සවිඳු පීරිස් ලකුණු 7කට කඩුලු 5ක් දවා ගනියි 

101

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B ක්‍රිකට් තරගාවලියේ අද (07) දින පැවති තරගයක දී ලකුණු 7කට කඩුලු 5ක් දවා ගැනීමට නාවික හමුදාවේ දකුණතින් පිට දඟපන්දු යවන සවිඳු පීරිස් සමත් වූයේය. 

ඉෂාන් සහ චලන කඩුලු 5 බැගින් ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B ක්‍රිකට් තරගාවලියේ…

නාවික හමුදාව සහ කැන්ඩි කස්ටම්ස් අතර තරගය

වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද ඇරඹි මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන් සතු කළහ. 

ඒ අනුව පිටියට පිවිසි කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩකයන් සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 46ක් පමණි. එම ඉනිමේ පිතිකරුවෝ 10 දෙනෙක් ම ලකුණු 10කට අඩුවෙන් දවා ගැනීමට නාවික හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී 21 හැවිරිදි සවිඳු පීරිස් ලකුණු 07කට කඩුලු 5ක් දවා ගත්තේය. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ ඉනිමක යැවූ හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා විය. 

ඊට අමතරව ඩිලන්ක අවර්ඩ් කඩුලු 4ක් දවා ගත්තේය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නාවික හමුදා ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 219ක් රැස්කර ගෙන සිටියහ. 

එම ඉනිම වෙනුවෙන් සුපුන් ලීලාරත්න සහ තරුෂාන් ඉද්දමල්ගොඩ අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීම කැපී පෙනුනි. 

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 46 (27) අකීල් ඉන්හාම් 13, ඩිලන්ක අවර්ඩ් 4/21, සවිඳු පීරිස් 5/07.  

නාවික හමුදා ක්‍රීඩා සමාජය : පළමු ඉනිම කඩුලු 6ක් දැවී 219 (63) සුපුන් ලීලාරත්න 62, තරුෂාන් ඉද්දමල්ගොඩ 65, ඩබ්ලිව්. මයන්ත 25, සචිත්‍ර පෙරේරා 4/69. 


ගුවන් හමුදාව සහ ගාල්ල අතර තරගය 

කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ගුවන් හමුදා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලු දෙනා දැවී රැස්කර ගැනීමට සමත් වූයේ ලකුණු 96ක් පමණි. 

ඊට පිළිතුරු ලෙසින් ගාල්ල ක්‍රීඩකයෝ පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස්කර ගෙන සිටියහ. එම ඉනිම වෙනුවෙන් විනුර දුල්සර නොදැවී ලකුණු 60ක් වාර්තා කළේය. 

ගුවන් හමුදා ක්‍රීඩා සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 96 (34.5) උදයවංශ පරාක්‍රම 22, නිලූෂාන් නෝනිස් 23, කවික ඩිල්ශාන් 3/29, සාරංග රාජගුරු 2/07. 

ගාල්ල ක්‍රිකට් සමාජය : පළමු ඉනිම කඩුලු 6ක් දැවී 165 (53) ජාකොබ් සචින් 35, විනුර දුල්සර නොදැවී 60, අරවින්ද ප්‍රේමරත්න 3/25, රශින්ද්‍ර සිල්වා 2/47. 


වරාය අධිකාරිය සහ කුරුණෑගල යූත් අතර තරගය 

දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට කුරුණෑගල යූත් ක්‍රීඩකයන් තම පළමු ඉනිමට රැස්කළ ලකුණු 235ට පිළිතුරු ලෙසින් වරාය අධිකාරිය කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 28ක් රැස්කර ගෙන සිටියහ. 

කුරුණෑගල ඉනිම වෙනුවෙන් කේශාන් වන්නිආරච්චි පන්දු 198කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 97ක් රැස්කර ගත්තේය. ඊට අමතරව රන්දීර රණසිංහ ද පන්දු 116කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 82ක් රැස්කර ගත්තේය. 

මෙම ඉනිමේ කඩුලු 5ක් ලකුණු 72කට දවා ගැනීමට චානක කොමසාරු සමත් විය. 

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය : පළමු ඉනිම සියලු දෙනා දැවී 235 (74.4) සමීර සඳමාල් 21, කේශාන් වන්නිආරච්චි 97, රන්දීර රණසිංහ 82, චානක කොමසාරු 5/72, රජීව වීරසිංහ 4/57. 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය : පළමු ඉනිම කඩුල්ලක් දැවී 28 (12.3) 

මෙම තරග ත්‍රිත්වය හෙට (08) දින දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතය. 

“වයස අදාළ නැහැ දක්ෂතාවයි වැදගත්” – චමරි අතපත්තු

වයස නොබලා දක්ෂතාවය අනුව ජාතික කණ්ඩායමට ක්‍රීඩිකාවන් ගන්නා බවත් දක්ෂතාවය…


ශ්‍රී ලංකා පොලිසිය සහ කළුතර ටවුන් අතර තරගය 

පොලිස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයෙන් කළුතර ටවුන් සමාජයට එරෙහිව කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට පොලිස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

තරගයේ තෙවැනි දිනය ආරම්භ වූයේ කළුතර ටවුන් සමාජ ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමේ දී ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 72ක් ඉදිරියෙන් සිටිමිනි. ඔවුන්ගේ ඉනිම නැවත වතාවක් ලකුණු 160කට සීමා වූයේ තරගයේ ජයග්‍රහණය සඳහා පොලිස් ක්‍රීඩකයන්ට ලකුණු 137ක ඉලක්කයක් ලබා දෙමිනි. 

පොලිස් ක්‍රීඩකයෝ කඩුලු 7ක් පමණක් දැවී එම ඉලක්කය පසු කිරීමට සමත් විය. මෙම තරගයේ දී පරාජිත කණ්ඩායමේ ඉෂාන් අබේරත්න ලකුණු 124කට කඩුලු 9ක් දවා ගත්තේය.  

කළුතර ටවුන් සමාජය : සියලු දෙනා දැවී 160 (65.1) නවීඩ් සර්වාර් 21, හසිත නිර්මාල් 45, ආර්. පුංචිහේවා 37, මොහොමඩ් ෆාහීම් 3/43, සුජාන් මයුර 2/21, අසෙල් සිගේරා 4/30. 

පොලිස් ක්‍රීඩා සමාජය : පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී පන්දුවාර 22ක දී කඩුල්ලක් දැවී 80) සියලු දෙනා දැවී 184 (61.2) ලක්ෂාන් රොද්‍රිගෝ 25, මධුරංග සොයිසා 49, වී. ඒ. ඉන්දුර්කර් 20, ගිටාන්ස් කෙහෙරා 65, ආර්. පුංචිහේවා 2/34, හසිත නිර්මාල් 2/50, ඉෂාන් අබේසේකර 5/48. 

කළුතර ටවුන් සමාජය : දෙවැනි ඉනිම (දෙවැනි දිනයට නතර කරන විට පන්දුවාර 49.3ක දී කඩුලු 7ක් දැවී 96) සියලු දෙනා දැවී 160 (68.3) හෂාන් චාමර 23, එරංග රත්නායක 34, ආර්. පුංචිහේවා 24, ඉෂාන් අබේසේකර 40, මංජුල ජයවර්ධන 4/31, ලහිරු දියන්ත 3/44, අසෙල් සිගේරා 2/37. 

පොලිස් ක්‍රිකට් සමාජය : දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 137 (30.2) සුපුන් මධුශංක 31, ගිටාන්ස් කෙහෙරා නොදැවී 43, හසිත නිර්මාල් 3/33, ඉෂාන් අබේසේකර 4/76.  

ත්‍රිත්ව ශතකලාභීන්ගේ නව සාමාජිකයා – රමේෂ් මෙන්ඩිස්

ශ්‍රී ලාංකීය ක්‍රිකට් පිටියේ ත්‍රිත්ව ශතකලාභීන්ගේ ලැයිස්තුව ඉතා කෙටිය. එහි අලුත්ම…


සෙබස්තියන් සහ පානදුර අතර තරගය 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සෙබස්තියනයිට්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලු දෙනා දැවී ලකුණු 126ක් රැස්කර ගත් අතර ප්‍රතිවාදී පානදුර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 238ක් රැස්කර ගත්හ. 

ලකුණු 112ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි සෙබස්තියන් ක්‍රීඩකයෝ තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 183ක් රැස්කර ගෙන සිටියහ. මේ වන විට සෙබස්තියනයිට්ස් ක්‍රීඩකයෝ ලකුණු 71ක් ඉදිරියෙන් සිටී. 

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 126 (51.2) කිරාන් ජෝෂි 33, ප්‍රභාත් ද සොයිසා නොදැවී 21, චලන ද සිල්වා 5/28, උමේෂ් කරුණාරත්න 3/30. 

පානදුර ක්‍රිකට් සමාජය : පළමු ඉනිම (තරගය පළමු දිනයට නතර කරන විට පන්දුවාර 28ක දී කඩුලු 4ක් දැවී 164) සියලු දෙනා දැවී 238 (66.1) විශ්ව චතුරංග 46, සංජික රිද්ම 39, හර්ෂ කුරේ 20, උමේෂ් කරුණාරත්න 56, රාජු ගයාෂාන් 21, රොෂාන් ජයතිස්ස 23, කුමාර් බොරේසා 4/66, නවීන් ගුණවර්ධන 4/40. 

සෙබස්තියනයිට්ස් ක්‍රිකට් සමාජය : දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 183 (61) කිරාන් ජෝෂි 59, සචින් ප්‍රනාන්දු 49, චලන ද සිල්වා 2/92, අසාර් අතාරි 3/15. 

මෙම තරගය හෙට (08) දින තෙවැනි දිනයට ක්‍රියාත්මකයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<