කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
සත්සාමාජික රග්බි කණ්ඩායම තරගාවලියෙන් ඉවතට

ශ්‍රී ලංකා කණ්ඩයම සිය තෙවන සහ කාණ්ඩ මට්ටමේ අවසන් තරගයේ දී උගන්ඩාව හමු වූ අතර ලකුණු 33-12 අමිහිරි පරාජයකට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු විය.
කෙසේ නමුත් පැවති තරග 3න්ම පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය.
අවසාන ලකුණු තත්වය
- උගන්ඩාව 33 (5T,4C) – 10 (2T, 1C)
- වේල්සය 42 (6T,6C) – 12 (2T,1C) ශ්‍රී ලංකාව
- ෆීජි 63 (9T,9C) – 05 (1T) ශ්‍රී ලංකාව
සම්පූර්ණ වාර්තාව: රන්ජන්ගේ උත්සාහය අපතේ හරිමින් ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට
සහය දිවීමේ ක්‍රීඩකයෝ ඉතිහාසයට
ශ්‍රී ලංකා පිරිමි 4×100 සහාය දිවීමේ කණ්ඩායම ඊයේ (14) දින පැවති විසිඑක්වන පොදුරාජ්‍ය
ශ්‍රී ලංකා 4×100 සහය දිවීමේ කණ්ඩයමක් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක තරග වදින්නේ වසර 68කට පසුව වන අතර හිමාෂ එශාන්, ෂෙහාන් අඹේපිටිය, අශ්රාෆ් ලඩිෆ් හා විනොජ් සුරංජය ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය උපරිමය ඉටු කරන්නට සමත් වූහ. ශ්‍රී ලංකා කණ්ඩයම අවසාන පූර්ව වටයේ දී තෙවන ස්ථානය දිනා ගත් අතර තත්පර 39.47ක කාලයක් වාර්තා කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.
සම්පූර්ණ වාර්තාව: 4×100 ධාවන ශූරයෝ ඉතිහාසය නැවත ලියති
දිනයක නිමාව
අද දිනයේ පුවත් සඳහා රැඳී සිටින්න – මුල් පිටුව සමඟින්






















