පාසල් රග්බි C කාණ්ඩයේ කාලසටහන නිකුත්වේ

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය 2020

248

B කාණ්ඩයට පිවිසීමේ අරමුණින් කණ්ඩායම් 12ක් මෙවර අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ C කාණ්ඩයේ තරග වැදීමට නියමිතයි. ඉන් කණ්ඩායම් දෙකකට පමණක් මීළඟ තරග වාරයේ දී B කාණ්ඩයට පිවිසීමට අවස්ථාව හිමි වනු ඇත.  

පාසල් රග්බි කාලසටහන නිකුත් වෙයි

තරගකාරීත්වය, දක්ෂතාවය, වාසනාව සහ උද්වේගකර බව මුසු වූ අන්තර් පාසල් රග්බි තරගාවලිය එළඹෙන …

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය පසුගියදා C කාණ්ඩයේ කණ්ඩායම් හා තරග කාලසටහන එළි දක්වා තිබුණා.

සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය පසුගිය වසරේදී B කාණ්ඩයේ සිට C කාණ්ඩය දක්වා පහළට වැටුණු අතර පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය II කාණ්ඩයේ සිට IC කාණ්ඩය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වීම විශේෂත්වයක්. 

පිළියන්දල මාධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම හා දේවපතිරාජ විද්‍යාලයීය කණ්ඩායම වැනි ප්‍රබල කණ්ඩායම් කිහිපයක් සමඟින් C කාණ්ඩය අතිශය තරගකාරී වනු ඇත.   

C කාණ්ඩයේ කණ්ඩායම් බෙදී ඇත්තේ මේ අයුරින්.

I ‘C’ කාණ්ඩය  Division II ‘C’  කාණ්ඩය
1 පිළියන්දල මධ්‍ය විද්‍යාලය  දේවපතිරාජ විද්‍යාලය
2 ශ්‍රී රාහුල විද්‍යාලය රිච්මන්ඩ් විද්‍යාලය
3 ශ්‍රී පියරතන විද්‍යාලය මොරටුව මහා විද්‍යාලය
4 ධර්මපාල විද්‍යාලය නාලන්දා විද්‍යාලය
5 සාන්ත ජෝන් විද්‍යාලය කේරි විද්‍යාලය
6 ශ්‍රී සුමංගල විද්‍යාලය – පානදුර සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය 

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය පසුගිය වසරේ අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ දැක්වූ දක්ෂතා නිසාම මෙවර අනෙක් කණ්ඩායම්වලට ප්‍රබල තර්ජනයක් වනු ඇත. පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් දෙක B කාණ්ඩයේ අවසන් කණ්ඩායම් හතර සමඟ බඳුන ශුරතාවය සඳහා තරග කරනු ඇත.

C කාණ්ඩයේ තරග සැලැස්ම මෙසේයි.

සතිය දිනය  සත්කාරක  V
Week 1 මාර්තු  2 – 8 පිළියන්දල මාධ්‍ය විද්‍යාලය vs පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය
    දේවපතිරාජ විද්‍යාලය vs සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය
    සාන්ත ජෝන් විද්‍යාලය vs ශ්‍රී රාහුල විද්‍යාලය 
    රිච්මන්ඩ් විද්‍යාලය vs කේරි විද්‍යාලය
    ශ්‍රී පියරතන විද්‍යාලය vs ධර්මපාල විද්‍යාලය
    මොරටුව මහා විද්‍යාලය vs නාලන්දා විද්‍යාලය
Week 2 මාර්තු  9 – 15  පිළියන්දල මාධ්‍ය විද්‍යාලය vs සාන්ත ජෝන් විද්‍යාලය
    කේරි විද්‍යාලය vs දේවපතිරාජ විද්‍යාලය
    පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය vs ධර්මපාල විද්‍යාලය
    සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය vs නාලන්දා විද්‍යාලය
    ශ්‍රී පියරතන විද්‍යාලය vs ශ්‍රී රාහුල විද්‍යාලය 
    රිච්මන්ඩ් විද්‍යාලය vs මොරටුව මහා විද්‍යාලය
Week 3 මාර්තු  16 – 22  පිළියන්දල මාධ්‍ය ව්ද්‍යාලය  vs ධර්මපාල විද්‍යාලය
    දේවපතිරාජ විද්‍යාලය vs නාලන්දා විද්‍යාලය
    සාන්ත ජෝන් විද්‍යාලය vs ශ්‍රී පියරතන විද්‍යාලය
    කේරි විද්‍යාලය vs මොරටුව මහා විද්‍යාලය
    පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය vs ශ්‍රී රාහුල විද්‍යාලය 
    සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය vs රිච්මන්ඩ් විද්‍යාලය
Week 4 මාර්තු  23 – 29  පිළියන්දල මාධ්‍ය විද්‍යාලය vs ශ්‍රී පියරතන විද්‍යාලය
    දේවපතිරාජ විද්‍යාලය vs මොරටුව මහා විද්‍යාලය
    ශ්‍රී රාහුල විද්‍යාලය  vs ධර්මපාල විද්‍යාලය
    නාලන්දා විද්‍යාලය vs රිච්මන්ඩ් විද්‍යාලය
    සාන්ත ජෝන් විද්‍යාලය vs පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය
    කේරි විද්‍යාලය vs සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය
Week 5 මාර්තු  30 – 5  පිළියන්දල මාධ්‍ය විද්‍යාලය vs ශ්‍රී රාහුල විද්‍යාලය 
    දේවපතිරාජ විද්‍යාලය vs රිච්මන්ඩ් විද්‍යාලය
    ශ්‍රී පියරතන විද්‍යාලය vs පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය
    මොරටුව මහා විද්‍යාලය vs සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය
    ධර්මපාල විද්‍යාලය vs සාන්ත ජෝන් විද්‍යාලය
    නාලන්දා විද්‍යාලය vs කේරි විද්‍යාලය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<