මංගල 100 ලාභ අලාභ ගැන ලොකු පුටුවල මත ගැටුමක්

68
The Hundred

The Hundred තරගාවලියේ පළමු අදියර ලාභයක් උපයන තරගාවලියක් වේ යැයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය කර තිබුණු ප්‍රකාශය සරේ හි ප්‍රධාන විධායක රිචඩ් ගෝල්ඩ් අභියෝගයට ලක් කරනවා.

මංගල සීයේ තරගාවලිය කල් යයි

The Hundred තරගාවලියේ මංගල තරග වාරය COVID-19 වයිරස ව්‍යාප්තිය නිසා 2021 වසර දක්වා..

COVID-19 වසංගත තත්වය නිසා පැන නැගුණු ආර්ථික අර්බුද නිසා විශේෂයෙන්ම ආර්ථික වශයෙන් වටිනා තරගාවලියක් වේ යැයි සලකන The Hundred තරගාවලිය සම්පූර්ණයෙන්ම අතහැර නොදමා කල් දමා පවත්වන්නට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය දා තීරණය කළා. 

මෙවන් නැවුම් තරගාවලියක් ආරම්භ කිරීම අභියෝගයක් වුනත්, එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක ටොම් හැරිසන් පවසා තිබුණේ මේ තරගාවලිය “ලාහ උල්පතක්” වනු ඇති බවයි. 

එංගලන්ත සංස්කෘතික හා ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ සමුළුවක දී තරගාවලියේ පළමු අදියරේ ලාභය හා පාඩුව පිළිබඳව විමසූ විට හැරිසන් පවසා තිබුණේ, “ඔබ ළඟ තිබෙන ඉලක්කම් වැරදියි, ආදායම වන පවුම් මිලියන 51ට එරෙහිව අපි පවුම් මිලියන 40ක් පමණයි වියදම් කරන්නේ.” 

කෙසේ වෙතත් තරගාවලිය මුලින් සැලසුම් කරද්දී එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පවුම් මිලියන 15ක පාඩුවක් අපේක්ෂා කර තිබුණා. කෙසේ වෙතත් හැරිසන් ඉහත සමුළුවේ දී පවසා තිබුණු මුදල් ප්‍රමාණවලට එංගලන්තයේ කවුන්ටි කණ්ඩායම් හා MCC ක්‍රීඩා සමාජය වෙත ගෙවන්නට නියමිතව තිබුණු පවුම් මිලියන 1.3ක මුදල ඇතුළත්ව තිබුණේ නැහැ.

කෙසේ වෙතත් හැරිසන් කවුන්ටි කණ්ඩායම් හා MCC වෙත ගෙවන්නට තිබුණු මුදල ලාභ හා පාඩුවලට අදාළ මුදලක් නොවන බවත්, එය ලාභාංශවලට අදාළ මුදලක් බවත් පවසා තිබුණා. “ඒ මුදල් කවුන්ටි ක්‍රීඩා සමාජ හා MCC ක්‍රීඩා සමාජය නව තරගාවලියක් ක්‍රීඩා කරන්නට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයට අවසර දෙනවාට ලබා දෙන මුදල්, එම මුදල් ලාභ හා පාඩුවලට අදාළ නැහැ, ඒවා අදාළ වෙන්නේ ලාභාංශවලට.”

කෙසේ වෙතත් මෙම ප්‍රකාශයට සරේ ප්‍රධාන විධායක ගෝල්ඩ් සිය විරෝධය පළ කරනවා. “මම හිතන්නේ නැහැ මේ අවස්ථාවේ දී තරගාවලිය ලාභයක් උපයයි කියලා, මොකද කවුන්ටි කණ්ඩායම්වලටත් මුදල් ලබා දී තිබෙන නිසා” ඔහු ස්කයි ස්පෝර්ට්ස් වෙත පවසා තිබුණා. “ඒ එංගලන්ත සාම්ප්‍රදායික තරග වාරය මැද සති හයක විරාමයක් මෙම නව තරගාවලියට යොදා ගන්නයි.”

The Hundred තරගාවලියේ ඉදිරිය අවිනිශ්චිතයි

විවාදාත්මක මංගල The Hundred තරගාවලිය පැවැත්වීම පිළිබඳ විවාදාත්මක තත්වයක්..

“මම කැමති නැහැ එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ වාදයක් ඇති කර ගන්න, නමුත් මම හිතන්නේ මේ වියදම් සේරමත් මුළු ගණන් සෑදීම්වලට ඇතුළත් කරන්න ඕන. ඒකෙන් අපිට හරිම තත්වය තේරුම් ගන්න පුළුවන්.”

ESPN Cricinfo වෙබ් අඩවිය තවත් කවුන්ටි ප්‍රධාන විධායක නිලධාරියෙක් උපුටා දක්වමින් සටහන් තබා තිබුණේ තරගාවලිය මුලින්ම යෝජනා කර සංවිධානය කරද්දී ලබා ගත් විශේෂඥයන්ගේ අදහස්වලට, කණ්ඩායම් සාකච්ඡාවලට ගිය මුදල් කිසිවක් මෙම ලාභ – පාඩු දත්ත ගණනයන්ට ඇතුළත් කර නොමැති බවයි. එම වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ පවුම් මිලියන 15ක් පමණ ඒ සඳහා වැය කර ඇති බවයි.

COVID-19 වසංගතය නිසා ක්‍රිකට් ක්‍රීඩාවට පවුම් මිලියන 100ක් පමණ පාඩු වී ඇති මොහොතක, එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වන මිලියන ගණනක ලාභ වෙනුවට මිලියන ගණනක පාඩු සිදු විය හැකි යැයි Cricbuzz වෙබ් අඩවිය පවසා සිටිනවා. දිගටම ක්‍රිකට් ක්‍රීඩා කරන්නට නොමැති වුවහොත් එම ක්‍රිකට් ක්‍රීඩාවට වූ අලාභය පවුම් මිලියන 380ක් දක්වා වැඩි වනු ඇතැයි ද අපේක්ෂා කරනවා.

“IPL තරගාවලියට පසුව ලොව කෙටිම ක්‍රිකට් තරගාවලියක් වන The Hundred තරගාවලිය වසරින් වසර ලාභ උපයනවා නොව පළමු වසරේ සිටම ලාභ උපයනවා. ඒ වගේම අපිට ඉදිරියේ දී මුදල් උපයන්න අලුත් ආකාරයකුත් ලබා දෙනවා” හැරිසන් තවදුරටත් පවසා තිබුණා.

“මේ මොහොතේ දී අපේ ආදායමෙන් හතරෙන් තුනක් එන්නේ මාධ්‍ය විකාශන අයිතීන් ලබා දීමෙන්, දිගු කාලීන ව්‍යාපාරික සැලැස්මක් හා ක්‍රීඩාවේ අනාගතය ගැන හිතන කොට මෙය අවදානමක් ලෙස පෙනී යන්නටත් පුළුවන්. එනමුත් අපේ අනාගත ආදායම් විවිධාංගිකරණය කරන්නට මෙම තරගාවලිය උදව් කරනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<