එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන සති අන්තයේ තවත් තරග දෙකක් සඳහා ඊයේ (19) මැන්චෙස්ටර් සිටි කණ්ඩායම හා ඔවුන්ගේ සහෝදර මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම තරග වැදුණු අතර එකම නගරයක් වුවත් කණ්ඩායම් දෙකට අත්වූ ඉරණම් දෙක හාත්පසින්ම වෙනස් වූයේ Sergio Agüeroගේ ගෝල ත්‍රිත්වයෙන් සිටි කණ්ඩායම දැවැන්ත ජයක් වාර්තා කරද්දී යුනයිටඩ් කණ්ඩායමට සිදු වූයේ නොසිතූ පරාජයක් අත්විඳිමටයි.
බ්‍රයිටන් හා හෝව් ඇල්බිසන් කණ්ඩායමට පෙරළිකාර ජයක්

හැරී කේන්ගේ ගෝල නියඟය නිමා වෙද්දී චෙල්සි නූලෙන් බේරෙයි
2018/19 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ දෙවන සතියට අදාල තවත් තරග …
තරගය ආරම්භ වීමත් සමඟ 25 වන මිනිත්තුවේ දී David De Geaගේ හිසට ඉහළින් පන්දුව පා කළ ග්ලෙන් මරේ බ්‍රයිටන් කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ සොලී මාර්ච්ගේ පන්දු යොමු කිරීමක් උපයෝගී කරගනිමිනි.
ඊට මිනිත්තු දෙකකට පසු ෂේන් ඩෆී, Anthony Knockaertගේ පන්දු යොමු කිරීමක් දක්ෂ ලෙස දැල තුලට යොමු කළේ මැන්චෙස්ටර් ක්‍රීඩකයින් අන්ත අසරණ කරමිනි.

කෙසේ වෙතත් දැල්වී ආ මැන්චෙස්ටර් බලාපොරොත්තු Pascal Gross බිඳ දැමුවේ බ්‍රයිටන් කණ්ඩායමට හිමි වූ දඬුවම් පහරක් 44 වන මිනිත්තුවේ දී සාර්ථක කර ගනිමිනි.
පළමු අර්ධය: බ්‍රයිටන් හා හෝව් ඇල්බිසන් 03 – 01 මැන්චෙස්ටර් යුනයිටඩ්
දෙවන අර්ධය පුරා වැටී සිටි වලෙන් ගොඩ එන්නට මැන්චෙස්ටර් ක්‍රීඩකයින් ප්‍රබල උත්සහයක් දුන්නත් පෝල් පොග්බා 90+5 මිනිත්තුවේ දී දඬුවම් පහරකින් රැස්කරගත් ගෝලය හැරෙන්නට ඔවුන්ට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකි වූයේ නැත.

ඇත්ලෙටිකෝ ප්‍රහාරයෙන් රියාල් මැඩ්රිඩ් ක්‍රීඩකයින්ට අසාධ්‍යයි
2017/18 UEFA චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ ශූරයින් වූ සුපිරි රියාල් මැඩ්රිඩ් …
අවසන් ලකුණු තත්වය: බ්‍රයිටන් හා හෝව් ඇල්බිසන් 03 – 02 මැන්චෙස්ටර් යුනයිටඩ්
ගෝල රැස්කළ ක්‍රීඩකයෝ
- බ්‍රයිටන් හා හෝව් ඇල්බිසන් – Glenn Murray 25′, Shane Duffy 27′, Pascal Groß 44′ (pen)
- මැන්චෙස්ටර් යුනයිටඩ් – Romelu Lukaku 34′, Paul Pogba 90 +5′ (pen)
මැන්චෙස්ටර් සිටි කණ්ඩායමෙන් ගෝල වැස්සක්

ඒ අනුව ගියවර ශූරයින් වන මැන්චෙස්ටර් සිටි කණ්ඩායම මෙවර තරග වාරයේ මුහුණ දුන් තරග දෙකම ජය ගැනීමට සමත් වූ අතර තරගය මැන්චෙස්ටර් හි එතිහැඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.
තරගය ආරම්භයේ දී ම 25 වන මිනිත්තුවේ දී මැන්චෙස්ටර් සිටි කණ්ඩායමට සුපිරි ආරම්භයක් ලබා දෙන්නට Sergio Aguero සමත් වූ අතර මැන්චෙස්ටර් සිටි ගෝල රකින්නා වූ එඩර්සන්ගේ සුපිරි දිගු පන්දු යොමු කිරීමක් Sergio Aguero අලංකාර ලෙස දැල වෙත යොමු කළේ හඩර්ස්ෆීල්ඩ් කණ්ඩායම අන්දමන්ද කරමිනි.
පාපන්දු පිටියේ සුපිරි ප්‍රතිවාදීන්
ඕනෑම ක්‍රීඩාවක කණ්ඩායම් දෙකක් අතරෙහි දැඩි ප්‍රතිවාදීත්වයක් ඇතිවිය හැක. එම කණ්ඩායම් …
35 වන මිනිත්තුව වන විට මැන්චෙස්ටර් කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පෙරමුණේ සිටි අතර Gabriel Jesus 31 වන මිනිත්තුවේදීත්, බෙන් හැමර්ගේ අතපසුවීමකින් Aguero 35 වන මිනිත්තුවේ දී සිය දෙවන ගෝලයත් වාර්තා කළේ හඩර්ස්ෆීල්ඩ් ක්‍රීඩකයින්ට කිසිදු නිදහස් ලබා නොදෙමිනි.
පළමු අර්ධය අවසානයට පෙර Gorenc Stankovic 43 වන මිනිත්තුවේ දී පළමු හඩර්ස්ෆීල්ඩ් ගෝලය වාර්තා කළත් තරගය ආපසු හැරවීමට එම ගෝලය ප්‍රමාණවත් වූයේ නැත.
පළමු අර්ධය: හඩර්ස්ෆීල්ඩ් සිටි 01 – 03 මැන්චෙස්ටර් සිටි
දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟ 48 වන මිනිත්තුවේ දී සිය 20 වන ප්‍රිමියර් ලීග් තරගයට සහභාගී වුන ඩේවිඩ් සිල්වා සිව්වැනි මැන්චෙස්ටර් ගෝලය වාර්තා කළ අතර Aguero 75 වන මිනිත්තුවේ දී සිය තෙවන ගෝලයත් වාර්තා කළේ හඩර්ස්ෆීල්ඩ් කණ්ඩායම අන්ත අසරණ කරමිනි.

ඒ අනුව මැන්චෙස්ටර් කණ්ඩායම ගෝල 6-1ක ජයක් හිමිකර ගත්තේ තමන් සහභාගී වූ තරග දෙකෙන්ම ජය වාර්තා කරමිනි.
අවසාන ලකුණු තත්වය: හඩර්ස්ෆීල්ඩ් සිටි 01 – 06 මැන්චෙස්ටර් සිටි
ගෝල රැස්කළ ක්‍රීඩකයෝ
- හඩර්ස්ෆීල්ඩ් සිටි – Jon Gorenc Stankovic 43
- මැන්චෙස්ටර් සිටි – Sergio Agüero 25′, 35′, 75′, Gabriel Jesus 31′, David Silva 48′, Terence Kongolo 84′ (og)
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<





















