සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව බාබඩෝස් හි පිහිටි ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (18) නිමා විය.
පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණයත් සමඟින් ටෙස්ට් තරගාවලියේ 1-0ක් සේ ඉදිරියෙන් සිටින කොදෙව්වෝ මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 297ක ඉලක්කයක් හඹා ගිය ද තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත වේලාසනින් අවසන් වන විට ලබා සිටියේ කඩුලු 5ක් දැවී ලකුණු 147ක් පමණි.
මෙන්ඩිස් සහ දික්වැල්ල ශ්‍රී ලංකාවට සැනසීම උදා කරයි
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය (17) නිමාවේ දී තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 334ක් ලබා සත්කාරක කොදෙව් ක්‍රීඩකයන්ට වඩා ලකුණු 287ක් ඉදිරියෙන් පසු වෙන්නේ තවත් කඩුලු 2ක් ද අතැතිව ය.
තරගයේ ලකුණු පුවරුව දැක්වුණේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 253ක් ලෙසත් කොදෙව්වන්ගේ පිළිතුරු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 300ක් ලෙසිනි. අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී 342ක් ලබා ගත්හ.
අවසන් දිනයේ කඩුලු 5ක් දැවී ලකුණු 147ක් ව තිබූ කොදෙව් ඉනිමේ ගැලවුම්කාර ඉනිමක නිරත වූයේ දකුණතින් පන්දුවට පහර දුන් 25 වියැති ආරම්භක පිතිකරු ක්‍රෙග් බ්‍රැත්වෙයිට් ය. ඔහු තරගය නිමාවේ දී පන්දු 172කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 59ක් ලබා ගත්තේ ය. තම ඉනිමේ 159 වැනි පන්දුවට පහර දුන් බ්‍රැත්වෙයිට් තම ටෙස්ට් තරග දිවියේ 18 වැනි අර්ධ ශතකය ය වාර්තා කිරීමට සමත් විය.
තරගය නිමා වන විට අනෙක් අන්තයෙන් ජේසන් හෝල්ඩර් (15) පිටියේ නොදැවී රැඳී සිටියේ ය. පන්දු යැවීමේ දී සුරංග ලක්මාල් සහ කසුන් රාජිත කඩුලු 2 බැගින් ලබා සිටි අතර අකිල ධනංජය කඩුල්ලක් දවා ගෙන සිටියේ ය.
තරගයේ සිව්වැනි දිනය අවසාන වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 334ක් ලබා සිටි අතර අවසාන දිනයේ දී ඔවුන්ට ලකුණු පුවරුවට එක්කර ගත හැකි වූයේ තවත් ලකුණු 8ක් පමණි. දිනයේ යැවුණ පළමු පන්දු වාරයේ දී ම සුරංග ලක්මාල් ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූ ෂැනොන් ගේබ්‍රියෙල් අනතුරුව ඊළඟ පන්දු වාරයේ දී අකිල ධනංජයගේ කඩුල්ල ද බිඳ දමමින් තම ටෙස්ට් තරග දිවියේ කඩුලු ශතකය වාර්තා කිරීමට සමත් විය.
වයඹ අභිබවා උතුර පෙරට එද්දී බ. උතුරට පළමු තැන
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවති තරගවලින් උතුරු මැද පළාත් කණ්ඩායම පරාජය කළ බස්නාහිර පළාත් උතුර හා වයඹ කණ්ඩායම පරාජය කළ උතුරු පළාත ජයග්‍රහණ ලබා ගන්නා ලදි.
පෙර දිනයේ කඩුලු 6ක් දවාගෙන සිටි ග්‍රේබියෙල් අද දිනයේ ලබා ගත් කඩුලු දෙකත් සමඟින් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 8ක ම හිමිකාරීත්වය ඔහු සතු විය. ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 121කට කඩුලු 13ක් ලබා ගත්තේ ය. ගේබ්‍රියෙල් තරගයක කඩුලු 10කට වැඩියෙන් ලබා ගත් පළමු අවස්ථාව එය වූ අතර එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ තරගයක හොඳම පන්දු යැවීම සේ ම දෙවැනි ඉනිමේ දී ලකුණු 62කට ලබා ගත් කඩුලු 8 ඉනිමක හොඳම පන්දු යැවීම ලෙසින් ද වාර්තා විය. ගේබ්‍රියෙල්ගේ මෙම දක්ෂතාව තරගයේ වීරයා ලෙසින් ද නම් කිරීමට ඉවහල් විය.
ලකුණු 297ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි කොදෙව්වන්ට දිනයේ පළමු කාර්තුව එතරම් සුබ දායක වූයේ නැත. දිවා විවේකය වෙනුවෙන් තරගය නතර කරන විට කොදෙව් ලකුණු පුවරුව කියැවුණේ පන්දුවාර 24කට කඩුලු 3ක් දැවී ලකුණු 55ක් ලෙසිනි.
ඒ වෙද්දී කොදෙව් ඉනිමේ ඩෙවොන් ස්මිත් (01), කිරන් පටෙල් (02) සහ රොස්ටන් චේස් (13) ක්‍රීඩා විවේකාගාරයේ අසුන් ගැන්වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් ව සිටිය දී ෂායි හොප් (06) ද ආබාධයකට ලක්වෙමින් පිටියෙන් ඉවත්ව සිටියේ ය. දවා ගත් කඩුලු තුනෙන් දෙකක් කසුන් රාජිත සතු වූ අතර සුරංග ලක්මාල්ට එක් කඩුල්ලක් හිමි විය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ග්‍රහණයෙන් මිදී එතෙක් සාර්ථක ම කොදෙව්වා වීමට ක්‍රෙග් බ්‍රැත්වෙයිට් සමත් විය. දිවා විවේකය සඳහා තරගය නතර කරන විට ඔහු ලකුණු 32ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් ෂේන් ඩොව්රිච් කිසිදු ලකුණක් නොලබා නොදැවී සිටියේ ය.
ශ්‍රී ලංකාවේ නිල නොලත් “ක්‍රිකට් නිවුන්නු”
අපි අද අහන බලන ශ්‍රී ලංකා එක්දින පන්දු යවන්නන්ගේ නම් ඇහෙනකොටම, පන්දු රකින්නාගේ නමත් ඉබේම කියවෙනවා. ඒ මොකද?
දිවා විවේකයෙන් අනතුරුව යැවුණ 4 වැනි පන්දුවාරයේ දී ෂේන් ඩොව්රිච් දවා ගනිමින් අකිල ධනංජය ද කඩුලු සමාජයට එක්විය. අනතුරුව ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ ෂායි හොප් නැවත පිටියට පිවිසි අතර හොප් සහ බ්‍රැත්වෙයිට් එක්ව කොදෙව් ලකුණු පුවරුව ටිකෙන් ටික ගොඩ නැගීමට කටයුතු කළහ.
අවසන් දිනයේ තේ විවේකය වෙද්දී කොදෙව්වෝ කඩුලු 4ක් දැවී ලකුණු 108ක් ලබා සිටියේ ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 6ක් අතැතිව ලකුණු 189ක් පිටුපසින් සිටිමිනි. ඒ වෙද්දී දෙපිළම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් බලාපොරොත්තු සහගතව සිටියේ ය. එම බලාපොරොත්තු තබා ගත් අය අතුරින් ඉදිරයෙන්ම පසු වූයේ ක්‍රෙග් බ්‍රැත්වෙයිට් ය. ඒ වෙද්දී ඔහු නොදැවී ලකුණු 44ක් ලබා සිටියේ ය. අනෙක් අන්තයෙන් ෂායි හොප් නොදැවී ලකුණු 34ක් ලබා සිටියේ ය.
තේ විවේකයෙන් අනතුරුව යැවුණ තෙවැනි පන්දුවාරයේ දී කොදෙව් ඉනිමේ 5 වැනි කඩුල්ල අහිමි කරවීමට සුරංග ලක්මාල් සමත් විය. ඒ එතෙක් පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා සිටි හොප් දවා ගනිමිනි.
ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිස එතෙක් කඩුල්ල ආරක්ෂා කරගෙන සිටි ක්‍රෙග් බ්‍රැත්වෙයිට්ට එක් වූ නායක ජේසන් හෝල්ඩර් වර්ෂාව හේතුවෙන් වරින් වර තරගය නතර වූ ව ද තම හය වැනි කඩුල්ල ආරක්ෂා කර ගනිමින් පිටියේ රැඳී සිටීමට සමත් වූහ.
ICC චෝදනාව චන්දිමාල් විසින් ප්‍රතික්ෂේප කරයි
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති සංග්‍රහයේ 2.2.9 වගන්තිය කඩ කිරීම, එනම් පන්දුවේ හැඩය වෙනස් කිරීම/ පන්දුව පළුදු යටතේ චෝදනා ගොනු කර ඇත. ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර සාන්ත ලුසියා හිදී පැවැත්වෙන දෙවන..
කොදෙව් ලකුණු පුවරුව කඩුලු 5ක් දැවී ලකුණු 137ක් ව තිබිය දී දිනයේ පළමු වරට වැස්සෙන් බාධා සිදු වූ අතර නැවත තරගය ආරම්භ වී තෙවැනි පන්දු වාරයේ දී පිටිය පුරා පැවති අඳුරු ස්වභාවය හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට පිටියේ විනිසුරුවන් කටයුතු කළ හ. ඒ වෙද්දී ලකුණු පුවරුව රැඳී තිබුණේ ලකුණු 147 ය.
එතැන් සිට පැවති තත්ත්වය තරගය ඉදිරියටත් පවත්වා ගෙන යෑමට තරම් සුදුසු තත්ත්වයක නොවූයෙන් දෙරට අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය නිමාවේ බේල්ස් ඉවත් කෙරුණි. ඒ තරගය ජය පරාජයෙන් තොරව වූ නිමාවක් සටහන් කරමිනි.
දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 23 වැනිදා බාර්බඩෝස් හි දී දිවා/රාත්‍රී තරගයක් සේ ආරම්භ වීමට නියමිත ය.
ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 253 (79.0) කුසල් පෙරේරා 32, කුසල් මෙන්ඩිස් 45, දිනේෂ් චන්දිමාල් නොදැවී 119, කෙමාර් රොච් 4/49, ෂැනොන් ගේබ්‍රියෙල් 5/59
බටහිර ඉන්දීය කොදෙව්; පළමු ඉනිම සියලුම දෙනා දැවී 300 (100.3) ක්‍රෙග් බැත්වෙයිත් 22, ඩෙවොන් ස්මිත් 61, කිරාන් පවෙල් 27, රොස්ටන් චේස් 41, ෂේන් ඩොව්රිච් 55, සුරංග ලක්මාල් 2/50, කසුන් රාජිත 3/49, ලහිරු කුමාර 4/86
ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 342 (91.4) කුසල් පෙරේරා 20, කුසල් මෙන්ඩිස් 87, දිනේෂ් චන්දිමාල් 39, රොෂේන් සිල්වා 48, නිරෝෂණ දික්වැල්ල 62, අකිල ධනංජය 23, කෙමාර් රොච් 2/78, ෂැනොන් ගේබ්‍රියෙල් 8/62
බටහිර ඉන්දීය කොදෙව්; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 147 (60.3) ක්‍රේග් බ්‍රැත්වෙයිට් නොදැවී 59, ෂායි හොප් 39, සුරංග ලක්මාල් 2/48, කසුන් රාජිත 2/23
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















