නොවැම්බර් හත්වැනිදා ආරම්භ වීමට නියමිත අන්තර් සමාජ ඩයලොග් ලීග් රග්බි තරගාවලියට පෙර පුහුණුවක් ලෙස නාවික හමුදා රග්බි කණ්ඩායම කටාර් හී දෝහා රග්බි පාපන්දු ක්‍රීඩා සමාජය සමඟ පුහුණු තරගයක් සඳහා පිටත්ව යාමට නියමිතය.
උත්කර්ෂවත් රග්බි තරගාවලියේ කාලසටහන එලි දකී
2018/19 ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලිය නොවැම්බර් මස 9 වැනිදා ආරම්භ වේ. පළමු තරගය හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර නොවැම්බර් 9 වැනිදා…
පසුගිය වසරේ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අනුශූරයින් වූ නාවික හමුදා රග්බි කණ්ඩායම මේ වසරේ ශූරතාවයට ඇස ගසාගෙන මෙවර තරගාවලියට පෙර පුහුණුවක් ලෙස දෝහා ක්‍රීඩා සමාජය හමුවනු ඇත.
පසුගිය සතියේ දී කටාර් හී දෝහා වෙත ගිය CH&FC කණ්ඩායම දෝහා ක්‍රීඩා සමාජය සමඟ සුහද තරගයකට සහභාගී වූ අතර යෝෂිත රාජපක්ෂගේ නායකත්වයෙන් තරග වැදුණු CH&FC කණ්ඩායම ලකුණු 17-15ක තියුණු ජයක් වාර්තා කර ගැනීමට සමත් විය.
දේශපාලන ගැටලුවක් නිසා බටහිර ආසියානු රග්බි ශූරතාවලිය නොකරන දෝහා කණ්ඩායම මේ මස 19 වැනිදා එරට සංචාරයේ නිරත වන දෙවන ශ්‍රී ලංකා කණ්ඩායම වන නාවික හමුදා ක්‍රීඩා සමාජය සමගින් තරග වදිනු ඇත.
සැමුවෙල්ගේ දඬුවම් පහරින් දෝහා අපේක්ෂා සුන්වේ
සංචාරක CH & FC කණ්ඩායම හා කටාර් හි දෝහා RFC කණ්ඩායම අතර පැවති සුහද රග්බි තරගය ඊයේ (05) පස්වරුවේ දෝහා ක්‍රීඩා පිටියේ දී පැවැත්වූ අතර තරගයේ අවසන් මිනිත්තුවේ….
නව මුහුණුවරකින් මෙවර තරගාවලියට පිවිසෙන නාවික හමුදා කණ්ඩායම තිළිණ වීරසිංග විසින් මෙහෙයවන අතර පසුගිය වසරේ දී ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූයේ ද ඔහුයි.

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස මෝතිලාල් ජයතිලක මහතා කටයුතු කරන අතර දේව් ආනන්ද් මහතා ඔහුට සහය වනු ඇත.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<






















