ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායම වාර්තා පොත් අලුත් කරයි

ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය 2020

153

ශ්‍රී ලංකා ගෘහස්ථ ජාතික ක්‍රිකට් කණ්ඩායම පසුගිය 15 වැනිදා එංගලන්ත ගෘහස්ථ ජාතික ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් එංගලන්තය සමඟ පැවති ගෘහස්ථ ක්‍රිකට් තරගාවලිය තරග 4-2 ක් ලෙස ජය ගැනීමට සමත් විය. 

සිම්බාබ්වේට එරෙහිව ඇඹුලාගෙන් කඩුලු 5ක්!

ශ්‍රී ලංකා පිළේ සිම්බාබ්වේ තරග සංචාරය අරඹමින් හරාරේ හිදී ක්‍රියාත්මක වන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.

ඒ අනුව වසර 20 ක ඉතිහාසයක් සඳහා හිමිකම් කියන ශ්‍රී ලංකා ගෘහස්ථ ක්‍රිකට් කණ්ඩායමක් දිවයිනෙන් පිටත දී ලබා ගත් පළමු තරගාවලි ජය ලෙස මෙය ඉතිහාසයට එකතු වූයේය. 

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම – රුමේෂ් පෙරේරා, කෝලිත හපුආරච්චි, නිලන්ත විජේකෝන්, මල්ෂාන් රොද්‍රිගෝ, සල්මාන් ෆාරිස්, ශෙහාන් විජේතුංග, ඉරෝෂන් ද සිල්වා සහ හේශාල් සිල්වා. 

තරගාවලියේ තරග ප්‍රතිඵල

  • පළමු තරගය – ශ්‍රී ලංකාවට ලකුණු 14 ක ජයක් 
  • දෙවන තරගය – එංගලන්තයට ලකුණු 39 ක ජයක් 
  • තෙවන තරගය – ශ්‍රී ලංකාවට ලකුණු 12 ක ජයක් 
  • සිව්වන තරගය – ශ්‍රී ලංකාවට ලකුණු 8 ක ජයක් 
  • පස්වන තරගය – එංගලන්තයට ලකුණු 2 ක ජයක් 
  • සයවන තරගය – ශ්‍රී ලංකාවට ලකුණු 10 ක ජයක් 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<