කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ආනන්ද විද්‍යාලයත් සුපිරි 8 දෙනාගේ වටයට

ඊට අමතරව ඊයේ පැවැත්වූ තරගවල දී වැඩි දස්කම් දැක්වීමට පුබුදු බණ්ඩාර, නිෂිත අභිලාෂ්, ලක්ෂිත රසාංජන හා සිතාර හපුහින්න සමත් විය.
සාන්ත පීතර විද්‍යාලය – 128 (44.1): මොහොමඩ් අමීන් 22, දෙනෙත් ප්‍රමුදිත 4/34, අශෙල් සිගේරා 3/14.
ආනන්ද විද්‍යාලය – 213 (70.5): කනිෂ්ක රන්තිලකගේ 51, ශමල් හිරුශාන් 45*, කවිඳු ගිම්හාන 26, සන්තුෂ් ගුණතිලක 3/43, මොහොමඩ් අමීන් 3/81.
සාන්ත පීතර විද්‍යාල දෙවන ඉනිම – 166/4 (56): සුලක්ෂණ ප්‍රනාන්දු 69, නිපුන්ක ෆොන්සේකා 46.
සම්පූර්ණ වාර්තාව: ආනන්ද විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය සුපිරි 8 වටයට
මහනුවර සහ නාවික හමුදාව ක්ලිෆර්ඩ් කුසලානයේ අවසන් තරගයට

දෙවන අවසන් පූර්ව වටයේ තරගය හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර කොළඹ තුරඟ තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවති අතර එයින් ලකුණු 28-26ක් ලෙස තියුණු ජයග්‍රහණයක් ලබා ගත් නාවික හමුදා ක්‍රීඩා සමාජය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.






















