සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය (09) නිමා වෙද්දී තම ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 453ක ඉලක්කයක් පසුපස යන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 176ක් ලබා සිටිය හ.
ඒ අනුව තරගය ශ්‍රී ලංකාව වෙත නතු කර ගැනීමට නම් අවසාන දිනයේ දී ඔවුන් තවත් ලකුණු 277ක් ලබා ගත යුතුයි. ඒ වෙනුවෙන් ඔවුන් සතුව ඇත්තේ තවත් කඩුලු 7ක් පමණි.
බලාපොරොත්තු සමඟින් ශ්‍රී ලංකාව 360ක් පිටුපසින්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට්
තරගයේ සිව්වැනි දිනය අයහපත් කාලගුණය මත නතර කරන විට නොදැවී පිටියේ රැඳී සිටින ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 94ක් ලබා සිටියේ ය. ඔහුගේ මෙතෙක් ඉනිම පන්දු 186කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් ද ඇතුලත්ව තිබුණි. අනෙක් අන්තයෙන් රැඳී සිටින්නේ සැදෑ ආරක්ෂකයා ලෙසින් පිටියට පිවිසි ලහිරු ගමගේ (00*) ය.
කොදෙව්වෝ පළමු ඉනිමේ වැඩි ලකුණු 229ත් සමඟින් දෙවැනි ඉනිමට ද ලකුණු 223ක් එක් කර ගත්හ. ඒ කඩුලු 7ක් පමණක් දැවී යමිනි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී ඉලක්කය වූයේ ලකුණු 453කි.
තරගයේ සිව්වැනි දිනයේ කොදෙව් ඉනිමට ලකුණු 18ක් එක් වෙද්දී පළමු කඩුල්ල ලබා ගැනීම ලහිරු කුමාර සමත් විය. ඒ පළමු ඉනිමේ දී ශතකයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට හිසරදයක් වූ ෂේන් ඩොව්රිච් දවා ගනිමිනි. ලහිරුගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවී යන විට ඩොව්රිච්ට දිනයේ ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් පමණි. ඒ අනුව ඔහුගේ දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව වූයේ 13කි.
පෙර දිනයේ නොදැවී ලකුණු 64ක් වාර්තා කර සිටි කිරන් පවෙල් තරමක් වේගයෙන් පන්දුවට පහර දෙමින් පන්දු 127ක දී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 88ක් ලබා ගත්තේය. දිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේ අතිරේක ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ අතට උඩපන්දුවක් දෙමින් දැවී ගිය පවෙල් හය වැනි කඩුල්ලට නායක ජේසන් හෝල්ඩර් සමඟ එක්වෙමින් ලකුණු 42ක සබඳතාවක් ගොඩ නැගුවේය.
කොදෙව් තරග බිමේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය අලුත් වෙයි ද?
බටහිර ඉන්දීය කොදෙව් සභාපතිවරයාගේ කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගය සංචාරක ශ්‍රී ලංකා
පන්දු 40ක දී හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමඟ ලකුණු 39ක් ලබා සිටි නායක ජේසන් හෝල්ඩර් දැවී ගියේ රංගන හේරත්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.
දිවා විවේකය වෙද්දී කොදෙව්වෝ කඩුලු 7ක් දැවී ලකුණු 209ක් ලබා සිටියහ. ඒ වෙද්දී දේවේන්ද්‍ර බිෂෝ හතරේ පහර 2ක් සමඟ ලකුණු 12ක් ද, කෙමර් රෝච් (01*) නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
දිවා විවේකයෙන් පසුව යැවුණ තෙවැනි පන්දුවාරයේ දී ඉනිම අත්හිටවීමට කොදෙව් නායකයා තීරණය කළහ. ඒ වෙද්දී කොදෙව් ලකුණු පුවරුව කඩුලු 7කට ලකුණු 223ක් ව තිබූ අතර ශ්‍රී ලංකාවට වඩා ලකුණු 452ක් ඉදිරියෙන් ඔවුන් පසු විය. ඉනිම අත්හිටවන විට දේවේන්ද්‍ර බිෂෝ ලකුණු 16ක් ද කෙමාර් රොච් ලකුණු 11ක් ද ලබා පිටියේ නොදැවී රැඳී සිටිය හ.
පන්දු යැවීමේ දී පළමු ඉනිමේ දී ද දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලහිරු කුමාර ලකුණු 40කට කඩුලු 3ක් දවා ගත්තේය. රංගන හේරත් ද කඩුලු 2ක් දවා ගනිමින් කොදෙව් ඉනිම පාලනය කළ අතර සුරංග ලක්මාල් සහ දිල්රුවන් පෙරේරා අතර ද කඩුල්ල බැගින් බෙදී ගියහ.
ලකුණු 453ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දිනයේ තේ විවේකය වෙද්දී කඩුල්ලක් දැවී ලකුණු 65ක් ලබා සිටියහ. දැවී ගිය ක්‍රීඩකයා වූයේ කුසල් ජනිත් පෙරේරා ය. ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ ලකුණු පුවරුව 21ක් තිබිය දී කුසල් දැවී යන විට පන්දු 10ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 12ක් ලබා සිටියේය.
ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස්ට එක්වූ නායක දිනේෂ් චන්දිමාල් බිඳෙන් බිඳ ඉනිම ගොඩ නගමින් සිටිය දී ඇති වූ ආබාධයක් හේතුවෙන් ලකුණු පුවරුව 49ක් තිබිය දී පිටියෙන් ඉවත්ව ගියේය. ඒ වෙද්දී චන්දිමාල් පන්දු 23කට මුහුණ දී සිටි අතර ලබා සිටි ලකුණු සංඛ්‍යාව 15කි. ඔහු පිටියෙන් ඉවත් වීමත් සමඟින් පිටියට පිවිසි කණ්ඩායමේ සිටින වඩාත් පරිණතම ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් තම යොවුන් ක්‍රීඩකයා සමඟ එක් වෙමින් ලකුණු පුවරුව 123ක් දක්වා රැගෙන ආහ. ඇන්ජලෝ, ජේසන් හෝල්ඩර්ගේ පන්දුවකට ෂේන් ඩොව්රිච් අතට උඩපන්දුවක් දෙමින් ඉනිමේ දැවී ගිය දෙවැනි ක්‍රීඩකයා වෙද්දී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 31කි. ඒ වෙද්දී ඔහු පන්දු 80කට මුහුණ දී සිටි අතර හතරේ පහර 3කින් තම ඉනිම සරසා ගෙන තිබුණි.
අනතුරුව පිටියට පිවිසි රොෂේන් සිල්වාට කණ්ඩායමට වැඩි දෙයක් කිරීමට කොදෙව්වෝ ඉඩ තැබුවේ නැත. රොෂේන් සිල්වා, දේවේන්ද්‍ර බිෂෝට ගොදුරු වෙද්දී ලබා සිටියේ ලකුණු 14ක් පමණි.
තෙවැනි කඩුල්ල දැවී ගිය විගස දිනය අවසානයට තවත් පන්දුවාර කිහිපයක් පමණක් යැවීමට තිබීම නිසා සැදෑ ආරක්ෂකයා ලෙසින් ලහිරු ගමගේ පිටියට එවීමට ශ්‍රී ලංකා නායකයා කටයුතු කළේය.
පාසල් ක්‍රිකට් ආකෘතියට නව වෙනසක් සමඟින් “සීතාවක මිණිපුර සටන”
අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන “සීතාවක මිණිපුර මහා සටන”
කුසල් මෙන්ඩිස්ගේ දැවැන්ත සේ ම වගකීම් සහිත ඉනිමේ තමන් මුහුණ දුන් 137 වැනි පන්දුවේ දී තම ටෙස්ට් ක්‍රිකට් තරග දිවියේ හය වැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.
කඩුලු ලබා ගැනීමේ දී ෂැනොන් ගේබ්‍රියෙල්, ජේසන් හෝල්ඩර් සහ දේවේන්ද්‍ර බිශෝ කඩුල්ල බැගින් දවා ගත්හ.
තරගය පස්වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක ය.
බටහිර ඉන්දීය කොදෙව්; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 414 (154.0): කිරන් පවෙල් 38, ෂායි හොප් 44, රොස්ටන් චේස් 38, ෂේන් ඩොව්රිච් නොදැවී 125, ජේසන් හෝල්ඩර් 40, දේවේන්ද්‍ර බිශෝ 40, කෙමාර් රොච් 39, සුරංග ලක්මාල් 2/55, ලහිරු කුමාර 4/95
ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 185 (55.4): දිනේෂ් චන්දිමාල් 44, නිරෝෂන් දික්වැල්ල 31, දිල්රුවන් පෙරේරා 20, කෙමාර් රොච් 2/34, ශැනොන් ගැබ්‍රියෙල් 2/48, මිගෙල් කමින්ස් 3/39
බටහිර ඉන්දීය කොදෙව්; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 223 (72.0) ඩෙවොන් ස්මිත් 20, කිරන් පවෙල් 88, ජේසන් හෝල්ඩර් 39, රංගන හේරත් 2/52, ලහිරු කුමාර 3/40
ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 176 (53.4): කුසල් මෙන්ඩිස් නොදැවී 94, ඇන්ජලෝ මැතිව්ස් 31
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















