සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පුරා මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (13) ඩර්බන් හිදී ආරම්භ වෙනවා.
කැරිබියන් දේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පහළවූ කළු කුමාරයා
ඔහු පිතිහරඹයේ යෙදෙන විට අලංකෘත ග්‍රීක කාව්‍යයක් නැතැතින්ම සිහි ගැන්වෙන්නේය
ටෙස්ට් තරග දෙකකින්, එක්දින ක්‍රිකට් තරග 5කින් හා විස්සයි විස්ස ක්‍රිකට් තරග 3කින් සමන්විත මේ ක්‍රිකට් තරගාවලිය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ද හොඳ සූදානමකින් පසුවෙනවා.
- මුහුණට මුහුණ
1993 සිට ආරම්භ වූ දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසය පිරික්සා බැලීමේ දී ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග 27ක් පවත්වා තිබෙන අතර එයින් තරග 14ක ජය දකුණු අප්‍රිකානුවන් සතුවෙද්දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ තරග 7ක් පමණි. තවත් තරග 6ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තියෙනවා.
ටෙස්ට් තරගාවලි වලින් ගණනය කර බැලුවොත් මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් තරගාවලි 11න් තරගාවලි 7ක ජය ලියවී ඇත්තේ දකුණු අප්‍රිකානුවන්ගේ නම ඉදිරියෙන්. තවත් එක තරගාවලියක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ ටෙස්ට් ක්‍රිකට් තරග සංචාරයකට ගමන් කරන්නේ වසර 2කට පමණ පසුවයි.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ජයග්‍රහණ
ටෙස්ට් තරගයක දී ශ්‍රී ලංකාව අවසන් වරට දකුණු අප්‍රිකානු කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේ දී පරාජය කර ඇත්තේ 2011 වර්ෂයේ දී වන අතර එම තරගාවලියේ පැවති තරග තුන අවසන් වූයේ 2-1ක් ලෙස දකුණු අප්‍රිකානුවන්ට ජය හිමිකර දෙමිනි. ඩර්බන් ක්‍රිකට් පිටියේ දී පැවැත්වුණු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය තියුණු සටනකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේ ලකුණු 208කිනි.
එම ජයග්‍රහණයේ වැඩි ගෞරවය කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර හට හිමි විය යුත්තේ ඔවුන් දෙදෙනා එම තරගයේ දී ඔහු ශතක ලබාගත් නිසයි. පන්දු යැවීමේ දී ඉනිම් දෙක පුරාවටම කඩුලු 9ක් දවා ගත් රංගන හේරත් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.
- ලොකු ඉනිම් හා පොඩි ඉනිම්
වසර 15ක් අතීතයට දිවයන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාස පොතේ වාර්තා වන පරිදි මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් තරග තුල කණ්ඩායමක් ලබා ගත් වැඩිම හා අඩුම ලකුණු වාර්තා දෙකම ශ්‍රී ලංකාවේ නමට ඉදිරියෙන් සටහන් වෙලා තියෙනවා. ඒ අතරින් ඉනිමක ලබා ගත් වැඩිම ලකුණ ලෙස දැක්වෙන්නේ 2006 වර්ෂයේ දී ලබාගත් ලකුණු 756/5d වන අතර මෙතෙක් ඉනිමක වාර්තා වී ඇති අඩුම ලකුණ වෙන්නේ ලකුණු 95යි.
කැන්ගරුවන් පාකිස්තානය සමඟ ඔට්ටුවෙන්න සූදානම්
එළඹෙන මාර්තු මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර තරග
- සැඟවුණු වැදගත් දත්ත කිහිපයක්
දෙරට අතර මෙතෙක් පවත්වා ඇති ටෙස්ට් ක්‍රිකට් තරගාවලි 11 අතරින් එක් තරගාවලියක දී වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ මහේල ජයවර්ධන වන අතර ඔහු එම තරගාවලියේ තරග දෙකක් තුල ඉනිම 3කට පමණක් දායක වෙමින් ශතක දෙකක් සමඟ ලකුණු 510ක් ලබාගෙන ඇත්තේ ලකුණු 170කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. මහේල 2006 වසරේ දී මෙරට දී පැවති ක්‍රිකට් තරගාවලියක දී එම දස්කම දැක්වූවා.
එසේම මුත්තයියා මුරලිදරන් දෙරට අතර මෙතෙක් පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක දී වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයා බවට පත්ව ඇත්තේ තරග 3ක් තුල කඩුලු 26ක් දවා ගනිමිනි. එම වාර්තා දෙකම ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සතුවීම මෙහි ඇති අනෙක් සුවිශේෂිතාවයයි.
- ප්‍රබල පිතිකරුවන්
දිමුත් කරුණාරත්න

පසුගිය වසරේ දී දැක්වූ දස්කම් නිසා ICC විසින් එළි දක්වන ලද වසරේ ටෙස්ට් කණ්ඩායම සඳහා ද තේරී පත්වූ දිමුත් හෙට (13) පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දී පිතිකරුවෙක් ලෙස දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ යම් දෙයක් කරනු ඇතැයි අපට වැඩි බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකි.
ෆෆ් ඩු ප්ලෙසිස්

නිරෝෂන් දික්වැල්ල

ඩීන් එල්ගාර්

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තියුණු පරාජයක්!
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය අරඹමින් ක්‍රියාත්මක වූ විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස ශ්‍රී ලංකා
- ප්‍රබල පන්දු යවන්නන්
සුරංග ලක්මාල්

කේශව් මහරාජ්

කසුන් රාජිත

රාජිත ජාත්‍යන්තර ටෙස්ට් තරග 4ක දී කඩුලු 14ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දු වාරයකට දල වශයෙන් 3.96ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත. තවමත් වයස අවුරුදු 25ක් වන මොහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ගවේෂණය කරන ක්‍රීඩකයෙක් ලෙස ද හඳුන්වා දීමට පුළුවන්.
වර්නන් ෆිලැන්ඩර්

ශ්‍රී ලංකාව යටත් කරගන්න නවකයෙක් ද. අප්‍රිකා සංචිතයට
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර හෙටින් (13) ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා
- ඩර්බන් ක්‍රිකට් පිටියේ ස්වභාවය හා කාලගුණික තත්වය

ඩර්බන් පිටියේ දී ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරගයක් ජයග්‍රහණය කර ඇති අතර අනෙක් තරගය ජය පරාජයෙන් තොරව නිමා වී ඇත.
යම්හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගතහොත් පළමුව පන්දුවට පහර දීමට සුදුසු බවයි දත්ත පිරික්සා බැලූ කල පෙනී යන්නේ.
සෙල්සියස් අංශක 26 – 31 අතර පරාසයේ උෂ්ණත්වයක් පවතින මේ ක්‍රිකට් තරගයට ඉතාමත් හොඳ කාලගුණ තත්වයක් බලාපොරොත්තු වීමට පුළුවන්.
- අවසන් නිගමනය
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවන්නේ ලකුණු 4286ක් සමඟ ප්‍රසාද ලකුණු 110ක් දිනා ගෙනයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 6 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 4256ක් සමඟ ප්‍රසාද ලකුණු 89ක් දිනා ගෙනයි. ඒ අනුව බලන කළ ශ්‍රේණිගත කිරීම්වලින් ද දකුණු අප්‍රිකානුවන් පෙරමුණේ පසුවෙයි. නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබාගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගය හා තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
පළමු ටෙස්ට් තරගයට අපේක්ෂිත කණ්ඩායම
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ලහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, මිලින්ද සිරිවර්ධන, ලසිත් ඇඹුල්දෙනිය, සුරංග ලක්මාල්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු.
දකුණු අප්‍රිකාව – ෆෆ් ඩු ප්ලේසිස් (නායක), එයිඩ්න් මාක්‍රම්, ඩීන් එල්ගාර්, හෂීම් අම්ලා, ටෙම්බා බවුමා, ක්වින්ටන් ඩී කොක්, කේශව් මහරාජ්, තෙවුනිස් ඩි බෘයින්, වර්නන් ෆිලැන්ඩර්, කගිසෝ රබාඩා, ඩේල් ස්ටේන්.
ටෙස්ට් තරග කාලසටහන
- පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය – පෙබරවාරි 13 -17 – ඩර්බන් හිදී
- දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය – පෙබරවාරි 21 – 25 – පෝර්ට් එලිසබත් හිදී
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙටින් ආරම්භ වන අතර එම තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා, ඡායාරූප ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















