සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයත් කඩුලු දෙකකින් ජය ගැනීමට ප්‍රබල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (3) සමත් විය.
නායකත්වයේ වගකීම ඉටු කළ නර්ක් ශ්‍රී ලංකාවේ හරහට හිටී
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට්
එ්ත් සමඟින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලිය ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු කාන්තාවෝ සමත් වූහ.
දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් හිදී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු නායිකා ඩෑන් වෑන් නර්ක් පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අවසරයෙන් පිටියට පැමිණි අනුෂ්කා සංජීවනී හා වමතින් පිත්ත හසුරුවන හසිනි පෙරේරා හට පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවීමට හැකියාව ලැබුණේ ලකුණු 6ක සබඳතාවයක් පමණි.
ඉන්පසුව පිටියට අවතීර්ණ වූ ශ්‍රී ලංකා නායිකා චමරි මනරම් 4 පහර 3ක් සමඟ ලකුණු 20ක් ලබාගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී ගියේ ටූමි සෙකූකන් එවූ පන්දුවකටයි. ශ්‍රී ලංකා මැදපෙළ රැක ගැනීමට වෙර දැරූ ශෂිකලා සිරිවර්ධන 4 පහර 5ක් හා 6 පහරක් සමඟින් ලකුණු 38ක් රැස්කරගෙන සිටිය දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියා ය. ශෂිකලා අද දිනයේ දී කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරග රටාව තුල සිය පුද්ගලික ලකුණු සටහනේ ලකුණු 1000 සීමාව ඉක්මවා යාම සුවිශේෂී සිදුවීමක් විය.
ඇන්ජලෝ පෙරේරා දෙවැනි ඉනිමේත් ද්විත්ව ශතකයක් ලබයි
එන්. සී. සී. කණ්ඩායමේ නායක ඇන්ජලෝ පෙරේරා තම දෙවැනි
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දකුණතින් මඳ වේගපන්දු යවන ක්‍රීඩිකාවක් වන මරිසන් කැප් හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා මුල් පෙළ හා පසුපෙළ පිතිකාරිනියන් එකා පසුපස එකා ක්‍රීඩාගාරයට හැරී එද්දී මැදපෙළ තරමක් මට්ටමින් හෝ ආරක්ෂා කර ගත් දකුණතින් පිත්ත හසුරවන පිතිකාරිනියක් වන ඉමල්කා මෙන්ඩිස් ලකුණු 12ක් ලබා ගත්තේය. අවසානයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 19කුත් පන්දු 4ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස්කරගත්තේ ලකුණු 105ක් පමණි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් කඩුලු 5ක් දවා ගැනීමට දඟපන්දු යවන ක්‍රීඩිකා සූනේ ලූස් සමත් වන විට ඇයට සහාය වූ මරිසන් කැප් ලකුණු 17කට ශ්‍රී ලංකා කඩුලු 3ක් දවා ගත්තේය.
කවාජාගේ ශතකය ඔස්සේ ශ්‍රී ලංකාවට ලකුණු 516ක ඉලක්කයක්!
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (03) නිමාවට පත්වූයේ සංචාරක ශ්‍රී ලංකා පිළ කබලෙන් ලිපට ඇද දමමිනි
ලකුණු 106ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 19කුත් පන්දු පහක් තුල සටහන් කර ගන්නා ලදි. ඒ සඳහා පෙර තරගයට සාපේක්ෂව තියුණු තරගයක් ලබා දීමට දකුණු අප්‍රිකාවට සිදු වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තරගකාරී ක්‍රීඩා විලාසය නිසාවෙනි.
එහි දී දකුණතින් පිතිකරණයේ නිරත වන නායිකා නර්ක් පෙර තරගයේ දී පරිදිම මේ තරගයේ දී ද පිතිකරණයෙන් සාර්ථක වූයේ ලකුණු 33ක් ලබා ගෙනයි. පන්දු 19ක් තුල වාර්තා වූ ඇයගේ එම වේගවත් ඉනිමට 4 පහර 6ක් හා එක් 6 පහරක් අන්තර්ගත විය. පන්දු යැවීමේදී අතපත්තු, සිරිවර්ධන හා ඉනෝකා රණවීර යන ක්‍රීඩිකාවන් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.
විස්සයි විස්ස ක්‍රිකට් තරග 3කින් සමන්විත මේ තරගාවලියේ දෙවන තරගය අවසානයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම 2-0ක් ලෙස තරගාවලිය ජය ගත් අතර එහි තෙවන හා අවසන් විස්සයි විස්ස තරගය ලබන 6 වැනිදා සෙන්චූරියන් හිදී පැවැත්වේ.
ශ්‍රී ලංකාව – 105 (19.4): ශෂිකලා සිරිවර්ධන 38, චමරි අතපත්තු 20, සූනේ ලූස් 5/14, මරිසන් කැප් 3/17.
දකුණු අප්‍රිකාව – 107/8 (19.5): ඩෑන් වෑන් නර්ක් 33.
තරගයේ වීරවරිය – සූනේ ලූස් (දකුණු අප්‍රිකාව)
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















