ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර කටුනායක මේරියන් ක්‍රිකට් සමාජ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති සිව්දින ටෙස්ට් තරගාවලියේ පළමු තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද (29) සමත් විය.
මේ තරගය පුරාවට මාලින්ද පුෂ්පකුමාර, නායක කෞශාල් සිල්වා, සම්මු අශාන්, කමිඳු මෙන්ඩිස් හා චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින්ගේ දස්කම් කැපීපෙනුණි.
පුෂ්පකුමාරගේ නොනවතින කඩුලු දඩයම නිසා ශ්‍රී ලංකාව ජයක් අබියස
කටුනායක මේරියන් ක්‍රිකට් සමාජ පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට්………
අද දින සඳහා තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 157ක් ලබාගෙන සිටියේය. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් කඩුල්ලේ රැඳී සිටියේ කෞශාල් සිල්වා හා සම්මු අශාන් යන දෙදෙනා සිව්වැනි දිනය ආරම්භ කරමින් පිටියට පැමිණි අතර ඔවුන් දෙදෙනාගේ සබඳතාවය ලකුණු 57ක් ලෙස දැක්වෙද්දී 4 පහර 10ක් එල්ල කරමින් සිය ශතකය ආසන්නයේ සිටි නායක කෞශාල් සිල්වා ලකුණු 91කට දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.
ඊයේ (28) සවස් කාලයේ සිට අද උදෑසන දක්වා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ මැදපෙළ සවිමත් කරමින් ලකුණු රැස්කර ගත් සම්මු අශාන් සිය අර්ධ ශතකයට එක් ලකුණක් මෙපිටින් සිටිය දී දැවී ගියේ ශ්‍රී ලංකා ලකුණු සටහන ලකුණු 200ක් වන විටයි. මනරම් පිතිකරණයක නිරත වූ යොවුන් ක්‍රීඩක සම්මුගේ ඉනිම පහර 7කින් හා එක් 6 පහරකින් වර්ණවත් විය. මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 16යි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තම ඉනිම අල කර ගනිති
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද..
සරත්චන්ද්‍රගේ දැවී යාම ශ්‍රී ලංකා ඉනිමේ 6 වන කඩුල්ල ලෙස සනිටුහන් වූ පසුව පිටියේ එක්වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කම්ඳු මෙන්ඩිස් හා පළමු ඉනිමේ අර්ධ ශතක ලාභී චාමික කරුණාරත්න 7වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 67*ක් සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව සවිමත් කළේය.
එහි දී වමතින් පිතිකරණයේ නිරත වන කමිඳු මෙන්ඩිස් පන්දු 94ක් තුල නොදැවී ලකුණු 67*ක් රැස්කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළ අතර ඔහුට අනෙක් අන්තයෙන් අනගි සහයක් ලබා දුන් චාමික කරුණාරත්න නොදැවී ලකුණු 32*ක් ලබාගත්තේ 4 පහර 3ක් හා 6 පහර 2ක් සමඟිනි.
අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 310ක් ලබාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගත්තේ තරග දෙකකින් සමන්විත සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග 1-0ක් ලෙස පෙරමුණ ගනිමිනි.
දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම – 394/9 (109.5): ටෝනි ඩී සොර්සි 77, මැතිව් බ්රීට්ස්ක් 73, රයන් රිකෙල්ටන් 63, එතාන් බොෂොප් 55, ටෙෂ්පැන්ග් දිතොලේ 43, මාලින්ද පුෂ්පකුමාර 6/126.
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමු ඉනිම – 194/10 (53.4): චාමික කරුණාරත්න 61, සම්මු අශාන් 51, චරිත් අසලංක 18, ජුනයිඩ් ඩාවුඩ් 2/23.
දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම දෙවන ඉනිම – 109/10 (45.5): ටෙෂ්පැන්ග් දිතොලේ 34, මාලින්ද පුෂ්පකුමාර 6/46, කමිඳු මෙන්ඩිස් 3/46.
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම දෙවන ඉනිම – 310/6 (84.2): කෞශාල් සිල්වා 91, කම්ඳු මෙන්ඩිස් 67*, සම්මු අශාන් 49, චාමික කරුණාරත්න 32*.
මේ තරගාවලියේ දෙවන හා අවසන් සිව්දින ක්‍රිකට් තරගය ලබන 2 වැනිදා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වෙන අතර සජීවී තරග විකාශනය හා තරග තොරතුරු ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















