මාලින්ද පුෂ්පකුමාරගෙන් යළිත් දක්ෂ පන්දු යැවීමක්

2398

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 318ක් ලබාගෙන සිටියේය.

කොදෙව්වෝ එකට එක කරති

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගයානා හිදී පැවති දෙවන එක්දින තරගයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය…

තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායම් නායක ටෝනි ඩී සොර්සි කටුනායක මේරියන්ස් ක්‍රිකට් සමාජ තණතීරුව මත පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. ඔවුන්ගේ පළමු කඩුල්ල වෙනුවෙන්ම සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූ නායක ටෝනි ඩී සොර්සි හා රයන් රිකෙල්ටන් ශ්‍රී ලංකා නැගී එන පන්දු යවන්නන් අසීරුතාවයට ඇඳ දමමින් ලකුණු 131ක සවිමත් ආරම්භක සබඳතාවයක් ගොඩනංවන ලදි. දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය සොර්සි 4 පහර 12ක් හා එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 77ක් රැස්කර ගත්තේය.

සොර්සි සමඟින් එක්ව ඉනිම ගොඩනැංවීමට සහය වූ රයන් රිකෙල්ටන් පන්දු 113ක් ඉතාමත් ඉවසිලිවන්ත පිතිකරණයක නිරත වෙමින් ලකුණු 63ක් ලබා ගන්නා ලදි. දකුණු අප්‍රිකානු නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු 4ක් ලකුණු 215ක් තුල දැවී ගොස් තිබිය දී යළිත් එක්වූ දකුණු අප්‍රිකානු පිතිකරුවන් යුගලයක් ශ්‍රී ලංකා පන්දු යවන්න හමුවේ ඉතාමත් පහසුවෙන් තවත් ලකුණු 75ක සබඳතාවයක් ගොඩනංවන ලද අතර ඒ සඳහා මුල පිරුවේ දකුණතින් පිතිකරණයේ නිරත වන මැතිව් බ්රීට්ස්ක් හා ටෙෂ්පැන්ග් දිතොලේ යන දෙපලයි.

4 පහර 6ක් සමඟින් වර්ණවත් වූ බ්රීට්ස්ක්ගේ ඉනිම ලකුණු 73කට සීමා වුනේ මඳ වේගපන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්නගේ පන්දුවක් හමුවේ දැවී ගිය නිසාවෙනි. ලකුණු 43ක් ලබා සිටි දිතොලේ අර්ධ ශතකය පෙනෙන මානයේ සිටිය දී පුෂ්පකුමාරගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

ඉන්දීය යෞවනයෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ව තවත් අසරණ කරයි

සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ…

පළමු දිනයේ සවස භාගය වන විට ශ්‍රී ලංකා පන්දු යවන්නන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පිතිකරුවන්ගේ අඩුපාඩු හා දුර්වලතා යම්තාක් හඳුනා ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස අද දිනයේ දී ඔවුන්ගේ දැවී ගිය අවසන් කඩුලු ලකුණු 18ක් තුල දවා ගැනීමට ශ්‍රී ලංකා නැගී එන පන්දු යවන්නන් සමත් විය. පුරා දින හතරක් තිස්සේ ක්‍රියාත්මක වෙන මේ තරගයේ පළමු දිනය අවසන් වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 318ක් ලබාගෙන සිටියේය.

පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර ලකුණු 91කට කඩුලු 5ක් දවා ගන්නා ලදි.

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම (පළමු දිනය අවසානයේ) – 318/7 (90): ටෝනි ඩී සොර්සි 77, මැතිව් බ්රීට්ස්ක් 73, රයන් රිකෙල්ටන් 63,  ටෙෂ්පැන්ග් දිතොලේ 43, මාලින්ද පුෂ්පකුමාර 5/91

මේ තරගය හෙට (27) දෙවන දිනයටත් පැවැත්වෙන අතර තරගය ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව නැරඹීමට හැකිය.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<