කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
පුහුණු තරගයෙන් ලංකාවට සුපිරි අත්දැකීමක්

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ඊයේ දිනය සඳහා තරගය ආරම්භ කරන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 17ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 270ක් පසුපසින් සිටිමිනි.
ඩීන් එල්ගාර් හා පිටියේ එක්වූ හෂීම් අම්ලා දකුණු අප්‍රිකානු දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 77ක සාර්ථක ආරම්භයක් ලබා දෙන ලදි. එහි දී 4 පහර 8ක් සමඟින් ලකුණු 43ක් ලබාගත් එල්ගාර්, විකුම් සංජය එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ එම ගොඩනැංවූ සබඳතාවයට තිත තබමිනි.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා පන්දු යවන්නන් දකුණු අප්‍රිකානුවන් මෙල්ල කරයි
පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය නිමා වෙයි

පළඟ ශූරතාවය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය දිනාගද්දී, බඳුන ශූරතාවය මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයත්, පලිහ ශූරතාවය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයත් දිනා ගන්නා ලදි. මේ සාන්ත ජෝසප් විද්‍යාලය අන්තර් පාසල් සත් සාමාජික ශූරතාවයක් දිනා ගත් පළමු වතාවයි.
සම්පූර්ණ වාර්තාව: සාන්ත ජෝසප්, විද්‍යාර්ථ, කිංග්ස්වුඩ් සහ රිච්මන්ඩ් සත් සාමාජික ශූරතා දිනයි
ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ජය පරාජයෙන් තොරයි

තරගය ආරම්භයේ සිට සිය ආධිපත්‍යය රඳවා ගත් ලිතුවේනියා කණ්ඩායම පන්දුව ප්‍රතිවාදී අන්තයේ රඳවා ගනිමින් ගෝලයක් වාර්තා කර ගැනීමට දැඩි උත්සාහයක් දැරීය. ආරම්භයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්‍ෂක පෙළ තරමක් දුර්වල සංවිධානාත්මක බවක් පෙන්නුම් කළත් කෙමෙන් තරගයට අවතීර්ණ වූ ඔවුන් ලිතුවේනියා ඉදිරිපෙළ ක්‍රීඩකයින් හට ගෝලයක් ලබාගැනීමට අවස්ථාවක් ලබා නොදීමට වගබලා ගත්තේය.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවේ පාපන්දුව නැවතත් ජාත්‍යන්තරයට





















