ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනෙකුගෙන් යුතු සංචිතයක් 18 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිත බව වාර්තා වේ. තරගාවලිය එළඹෙන අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් 3 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා හා පලේම්බාන්ග් (Palembang) හිදී රටවල් 45ක සහභාගිත්වයෙන් ක්‍රීඩා ඉසව් 40ක් යටතේ පැවැත්වීමට නියමිතයි.
පැරා තරගාවලියේ වැඩි දස්කම් වෙල්ලස්සට
ජාතික පැරාලිම්පික් කමිටුව මගින් සංවිධානය කරන්නට යෙදුණු ජාතික පැරා මලල ක්‍රීඩා …
ජාතික ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සභාපතිත්වය දරන ජාතික තේරීම් කමිටුව වෙත යොමු කර ඇති අතර ජාතික තේරීම් කමිටුව විසින් අවසන් සංචිතයට අනුමැතිය ලබා දීමට නියමිතයි.
185 දෙනෙකුගෙන් යුතු මේ ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකාව වෙනුවෙන් බහුවිධ ක්‍රීඩා තරගාවලියක් සඳහා තරග වදින විශාලතම ශ්‍රී ලංකා සංචිතය වන අතර ක්‍රීඩකයින් 137ක් හා ක්‍රීඩිකාවන් 47ක් සංචිතයට ඇතුලත්ය. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා 28කදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිත අතර කළමනාකරුවෝ, පුහුණුකරුවෝ, භෞත චිකිත්සකවරු ඇතුළු 60 දෙනෙකු පමණ නිලධාරීන් ලෙස කණ්ඩායමට ඇතුළු වන්නේ මුළු කණ්ඩායම 250 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් බවට පත් කරමින්ය.
පිහිනුම්, දුනු විදීම, මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, බේස්බෝල්, පැසිපන්දු, බොක්සිං, canoe ඔරු පැදීම, ගොල්ෆ්, ජිම්නාස්ටික්, හොකී, ජූඩෝ, කබඩි, කරාතේ, ඔරු පැදීම, සත් සාමාජික රග්බි, රුවල් ඔරු පැදීම, roller sport, ස්කොෂ්, මේසපන්දු, ටයිකොන්ඩෝ, ටෙනිස්, තුන්ප්‍රයාම, බීච් වොලිබෝල්, වොලිබෝල්, බර එසවීම, මල්ලව පොර හා වුෂු යන ක්‍රීඩාවලට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී වීමට නියමිතය.ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වතාවට කාන්තා කබඩි කණ්ඩායමක් ද තරගාවලියට එක්වනු ඇත.
සහය දිවීමේ ශූරයින්ගේ පදක්කම් සිහිනයත් බොඳ වේ
17 වන වතාවටත් පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ හයවැනි හා …


සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් කේවල පදක්කමක් දිනූ අවසන් ක්‍රීඩිකාව වන අතර ඇය 2006 දෝහා හි පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 200 ලෝකඩ පදක්කම හා මීටර 100 රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. 2006 වසරේ දී ම රොහාන් පුෂ්පකුමාර, රෝහිත පුෂ්පකුමාර, ප්‍රසන්න අමරසේකර හා අශෝක ජයසුන්දරගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා 400X4 සහය දිවීමේ කණ්ඩායම එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
2006 පසු ශ්‍රී ලංකාව එකදු පදක්කමක් හෝ දිනා ගැනීමට අසමත් වූ අතර ශ්‍රී ලංකාව දිනා ගත් මුළු ආසියානු ක්‍රීඩා උළෙල පදක්කම් 46න් 27ක් ම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනා ගැනීම විශේෂත්වයකි.


ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්මාරක්ෂක ක්‍රීඩා ඉසව්වලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පදක්කම් බලාපොරොත්තුවක් වන අතර අබේසිංහ සහෝදරයෝ පිහිනුම් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බලාපොරොත්තුව වනු ඇත. මැතිව් හා කයිල් අබේසිංහ ඉන්දුනීසියාවේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිහිනුම් තටාකයට බසිද්දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලයේ දී පදක්කම් දිනූ එකම ක්‍රීඩා ඉසව් දෙක වන බොක්සිං හා බර එසවීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ශ්‍රී ලංකාවට පදක්කමක් ලබා දීම සඳහා සිය උපරිම උත්සාහය දරනු ඇත.
අගෝස්තු 18 වැනිදා ආරම්භ වන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ලද සැණින් ඔබ වෙත ගෙන ඒමට www.ThePapare.com සූදානම්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<
* ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා අමාත්‍යංශ අනුමැතිය ලබා නැත.





















