දනුෂ්ක සහ සඳුන්ගේ පිතිහරඹයෙන් පහසුවෙන්ම ශූරතාවය SSCට

778

දනුෂ්ක ගුණතිලක සහ සඳුන් වීරක්කොඩි එක්ව ගොඩ නැගූ ද්විත්ව ශතක සබඳතා ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Major League එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ලෙහෙසියෙන්ම දිනා ගැනීමට මේට්ලන්ඩ් පෙදෙස පදිංචි එස්. එස්. සී. ක්‍රීඩකයෝ සමත් වූහ

දිමුත්ගේ පෙරළිකාර පිතිකරණය සමඟින් SSC අවසන් සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී, විස්සයි විස්ස

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (19) නිමා වූ මෙම තරගයේ එස්. එස්. සී. කණ්ඩායම වෙතින් පරාජයට පත් වූයේ අසල්වාසි මේට්ලන්ඩ් ක්‍රසන්ට් හී පදිංචි සී. සී. සී. ක්‍රීඩකයෝ ය. ඔවුන් මෙවර පැවති ප්‍රධානතම තරගාවලියේ ලීග් ශූරයන් වේ.

කාසියේ වාසිය දිනා පළමුවෙන්ම පන්දුවට පහර දී ම තෝරාගත් සී. සී. සී. කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 250ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙසින් එස්. එස්. සී. ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 254ක් ලබා ගත්හ. ඔවුන් ප්‍රතිවාදී ලකුණු ප්‍රමාණය පසු කළේ තවත් කඩුලු 7ක් සහ පන්දු 34ක් ද අතැතිව ය.

Photos: SSC vs CCC | Major Limited Over Tournament 2018/19 – Finals

පළමුවෙන් පන්දුවට පහර දුන් සී. සී. සී. ඉනිම වෙනුවෙන් හොඳම ඉනිම ක්‍රීඩා කළේ මිනෝද් භානුක ය. ඔහු පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තේ ය. ආරම්භක පිතිකරු ඩිල්ෂාන් මුණවීර පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තේ ය. ඔහු මාධව වර්ණපුර හා එක්වෙමින් සිවු වැනි කඩුල්ලට ලකුණු 84ක සබඳතාවක් එක් කිරීමට දායක විය. මාධව වර්ණපුර රැස් කළ ලකුණු සංඛ්‍යාව 39කි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 62කට මුහුණ දුන් අතර හතරේ පහරක් එම ඉනිමට ඇතුළත් විය.

පන්දු යැවීමේ දී හිමේෂ රාමනායක ලකුණු 26කට කඩුලු දෙකක් දවා ගත් අතර ධම්මික ප්‍රසාද්, නුවන් ප්‍රදීප්, තරිඳු රත්නායක, ආකාශ් සේනාරත්න සහ සචිත්‍ර සේනානායක කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයන්ගේ ආරම්භක පිතිකරුවෝ සී. සී. සී. පන්දු යවන්නන් තඹේකට මායිම් නොකරමින් තම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 212ක සබඳතාවක් එක් කළහ. දනුෂ්ක ගුණතිලක සහ සඳුන් වීරක්කොඩි එක්ව ගොඩ නැගූ එම සබඳතාවයට වැය කර තිබුණේ පන්දු 214ක් පමණි.  

ඇෆ්ගනිස්ථානය කුළුඳුල් ටෙස්ට් ජය වාර්තා කරයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවති එකම ටෙස්ට් තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් ඇෆ්ගනිස්ථානය සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ

දනුෂ්ක ගුණතිලක පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 116ක් ලබා ගනිමින් පළමු කඩුල්ලේ සබඳතාව නිමා කරමින් දැවී ගියේය. අනතුරුව සඳුන් වීරක්කොඩි ද ශතකයක් වාර්තා කරමින් ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් දැවී ගියේ ලකුණු පුවරුව 228ක්ව තිබිය දී ය.

සඳුන් වීරක්කොඩි පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් ද සමඟින් ලකුණු 101ක් ලබා ගත්තේ ය.

තරගය ජයග්‍රහණයෙන් අවසන් වන විට දිමුත් කරුණාරත්න පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර දෙකක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා සිටියේ ය. අනෙක් අන්තයේ නොදැවී පිටියේ රැඳී සිටියේ කෞෂාල් සිල්වා (8) ය.

එංගලන්ත පිතිකාරිණියෝ ලංකාවට රිදෙන්න පහර දෙති

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙය වීමෙන් 2021 වසරේ දී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම්

එස්. එස්. සී. ඉනිම පාලනය කිරීමට සී. සී. සී. නායකයා පන්දු යවන්නෝ 9 දෙනෙක්ම යොදා ගත්ත ද ඉන් සාර්ථක වූයේ අශාන් ප්‍රියංජන්, මාලින්ද පුෂ්පකුමාර සහ වනිඳු හසරංග පමණි. ඔවුන් තිදෙනාට කඩුල්ල බැගින් හිමි විය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

[insert_php] $contents = file_get_contents(“http://portal.thepapare.com/widgets/scorecard/1681”); echo $contents; [/insert_php]