ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය හෙට (3) ජොහැන්නස්බර්ග් හිදී ආරම්භ වෙනවා.
සුබ පෙරනිමිති රැසක් මැද ශ්‍රී ලංකාව පුහුණු තරගය ජය ගනියි
විශිෂ්ට ටෙස්ට් තරග ජයග්‍රහණ දෙකක් සමඟින් දකුණු අප්‍රිකානු තරග සංචාරය ආරම්භ කළ ශ්‍රී ලංකා පිළට…..
ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායමක් අවසන් වරට එකිනෙකා මුණ ගැසුණේ 2018 වසරේ ජූලි – අගෝස්තු මාසවල දීයි. ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු එම තරගාවලිය තරග 3-2ක් ලෙස ජය ගන්නට දකුණු අප්‍රිකාව සමත් වුනා.
ශූරයින්ගේ කුසලානයට පෙර 2016 වසරේ අග භාගයේ දී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා මුණ ගැසුණු අතර එම තරගාවලියේ දී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට 5-0ක් ලෙස පරාජය වුනා. ඒ වගේමයි ශ්‍රී ලංකාව 2004 පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ දී සංචාරක දකුණු අප්‍රිකාව තරග 5-0ක් ලෙස පරාජය කරන්නට සමත්ව තිබෙනවා.
මුහුණට මුහුණ
වසර 26ක් පැරණි දෙරට අතර එක්දින ක්‍රිකට් ඉතිහාසය තුල එකිනෙකා එක්දින ක්‍රිකට් තරග 73ක දී එකිනෙකා මුණ ගැසී ඇති අතර ඉන් තරග 31ක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත. දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 38ක් ජයග්‍රහණය කර පෙරමුණේ සිටී. එසේම තවත් තරග 3ක් ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වී ඇත.
අවසන් ජයග්‍රහණය
ශ්‍රී ලංකාව 2012 ජනවාරි මස 22 වැනිදාට පසුව දකුණු අප්‍රිකාවේ දී පවත්වා ඇති එකඳු එක්දින ක්‍රිකට් තරගයකදීවත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර නැහැ. එම තරගයේ දී වමතින් පිතිකරණයේ නිරත වන කුමාර් සංගක්කාර පිත්තෙන් ලකුණු 102ක් ලබාගෙන දැක්වූ දස්කම් නිසා ශ්‍රී ලංකාව තරගය ජය ගත්තා.
ලොකු ඉනිම් හා පොඩි ඉනිම්
2017 වසරේ පෙබරවාරි 10 වැනිදා සෙන්චූරියන් හිදී පැවති තරගයක දී දකුණු අප්‍රිකාව කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු 384 දෙරටේ එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුල වාර්තා වී ඇති වැඩිම ලකුණයි. ඒ තරගය ලකුණු 88කින් ශ්‍රී ලංකාවට පරාජය වෙන්න වුනත් තරගයේ අවසානය දක්වාම ඉතාමත් හොඳ සටනක් දීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුනා. වැඩිම ලකුණේ වාර්තාව දකුණු අප්‍රිකාව දෙසට යද්දී අඩුම ලකුණේ වාර්තාව ලියැවී ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නම ඉදිරියෙනි. 2012 වසරේ ජනවාරි මස 11 වැනිදා පාර්ල් හිදී පැවති තරගයක දී ශ්‍රී ලංකාවට ඒ අවාසනාවන්ත සිදු වීමට මුහුණ දෙන්න වුනු අතර තරගය ලකුණු 258කින් පරාජය වෙන්නත් සිදු වුනා.
ක්‍රිකට් ජීවිතයේ ගත් සංවේදී තීරණයක් ගැන තරංග හෙළි කරයි!
අත්දැකීම් සහිත ආරම්භක පිතිකරු උපුල් තරංග ඊයේ දිනයේ (28) හොඳින් පිත්ත හසුරුවමින් පන්දු 34ක් ….
සැඟවුණු, වැදගත් දත්ත කිහිපයක්
ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර වසර 27ක් ඉපැරණි එක්දින ක්‍රිකට් තරග ප්‍රමාණය තුල මෙතක් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරයි. ඔහු දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 44ක් ක්‍රීඩා කර ලකුණු 1789ක් ලබාගෙන ඇත්තේ 45.87ක දල සාමාන්‍යයක් රඳවා ගනිමින්. වැඩිම කඩුලු දවාගෙන ඇත්තේ ෂෝන් පොලොක් වන අතර ඔහු ශ්‍රී ලංකාව සමඟින් එක්දින ක්‍රිකට් තරග 35කට සහභාගී වෙමින් කඩුලු 51ක් දවාගෙන ඇත.
ප්‍රහාරාත්මක පිතිකරුවන්
උපුල් තරංග

ෆෆ් ඩූ ප්ලේසී

ප්ලේසී එක්දින ශතක 10කින් සහ අර්ධ ශතක 31ක් වාර්තා කරගෙන ඇති අතර ඔහු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 20ක දී ලකුණු 798ක් ලබාගෙන තිබෙන්නේ 45කට ආසන්න සාර්ථක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
සාන්තුවරයන්ගේ සටනේ දී ඩාර්ලි පාර ක්‍රීඩකයෝ සන්නද්ධ වෙති
බම්බලපිටිය සාන්ත පීතරයන්ගේ පළමු ඉනිමට එරෙහිව ඩාර්ලි පාරේ ක්‍රීඩකයෝ වඩාත් විශ්වාසවන්ත…
නිරෝෂන් දික්වැල්ල

ඩේවිඩ් මිලර්

තර්ජනාත්මක පන්දු යවන්නන්
ලසිත් මාලිංග

එක්දින තරග 213ක දී කඩුලු 318ක් දවා ගැනීමට ඔහු සමත්ව ඇති අතර එක් පන්දු වාරයකට දල වශයෙන් 5.34ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත.
වයස අවුරුදු 35ක් වන මාලිංග දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව එක්දින ක්‍රිකට් තරග 18ක දී කඩුලු 32ක් දවාගෙන තිබෙන්නේ 26.43ක පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
කගීසෝ රබාඩා

අකිල දනංජය

අකිල දනංජය එරට දී දකුණු අප්‍රිකාව සමඟින් එකදු එක්දින ක්‍රිකට් තරගයක් සඳහා හෝ ක්‍රීඩා කර නොමැත. වයස අවුරුදු 24ක් වන මේ යොවුන් ක්‍රීඩකයා මේ දක්වා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 30ක් ක්‍රීඩා කරමින් කඩුලු 46ක් දවාගෙන ඇත්තේ 26.93කට ආසන්න කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමින්.
ඉම්රාන් තාහීර්

මොහු එක්දින තරග 94ක දී කඩුලු 153ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 24.87ක් ලෙස දැක්වේ. තාහීර් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 4.67ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත. එසේම මොහු ශ්‍රී ලංකාවට එදිරිව කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 15.79ක් වැනි ඉතාමත් හොඳ මට්ටමක සටහන් කරගෙන තිබේ.
>>Photos : Sri Lanka Practices ahead of 1st ODI in South Africa<<
ජොහැන්නස්බර්ග් තණතීරුව හා කාලගුණය

සංචිත
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් සංචිතය – ලසිත් මාලිංග (නායක), අවිශ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල දනංජය, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, ඉසුරු උදාන, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්.
දකුණු අප්‍රිකා එක්දින සංචිතය – ෆෆ් ඩු ප්ලේසී (නායක), ක්වින්ටන් ඩී කොක්, ඩේවිඩ් මිලර්, රීසා හෙන්ද්‍රිකස්, වියාන් මුල්ඩර්, ලුන්ගි නිගිඩි, , කගීසෝ රබාඩා, තබ්‍රයිස් ශම්සි, ඇන්ඩි පෙලුක්වායෝ, ඉම්රාන් තාහීර්, ඇන්රිච් නොර්ටිජ්, ඩුවෙන් ප්‍රිටෝරියස්, රාසී වැන්ඩර් ඩුසේන්
අවසන් නිගමනය
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම සිව්වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 5545ක් සමඟ ප්‍රසාද ලකුණු 111ක් දිනා ගෙනයි. සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 8 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 4426ක් සමඟ ප්‍රසාද ලකුණු 78ක් දිනා ගෙනයි.
ඒ අනුව බලන කල ශ්‍රේණිගත කිරීම්වලින් ද දකුණු අප්‍රිකානුවන් පෙරමුණේ පසුවෙයි. නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබාගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
තරග කාලසටහන
- මාර්තු 3: පළමු එක්දින තරගය ජොහැන්නස්බර්ග් (දිවා තරගය)
- මාර්තු 6: දෙවන එක්දින තරගය සෙන්චූරියන් හිදී (දිවා/රාත්‍රී තරගය)
- මාර්තු 10: තෙවැනි එක්දින තරගය ඩර්බන් (දිවා තරගය)
- මාර්තු 13: සිව්වැනි එක්දින තරගය පෝර්ට් එලිසබත් හිදී (දිවා/රාත්‍රී තරගය)
- මාර්තු 16: පස්වැනි එක්දින තරගය කේප්ටවුන් හිදී (දිවා/රාත්‍රී තරගය)
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් තරගාවලිය හෙටින් (3) ආරම්භ වන අතර එම තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා, ඡායාරූප ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















