එරෝශ්ගේ ශතකයෙන් මැසනෝද් ඉණිම වර්ණවත් වේ

275
Singer U19 Schools cricket

සිංගර් 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයකම පළමු දිනය අද (20) ක්‍රියාත්මක විය. අද දිනය තුල කැපීපෙනෙන දස්කම් දැක්වීමට ලකුණු 108*ක් ලබා ගත් ද මැසනෝද් විද්‍යාලයේ එරෝශ් මදුසංක සමත් විය.

උදාරගෙන් 96ක්; ජයග්‍රහණය ගුරුකුල විදුහලට

පාසල් කෙළිබිමේ දක්ෂයින් සොයා යන සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක අවසන් දිනය අද (20) ක්‍රියාත්මක විය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය

සාන්ත ජෝසප් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයගත් ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කලේය. තරගයේ පළමු දිනය අවසානයේ තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත ජෝසප් විද්‍යාලය, එක් කඩුල්ලක් දැවී ලකුණු 124යි.

ශැනොගීත් ශම්මුගනාදන්ගේ මනරම් පිතිහරඹයත් සමඟින් වර්ණවත් වූ ත්‍රිත්ව විද්‍යාලයේ පළමු ඉණිමට, ලකුණු 62ක් එක් කිරීමට ඔහුට හැකිවිණි. පර්සිවල්, ශැනොගීත් සමඟින් එක්ව ලකුණු 55ක් ඔහුගේ නම ඉදිරියෙන් සටහන් කරගන්නා ලදි. රුචිර ඒකනායක හා හරීන් කුරේ කඩුලු 4 බැගින් දවා ගන්නා ලදී.

පළමු ඉණිම දියත් කල සාන්ත ජෝසප් විද්‍යාලය වේගවත් පිතිකරණය නිරත වෙමින් ලකුණු 124ක් ලබා ගන්නා ලදි. එහිදී කැමරන් දුරුගේ නොදැවී ලකුණු 63*ක් හා නිපුන් සුමනසිංහ නොදැවී ලකුණු 48*ක් ලබාගෙන පළමු දිනය අවසානයේ කඩුල්ලේ රැදී සිටියි.්‍

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 264 (පන්දුවාර 72.4): ශැනොගීත් ශම්මුගනාදන් 62, ට්‍රෙවෝන් පර්සිවල් 55, ටී. බැන්ගුබන් 32, කලණ ද සොයිසා 24, රුචිර ඒකනායක 4/51, හරීන් කුරේ 4/74

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – එක් කඩුල්ලක් දැවී ලකුණු 124 (පන්දුවාර 24): කැමරන් දුරුගේ 63*, නිපුන් සුමනසිංහ 48*

සාන්ත ජෝසප් විද්‍යාලය ත්‍රිත්ව විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 140ක් පසුපසින් සිටියි.


කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය අතර තරගය

ආනන්ද විද්‍යාලය කාසියේ වාසිය ජයගෙන රාජකීය විද්‍යාලයට පිතිකරණය සඳහා අවස්ථාව දුන් අතර ආනන්ද විද්‍යාලීය ක්‍රීඩාංගණයේදි තරගය අදින් (20) ආරම්භ විය. තරගයේ පළමු දිනය නිමාවන විට ආනන්ද විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 83ක් ලබාගෙන සිටියි.

කවිදු මදරසිංහගේ දක්ෂ පිතිකරණයත් සමඟින් ලකුණු 93ක් ලබා ගැනීමට ඔහුට අවස්ථාව උදාවූ අතර, හේලිත විතානගේ ලකුණු 46ක් ලබාගෙන මදරසිංහට අනගි සහයෝගයක් ලබා දුන්නේය. දුලීප ජයලත් කඩුලු 4ක් දවාගනිමින් අානන්ද විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වීය.

පිළිතුරු පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින ආනන්ද විද්‍යාලය වෙනුවෙන් නොදැවී කඩුල්ලේ රැදී සිටින සහන් සුරවීර ලකුණු 43*ක් ලබාගෙන සිටියි.

කොළඹ රාජකීය විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 221 (පන්දුවාර 78.1): කවිදු මදරසිංහ 93, හේලිත විතානගේ 46, දුලීප ජයලත් 4/70, අසේල සිගේරා 3/78

කොළඹ ආනන්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී)- කිසිවෙකු නොදැවී ලකුණු 83 (පන්දුවාර 11): සහන් සුරවීර 43*

ආනන්ද විද්‍යාලය රාජකීය විද්‍යාලයේ  පළමු ඉණිමට වඩා තවත් ලකුණු 138ක් පසුපසින් පසුවෙයි.


ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය

සාන්ත තෝමස් විද්‍යාලීය තණතීරුවේ දී කාසියේ වාසිය ලබා ගත් සත්කාරක විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. තරගයේ පළමු දිනය අවසානයේ දී තම පළමු ඉණිම ක්‍රීඩා කරන වෙස්ලි විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 24ක් ලබාගෙන සිටියි

සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 97ක් එක් කරන්නට රොමේෂ් නල්ලෙපෙරුම සමත් විය. මෙවරද ඔහුගේ ශතකය සම්පූර්ණ කරගැනීමට අවස්ථාව උදානොවීය. ඩිනුර ගුණවර්ධන ද ලකුණු පුවරුවට හොඳ සබඳතාවයක් එක්කරමින් ලකුණු 63ක් ලබා ගන්නා ලදි. සකුන්ත ලියනගේ ලකුණු 93කට කඩුලු 4ක් දවාලමින් සාන්ත තෝමස් ලකුණු පුවරුව යම්තාක් දුරට සීමා කරන ලදි.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 306 (පන්දුවාර 88.5): රොමේෂ් නල්ලෙපෙරුම 97*, ඩිනුර ගුණවර්ධන 63, සිතාර හපුවින  43,  ඩිලෝන් පීරිස් 33, රවිදු කොඩිතුවක්කු 23, සකුන්ත ලියනගේ   4/93, රුචික දංගල්ල 2/55, මොවින් සුභසිංහ 2/72

කොළඹ වෙස්ලි විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – එක් කඩුල්ලක් දැවී ලකුණු 24 (පන්දුවාර 6):

වෙස්ලි විද්‍යාලය සාන්ත තෝමස් විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 282ක් පිටුපසින් පසුවෙයි.


කඳාන ද මැසනෝද් විද්‍යාලය හා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර තරගය

D කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයගත් ද මැසනෝද් විද්‍යාලය තමන්ට හුරුපුරුදු පිටියේදී පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. තරගයේ පළමු දිනය අවසානයේ දී බණ්ඩාරනායක විද්‍යාලය තම පළමු ඉණිමට ලකුණු 34ක් ලබාගන්නා ලදී.

එරෝශ් මදුෂාන් ලකුණු 108*ක් ලබාගෙන දක්ෂ ඉණිමක් දියත් කල අතර එම ඉණිම ද මැසනෝද් විද්‍යාලයේ පළමු ඉණිමට විශාල පිටුවහලක් විය. විසිත මදනායක, අරෝශ් සමඟින් එක්ව තවත් ලකුණු 58ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී රෝශිත සෙනෙවිරත්න කඩුලු 4ක් දවාලමින් දස්කම් දැක්විණි.

කඳාන ද මැසනෝද් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 263 (පන්දුවාර 71.4): එරෝශ් මදුශාන් 108*, විසිත මදනායක 58, හිමත් ජයවීර 37, රෝශිත සෙනෙවිරත්න 4/82

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කිසිවෙකු නොදැවී  ලකුණු 34 (පන්දුවාර 9): ප්‍රවීන් ෆොන්සේකා 23*

බණ්ඩාරනායක විද්‍යාලය ද මැසොනොඩ් විද්‍යාලයේ පළමු ඉණිමට  වඩා ලකුණු 229ක් පසුපසින් පසුවෙයි.

මෙම තරඟ සියල්ලම හෙට (21)  දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට