යොවුන් ඔලිම්පික් උළෙලක පදක්කමක් දිනූ පළමු ශ්‍රී ලාංකිකයා වීමේ භාග්‍යය හිමි කර ගත් පාරමී වසන්ති මාරිස්ටෙලා හා ඇගේ පවුලේ ඥාතීන්ට ඉතා වටිනා ත්‍යාගයක් රජය විසින් පසුගිය දිනක ලබාදුනි. බුවනොස් අයර්ස් හිදී පැවැත්වුනු තුන්වන ලෝක යොවුන් ඔලිම්පික් උළලේ දී බාධක දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට පාරමී සමත් විය.
කතාන්දර කොතෙක් තිබුණත් දක්ෂතා එසේ නොවේ
ආජන්ටිනාවේ දී පැවති තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ කාන්තා ඉසව්වේ….
හලාවත පිහිටි ඉතා දුෂ්කර ගම්මානයක් වන අඹකඳවිල ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ යෙදෙන පවුලකින් පැමිණ ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය දිනූ පාරමීගේ ක්‍රීඩා ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතයද ඉතා කටුක අත්දැකීම් වලින් ගහණ විය. ධීවර කර්මාන්තයේ යෙදෙමින් සිය පවුල නඩත්තු කරන ඇන්තනී ටියුඩර් මහතා ඇයගේ පියා වන අතර දරුවන් දෙදෙනෙකුගෙන් යුතු පවුල සම්පුර්ණයෙන්ම යැපෙන්නේ ඔහුගේ මහන්සියෙන් සරි කරගන්නා ආදායමෙනි. එමෙන්ම පාරමීගේ සහෝදරිය සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් ද වන්නේය.
පාරමීගේ පියා හට ඔහුගේම කියා බෝට්ටුවක් නැති අතර ඔහු ධීවර කර්මාන්තයේ යෙදෙන්නේ බෝට්ටු හිමියෙකුගෙන් කුලියට ගන්නා බෝට්ටුවක් මඟින් වීම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් හට මහත් ගැටළුවක් බවට පත් වී තිබුණි. යොවුන් ඔලිම්පික් ලෝකඩ පදක්කමක් දිනා ආර්ජන්ටිනාවේ සිට පැමිණි පාරමීගේ එකම ඉල්ලීම වූයේ සිය පවුලේ ජීවිකාව රැකදීම සඳහා හැකිනම් සිය පියාට බෝට්ටුවක් ලබා දෙන ලෙසයි.
ඇයගේ ඉල්ලීම කන වැකුණු ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය විසින් වහා ක්‍රියාත්මක වී පාරමීගේ පියාට නවතම බෝට්ටුවක් හා එයට අවශ්‍ය කරන එන්ජිමක් ද ලබා දී ඇත්තේ ඔවුන්ගේ ජීවන තත්වය තවත් ඉහළ දැමීමේ අරමුණ ඇතිවය.

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මසකට රුපියල් 75000 ක මුදල් ආධාරයක් ලබා දීමේ ව්‍යාපෘතිය ද බිඳ වැටී ඇති මොහොතක රටට ජයග්‍රහණ ගෙන එන මෙවැනි ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම උදෙසා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය කළ මෙම සේවය අගය කළ යුතුමය.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<





















