කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුනු දවස”.
අවසන් සංචිතය අනුමැතිය ප්‍රමාද වන ලකුණු?
ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත සංචාරක සිම්බාබ්වේ හා ශ්‍රී ලංකා කණ්ඩායම් සහභාගී වන ක්‍රිකට් තරගාවලියේ 15 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට අනුමැති ලබා දීම පමා කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා තීරණය කර ඇත.
Sunday Times පුවත් පත වාර්තා කරන පරිදි ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය නිසි මට්ටමක නොතිබීම අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වීම පමා කිරීමට හේතුව වී ඇති බවයි.
එළඹෙන ජුනි 30 වැනිදායින් ආරම්භ වීමට නියමිත සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය සඳහා මේ වන විට ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නිල වශයෙන් නිකුත් කර ඇතත්, තරගාවලියේ ආරම්භය සඳහා තවත් දින 5ක පමණ කෙටි කාලයක් ඉතිරිව තිබිය දී පවා අවසන් 15 දෙනාගේ සංචිතය තවමත් නිල වශයෙන් නම් කර නොමැත.
සම්පූර්ණ වාර්තාව: අවසන් 15 තේරීම කොට උඩ?
ශූරතාවය හේෂාන් Flexe කණ්ඩායමට

- හේශාන් Flexe A – 187/7 (පන්දුවාර 20): නිමේෂ් පෙරේරා 59, බුද්ධික ප්‍රසාද් 36, අශේන් අබේකෝන් 2/25, නුවන් ගුණවර්ධන 2/31
- Sapphire ක්‍රීඩා සමාජය – 57/8 (පන්දුවාර 11): නුවන් ගුණවර්ධන 20, රිශිත් උපමාල් 2/06
දිනයක අවසානය
අද දිනයේ පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට























