් පුහුණුවීම් මධ්‍යස්ථාන (High Performance centre) තුල පැවැත්වීමට සැලසුම් කර තිබේ.

“සවුත් අයිලන්ඩ් සහ වෙලින්ටන් පදනම් කරගත් බ්ලැක් කැප්ස් (නවසීලන්ත පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයින්) සහ වයිට් ෆර්න්ස් (නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවන්) මේ සතියේ කැන්ටබරි කේන්ද්‍රයේ පුහුණු වන අතර අනෙක් ක්‍රීඩකයින් සඳහා පැවැත්වෙන දෙවන පුහුණු කඳවුර ජූලි 19 සිට බේ ඕවල් හිදී ආරම්භ වෙනවා” නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

නවසීලන්තය තුල මේ වන විට Covid-19 ආසාදිත පුද්ගලයින් ගණන 1544ක් වාර්තා වී තිබෙන අතර ඉන් සුවය ලබා තිබෙන පුද්ගලයින් 1497ක් සුවය ලබා තිබේ. එසේම නවසීලන්තය තුළ පුද්ගලයින් 22ක් මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

Covid-19 වයිරසයට ගොදුරු වී සිටින සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර ඔබත් සෞඛ්‍යාරක්ෂිත උපදෙස් නිසි ලෙස පිළිපදිමින් ආරක්ෂිතව සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<