ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සිව්වැනි තරග දිනයේ දෙවන අදියර ඊයේ (6) පැවැත්වුනා. කලකට පසුව Real Madrid සුපිරි ජයක් වාර්තා කරන්නට සමත් වීම ඊයේ විශේෂත්වයක් වුනා.
Rodrygoගෙන් සුපිරි ගෝල ත්‍රිත්වයක්

18 හැවිරිදි බ්‍රසීල යොවුන් තරුව Rodrygo සිව්වැනි මිනිත්තුවේ දී 13 වතාවක් ශූරයින්ගේ ලීග් ශූරයින් වන Real Madrid තරගයේ පෙරමුණට ගෙන ආවේ ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙක් පරයා යමින්. මේ Rodrygoගේ පළමු ශූරයින්ගේ ලීග් ගෝලය වීම විශේෂත්වයක්.
අනතුරුව තරගයේ හත්වැනි මිනිත්තුවේ දී Marceloගේ හරස් පන්දු යොමු කිරීමක් හරවා ගෝල රාමුව වෙත එල්ල කරමින් ඔහු සිය දෙවන ගෝලය වාර්තා කළේ ශූරයින්ගේ ලීග් තරගාවලියේ ගෝල ද්විත්වයක් වාර්තා කළ වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වෙමින්.
යොවුන් Chelsea ක්‍රීඩකයින් පිටිය පෙරළද්දී Dortmundගෙන් සුපිරි තරගයක්
ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සිව්වැනි තරග දිනය ……..
13 වැනි මිනිත්තුවේ දී Real Madrid කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වුණු අතර නායක Sergio Ramos ඉතා පහසුවෙන් එම අවස්ථාව සාර්ථක කර ගත්තා. පළමු අර්ධය අවසන් වීමට පෙර Rodrygo නැවත වතාවක් ක්‍රියාත්මක වූ අතර ඔහුගේ සුපිරි ධාවනයකට පසුව Karim Benzema, Real Madrid සිව්වැනි ගෝලය වාර්තා කළා.
දෙවන අර්ධය ආරම්භයත් සමඟින් ශූරයින්ගේ කුසලානයේ Real Madrid වෙනුවෙන් සිය 50 වැනි ගෝලයත් රැස් කර ගනිමින් Benzema නැවත වතාවක් ක්‍රියාත්මක වුනා. සුපිරි තරගයක් අලංකාර ලෙස නිමා කරමින් 90+2 මිනිත්තුවේ දී Rodrygo සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කර ගත්තේ සිය මංගල තරගය අමතක නොව තරගයක් බවට පත් කර ගනිමින්.
අවසන් ලකුණු තත්වය: Real Madrid 06 – 00 Galatasaray
ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ
- Real Madrid – Rodrygo (4′, 7′, 90’+2′) Sergio Ramos (14′ PEN) Karim Benzema (45′, 81′)
Manchester City බලාපොරොත්තු බොඳ වේ

Raheem Sterlingගේ ගෝලයත් සමඟ City කණ්ඩායම සිය පළමු ගෝලය වාර්තා කළා. කෙසේ වෙතත් 49 වැනි මිනිත්තුවේ දී Mario Pasalic තරගයේ ගෝල සම කරන්නට සමත් වුනේ City කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරමින්.
81 වැනි මිනිත්තුවේ දී City ගෝල රකින ක්‍රීඩක Claudio Bravo හට රතු කාඩ්පතක් දී පිටියෙන් ඉවත් කරන්නට විනිසුරු තීරණය කළා. කෙසේ වෙතත් ඒ නිසා ආරක්ෂක ක්‍රීඩක Walker හට අවසන් මිනිත්තු කිහිපයේ ගෝල රකින්නට සිදුවීම විශේෂත්වයක්.
Video – ලීග් ශූරයින්ට ශාප ලත් සතියක්! | Football ලෝකය | Football Lokaya
Luis Suarezගේ ආබාධය Barcelonaට ……….
අවසන් ලකුණු තත්වය: Manchester City 01 – 01 Atalanta
ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ
- Manchester City – Raheem Sterling (7′)
- Atalanta- Mario Pasalic (49′)
Juventus අවසන් මිනිත්තුවේ ජය වාර්තා කරයි

Juventus පළමු ගෝලය වාර්තා වුනේ 3 වැනි මිනිත්තුවේ දීයි. Cristiano Ronaldoගේ නිදහස් පහරක් Lokomotiv ගෝල රකින්නා ආරක්ෂා කළත් ඊට තත්පර කිහිපයකට පසුව Aaron Ramsey අලංකාර ලෙස පන්දුව දැල් ගත කළා.
ශ්‍රී ලංකාවට අසාර්ථක ආරම්භයක්
2020 වසරේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් ……….
තරගයේ අටවැනි මිනිත්තුවේ දී Aleksei Miranchuk තරගයේ ගෝල සම කරන්නට සමත් වුනේ ඔහුගේම ප්‍රහාරයක් ගෝල රාමුවේ වැදී ආපසු ආ මොහොතක් අනගි ලෙස ප්‍රයෝජනයට ගනිමින්.
කෙසේ වෙතත් තරගයේ අවසන් මොහොත වන තුරුම කිසිදු කණ්ඩායමක් නැවතත් ගෝල වාර්තා කරන්නට සමත් වුණේ නැහැ. 90+3 මොහොතේ ක්‍රියාත්මක වුණු Costa, Gonzalo Higuainගේ පන්දු හුවමාරුවක් උපයෝගී කරගනිමින් තරගයේ ජයග්‍රාහි ගෝලය වාර්තා කළේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ මොහොතකයි.
අවසන් ලකුණු තත්වය: Juventus 02 – 01 Lokomotiv Moscow
ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ
- Juventus – Aaron Ramsey (3′), Douglas Costa (90’+3′)
- Lokomotiv Moscow – Aleksei Miranchuk (12′)
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<





















