නවසීලන්ත ක්‍රිකට් රණබිමේ හුදකලා සටනක නිරත වූ තිසර පෙරේරා අද (05) තම එක්දින ජාත්‍යන්තර තරග පිටියේ මංගල ශතකය රැස් කර ගත්ත ද ශ්‍රී ලංකා කණ්ඩායමේ අනෙක් සටන් සඟයන්ගේ දුර්වල විලාශයන් හේතුවෙන් නවසීලන්තය සමඟ පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිමි වූයේ ලකුණු 21ක පරාජයකි.
මේ අනුව තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලිය තවත් තරගයක් තිබිය දී ම ජයග්‍රහණය කිරීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.
අඩුපාඩු සකසා ගෙන එකට එක කිරීමේ අරමුණින් සිංහයින් පිටියට
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 45කින් ජය ගත් නවසීලන්තය 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් විය.
තිසර පෙරේරා තමන් මුහුණ දුන් 57 වැනි පන්දුවේ දී තම ශතක ලකුණ ලබා ගත් අතර ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් දැවී යන විට ඔහු පන්දු 74කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර 13ක් සමඟින් ලකුණු 140ක් ලබා සිටියේ ය. අවසන් පන්දුවාර කිහිපයේ දී නවසීලන්ත පන්දු යවන්නන් සසල කළ තිසරගේ උත්සාහක ඉනිමට ගෞරවයක් ලෙසින් ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.
මවුන්ට් මන්ගුවානි බේ ඕවල් ක්‍රීඩාංගණයේ ඉහළ ගිය කාසියේ වාසිය දිනා ගත් නවසිලන්ත ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තෝරා ගනිමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව කඩුලු 7ක් දැවී 319කි. ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 298කි. ශ්‍රී ලංකා හඹා ගිය ඉනිමේ තවත් පන්දු 22ක් ඉතිරි කර ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.
නවසීලන්තය වෙනුවෙන් මාර්ටින් ගප්ටිල් සහ කොලින් මුන්රෝ ඉනිම ආරම්භ කළ අතර එම කඩුල්ලේ සබඳතාව 5 වැනි පන්දු වාරයේ දී නිමා කිරීමට ලසිත් මාලිංග සමත් විය. නිරෝෂන් දික්වැල්ල විසින් රැක ගත් උඩ පන්දුවක් හේතුවෙන් ගප්ටිල් දැවී ගිය අතර ඔහු ඒ වන විට රැස් කරගෙන සිටියේ ලකුණු 13ක් පමණි.
ඉන් අනතුරුව වැඩි වේලාවක් යන්නට මත්තෙන් අංක තුන පිතිකරු ලෙසින් පිටියට පිවිසි නායක කේන් විලියම්සන් පිටියෙන් ඉවත් කිරීමට නුවන් ප්‍රදීප් සමත් විය. ලක්ෂාන් සඳකැන් විසින් රැකගත් උඩ පන්දුවක් හේතුවෙන් විලියම්සන් දැවී යන ලබා සිටියේ එක් ලකුණුක් පමණි.
මහින්ද – මලියදේව විද්‍යාලය කරට කර ගැටෙති
සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් අද (04) ආරම්භ වෙද්දී ගාල්ල මහින්ද විද්‍යාලය හා මලියදේව විද්‍යාලය අතර…
නවසීලන්ත ඉනිමේ බේරුම්කාරී කඩුලු සබඳතාව එක් වූයේ ඉන් පසුව ය. කොලින් මුන්රෝට එක් වූ රොස් ටේලර් තෙවැනි කඩුල්ලට ලකුණු 112ක සබඳතාවක් එක් කළහ. මුන්රෝ පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 87ක් ලබා සිටිය දී තිසර පෙරේරා සහ ලක්ෂාන් සඳකැන් එක්ව ඔහුව දුවද්දී දවා ගැනීමට සමත් වීමෙන් එම කඩුල්ලේ සබඳතාව අවසන් විය.
සිව්වැනි කඩුල්ලේ දී ලකුණු 57ක සබඳතාවක් ගොඩ නැගීමට රොස් ටේලර් සහ හෙන්රි නිකල්ස් සමත් වූහ. නිකල්ස් පන්දු 37කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 32ක් ලබා සිටිය දී ලසිත් මාලිංගගේ පන්දුවකට නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී යද්දී නවසීලන්ත ඉනිම ලකුණු 208කි.
එතැන් සිට දැවී ගිය කඩුලු සියල්ල ම දුවද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අතර රොස් ටේලර් පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 90ක් ලබා ගත්තේ ය. ජිම් නීෂාම් රැස් කළ ලකුණු සංඛ්‍යාව 64කි. ඔහු ඒ සඳහා පන්දු 37ක් වැය කළ අතර හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් ඇතුළත් කළේ ය.
කඩුලු ලබා ගැනීමේ දී ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග ලකුණු 45කට කඩුලු 5ක් දවා ගත්තේ ය.
පිළිතුරු ඉනිම ආරම්භ කළේ නිරෝෂන් දික්වැල්ල සහ ධනුශ්ක ගුණතිලක ය. ඔවුන් අතර පළමු කඩුල්ලට ලකුණු 28ක් එක් වෙද්දී නිරෝෂන් දික්වැල්ල (9) පිටියෙන් ඉවත් කිරීමට ප්‍රතිවාදීන් සමත් වූහ.
ශ්‍රී ලංකා – නවසීලන්ත 20-20 තරගයට නවසීලන්තයෙන් නව නායකයෙක්
එළඹෙන සිකුරාදා දිනයේ දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගය සඳහා වන නවසීලන්ත කණ්ඩායම අද දිනයේ දී (4) ප්‍රකාශයට පත්කර…
අනතුරුව පිටියෙන් ඉවත් කෙරුණේ කුසල් පෙරේරා ය. ඔහුට අද ලබා ගත හැකි වූයේ ලකුණු 4ක් පමණි. ඒ වෙද්දී ලකුණු පුවරුව 63ක් දක්වා ගෙන ඒමට ධනුශ්ක ගුණතිලකගේ දායකත්වය වැඩියෙන් ලැබී තිබුණි.
ධනුශ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් තෙවැනි කඩුල්ලට ලකුණු 49ක් එක් කළහ. කුසල් මෙන්ඩිස් පන්දු 30කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තේ ය. ධනුශ්ක ගුණතිලක ලබා ගත් ලකුණු ප්‍රමාණය 71කි. පන්දු 73කට මුහුණ දුන් ධනුශ්ක ගුණතිලක හතරේ පහර 9ක් තම ඉනිමට ඇතුළත් කළේය.
ලකුණු 10ට මෙපිටින් සිටීමට අණකළාක් බඳු වූ ශ්‍රී ලංකා ඉනිමේ අනෙක් පිතිකරුවන් අතුරින් එම නියමය නොතකා හැරියේ තිසර පෙරේරා නායක ලසිත් මාලිංග ය. ඔවුන් දෙදෙනා 8 වැනි කඩුල්ල සඳහා ලකුණු 75ක් ලබා ගනිමින් ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද තමන් සන්තක කර ගත් හ. ලසිත් මාලිංග පන්දු 22කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 17ක් ලබා ගනිමින් තම ඉනිම සේ ම එම කඩුල්ලේ සබඳතාව ද හමාර කළේය.
දිනේෂ් චන්දිමාල් (3) අසේල ගුණරත්න (6) සීක්කුගේ ප්‍රසන්න (0) ලක්ෂාන් සඳකැන් (6) සහ නුවන් ප්‍රදීප් (3*) අඩු ලකුණුවලට සීමා විය.
නවසීලන්ත ඉනිමේ හොඳම පන්දු යැවීම ලෙසින් ඉෂ් සෝධී ලකුණු 55කට ලබා ගත් කඩුලු 3 සටහන් විය.
නවසීලන්තය; කඩුලු 7ක් දැවී 319 (50) කොලින් මුන්රෝ 87, රොස් ටේලර් 90, හෙන්රි නිකල්ස් 32, ජිම් නිෂාම් 64, ටිම් සියෆර්ට් 22, ලසිත් මාලිංග 2/45
ශ්‍රී ලංකාව; සියලුම දෙනා දැවී 298 (46.2) ධනුශ්ක ගුණතිලක 71, කුසල් මෙන්ඩිස් 20, තිසර පෙරේරා 140, ලසිත් මාලිංග 17, මැට් හෙන්රි 2/52, ඉෂ් සෝධි 3/55, ජේම්ස් නීෂාම් 2/48
දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින තරගය මේ මස 08 වැනිදා නෙල්සන් හිදී පැවැත්වේ.
> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















