කඹ ඇදිල්ලෙන් ඌවටත්, බස්නාහිරටත් ජයග්‍රහණ

551

44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කඹ ඇදීමේ පිරිමි හා කාන්තා තරග ඊයේ (01) කොළඹ ටොරින්ටන් ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. එහි දී පිරිමි අංශයේ රන් පදක්කම ඌව පළාත විසින් දිනා ගත් අතර කාන්තා අංශයේ රන් පදක්කම දිනා ගන්නට බස්නාහිර පළාත සමත් විය.

පිරිමි අංශය

දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි පැවති කඹ ඇදීමේ තරග අතරින් පිරිමි අංශයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට බස්නාහිර පළාත් කණ්ඩායම සහ ඌව පළාත් කණ්ඩායම සමත් විය.

රට වෙනුවෙන් මෙහෙමත් කඹ ඇදිල්ලක්!

දේශපාලනයේදී සහ කාර්යාලයේදී කරන කඹ ඇදීම වගේ නෙමෙයි, ජාත්‍යන්තර කඹ ඇදීමේ …

අවසන් මහා තරගය ආරම්භයේ දී තියුණු තරගයක් කණ්ඩායම් දෙකෙන්ම දක්නට ලැබුණු අතර පළමු වටයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායම සමත් විය.

ඒ සමඟින් ක්‍රියාත්මක වූ ඌව පළාත් ක්‍රීඩකයෝ බස්නාහිර ක්‍රීඩකයින්ට හොඳ අභියෝගයක් එල්ල කරමින් දෙවැනි වටය ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර තරගයේ තෙවැනි සහ අවසන් වටය ද ජයග්‍රහණය කරමින් වට 2-1ක් ලෙස රන් පදක්කම දිනා ගන්නට ඌව ක්‍රීඩකයින් සමත් විය.

ඉසව්වේ රිදි පදක්කම බස්නාහිර පළාත් කණ්ඩායමට හිමි වූ අතර ලෝකඩ පදක්කම උතුරු මැද පළාත විසින් දිනා ගන්නා ලදි.

කාන්තා අංශය

ශ්‍රී ලංකාවේ පළාත් 9ම නියෝජනය කාන්තා කඹ ඇදීමේ තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් ඉදිරිපත් වී සිටි අතර ඉන් අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලබා ගැනීමට බස්නාහිර පළාත් කණ්ඩායම සහ වයඹ පළාත් කණ්ඩායම සමත් විය.

ශක්තිවන්තයෝ උරගා බලන්නට කඹයෙන් වාරයක්

ජවසම්පන්න තාරුණ්‍ය අතින් ගත් කළ ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම පසුවන්නේ අතීතයේ සිටම ඔවුන් …

පළමු වටයේ සිටම වයඹ ක්‍රීඩිකාවන්ට කිසිදු අවස්ථාවක් නොදුන් බස්නාහිර පළාත් ක්‍රීඩිකාවෝ ප්‍රථම වටයේ දී ම වයඹ ක්‍රීඩිකාවන් පරාජය කළ අතර වයඹ ක්‍රීඩිකාවන් දෙවැනි වටයේ දී ද තමන් දෙසට නම්මා ගන්නට බස්නාහිර පළාත් ක්‍රීඩිකාවන් සමත් විය.

ඒ අනුව වට 02-00ක් ලෙස තරගය ජය ගත් බස්නාහිර ක්‍රීඩිකාවෝ රන් පදක්කමක ගෙල ලා ගනිද්දී, රිදි සහ ලෝකඩ පදක්කම් පිළිවෙළින් වයඹට සහ උතුරු මැද පළාත් ක්‍රීඩිකාවන්ට හිමි විය.

තරගාවලියේ සෙසු ඉසව් ද ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සූදානම්. ඒවායේ තොරතුරු සඳහා ද රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<