18 වැනි වරටත් පැවැත්වෙන කනිෂ්ඨ ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය අද (7) ජපානයේ ගිෆු හි නාගාරගාව ක්‍රීඩා පිටියේ දී ආරම්භ වූ අතර එය අද සිට පුරා දින 4ක් එනම් ලබන 10 වැනිදා දක්වා ජපානයේ දී පැවැත්වේ.
තරගාවලියේ ආරම්භක දිනය වූ අද දිනය ශ්‍රී ලංකාවට ඉතාමත් යහපත් හා සුබදායී දිනයක් බවට පත්වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම අවසන් මහා තරග සඳහා අද දිනයේ දී සුදුසුකම් ලබා ගැනීමට සමත් වීම නිසාවෙනි.
ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජපානයට පිටත් වේ
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13න් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (5) ජපානයේ ජිෆු හි පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වීම…
ඩිල්ශීගේ අත්දැකීම්වල පරිණත බව පෙන්වූ සුපිරි ධාවනය

එය තාක්ෂණික දෝෂයක් නිසා සිදුවූවක් වන අතර තරග ආරම්භයේ දී ජපාන ක්‍රීඩිකා යුරි ඔකුමුරා සාර්ථක ආරම්භයක් ලබා ගත් නමුත් ප්‍රථම ආරම්භය පළමු මීටර 200ට පමණක් සීමා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවක් වන ඩිල්ශි සමත් වූවාය. අවසානයේ ඩිල්ශි සිය අත්දැකීම් මනාව උපයෝගී කරගෙන තරග ඉසව්ව අවසන් කළේ සුදුසුකම් ලබා ගැනීමේ දෙවන තරග ඉසව්වේ පළමු ස්ථානය දිනා ගනිමිනි. එහි දී ඇය විසින් තත්පර 54.82ක කාලයක් සටහන් කරන ලදි. දෙවන ස්ථානය ලබාගත් ජපාන ක්‍රීඩිකා යුරී 56.03ක කාලයකින් තරග ඉසව්ව නිමා කළාය. ඒ අනුව ඩිල්ශි අවසන් මහා තරගයේ ඉඩකඩ පහසුවෙන්ම වෙන්කර ගන්නා ලදි.
අවසන් තරගය සඳහා ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සුදුසුකම් ලබා ගන්නා විට, එම ලැයිස්තුව සඳහා තේරී පත්වූ ඉන්දීය ක්‍රීඩිකා ජිස්නා මැතිව් 54.78ක කාලයක් වාර්තා කරමින් පෙරමුණේ සිටින්නේ ඩිල්ශි හට ප්‍රබල අභියෝගයක් ලබා දෙමිනි.
ඒ අනුව හෙට පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ඉන්දීය ක්‍රීඩිකාව එහි රන් පදක්කම දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවට තියුණු තරගයක් දෙනු ඇත.
මේ තරග ඉසව්වේ අවසන් මහා තරගය හෙට (8) ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12ට පැවැත්වේ.
අමාෂා සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කරයි

සුදුසුකම් ලබා ගැනීමේ තරග වට සියල්ලම අවසන් වූ පසුව ක්‍රීඩිකාවන් ලැයිස්තු ගත කළ විට මේ තරග ඉසව්වේ රන් පදක්කමේ වැඩි වාසිය ශ්‍රී ලංකාව දෙසට හැරී තිබෙන අතර චීන ක්‍රීඩිකා ලුලූ ෆෙන්ගු අමාෂා හට යම් අභියෝගයක් වීමට ඉඩකඩක් තිබේ.
කාන්තා මීටර 100 අවසන් මහා තරගය හෙට (8) ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 1.55ට පැවැත්වේ.
අරුණ හා පසිඳු පහසුවෙන්ම අවසන් තරගයට
ශ්‍රී ලංකාවේ සිටින තවත් දක්ෂ යොවුන් මලල ක්‍රීඩකයින් දෙදෙනෙක් වන අරුණ දර්ශන හා පසිඳු කොඩිකාර ද සුදුසුකම් ලබා ගැනීමේ තරග ඉසව්වේ දී ඉතාමත් හොඳ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූයේ තවත් පදක්කම් කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවාසීන්ට යම් බලාපොරොත්තුවක් ලබා දෙමිනි.
ආසියාවේ සිටින ප්‍රබල හා ජවසම්පන්න කනිෂ්ඨ ධාවකයෙක් වන අරුණ දර්ශන මීටර 400 පිරිමි සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ තෙවැනි ඉසව්වට සහභාගී විය. ඔහු ද සිය ඉසව්ව සාර්ථකව හා ජයග්‍රාහීව නිමා කළේ දෙවැන්නා හා ඔහු අතර මීටර 15ක පමණ පරතරයක් තබා ගනිමිනි.

පිරිමි මීටර 400 අවසන් තරගය හෙට (8) ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12ට පැවැත්වේ.
ThePapare.com තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<























