බංග්ලාදේශ කණ්ඩායම ලබන වසරේදි ශ්‍රී ලංකාවට

364
BNGvSL new

ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග තුනකට හා විස්සයි20 තරග දෙකකට එක්වීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම එළැඹෙන වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.

ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට ජුලි මාසය දක්වා කණ්ඩායම් දෙකටම තරගාවලි නොමැති හෙයින් එම කාලසීමාවේදී මෙම තරගාවලිය පැවැත්වීමටයි බංග්ලාදේශයේ අවධානය යොමුව ඇත්තේ.

මේ පිළිබඳව වන යෝජනාවක් බංග්ලාදේශය දැනටමත් ශ්‍රී ලංකාවට යොමුකර ඇතැයිද ශ්‍රී ලංකාවෙන්ද ඒ සඳහා යහපත් ප්‍රතිචාර දක්වා ඇතැයිද එම මාධ්‍ය වාර්තා කරයි.

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න