86 වැනි සාන්තුවරයින්ගේ ගැටුමට සියල්ල සූදානම්

93

මෙරට ප්‍රධානතම කතෝලික පාසල් ද්විත්වයක් වන සාන්ත ජෝසප් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය වන “සාන්තුවරයන්ගේ සටන” මෙම වසරේ දී 86 වැනි වරට පැවැත්වේ. 

මෙම ක්‍රිකට් සංග්‍රාමය එළඹෙන මාර්තු මස 06 සහ 07 යන දෙදින පුරා පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

මුරලි-වාස් කුසලානය සාන්ත ජෝසප් විද්‍යාලයට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක්…

මෙවරත් අඛණ්ඩව පස්වැනි වරට ජෝසප්-පීතර ක්‍රිකට් සංග්‍රාමය සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දීමට ශ්‍රී ලංකාවේ අංක 1 දුරකථන සේවා සම්පාදක වන ඩයලොග් ආසිආටා සමාගම තීරණය කර ඇත.

මේ වන විට පවත්වා ඇති තරග 85න් තරග 12ක ජයග්‍රහණය හිමිකර ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත්ව ඇති අතර සාන්ත පීතර විද්‍යාලය තරග 10ක ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්ව තිබේ.

2016 වසරේ දී විනූ මොහොට්ටිගේ නායකත්වය යටතේ සාන්ත පීතර විද්‍යාලය අවසන් වරට ජයග්‍රහණය හිමිකර ගත් අතර මේ වන විට ගරු මෞරීස් ලේ ගොක් පියතුමන්ගේ (Rev. Fr. Maurice Le Goc) අනුස්මරණ කුසලානය එම විද්‍යාලය සතුව ඇත. සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් වරට ජයග්‍රහණය කරනු ලැබුවේ වර්ෂ 2008 දී රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වය යටතේ දී ය.

මේ වසරේ දී සාන්ත ජෝසප් විද්‍යාල කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ජොහෑන් ප්‍රනාන්දු හට හිමිව තිබේ. ශැනොන් ප්‍රනාන්දු   විසින් මෙවර සාන්ත පීතර විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවනු ඇත.

ඊයේ (12) Jetwing Colombo Seven හිදී පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී සාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති ගරු රෝහිත රොද්‍රිගෝ  පියතුමා මෙසේ තම සුබ පැතුම් එක්කරන ලදි.

“සාන්තුවරයන්ගේ සටන කියන්නේ මෙරට ප්‍රධානතම කතෝලික පාසල් දෙක අතර පවත්වන, සැවොම බලා සිටින තරගයක්. ඉතින් මං කණ්ඩායම් දෙකේම නායකයින්ටත් එම කණ්ඩායම් දෙකටත් මෙම දින දෙක තුළ හොඳින් ක්‍රීඩා කිරීමට හැකි වේවා කියා ආශීර්වාද කරනවා.”  

>>Photo Album : 86th Battle of the Saints | Press Conference<<

මෙම පාසල් ද්විත්වයේම ක්‍රීඩකයින් රැසකට මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට හැකියාව හිමිවී තිබේ. සාන්ත ජෝසප් විද්‍යාලයෙන් බිහි වූ ඇන්ජෙලෝ මැතිව්ස්, චමින්ද වාස්, තිසර පෙරේරා, දිමුත් කරුණාරත්න, ඈෂ්ලි ද සිල්වා, මයිකල් වැන්ඩොට්, රොෂේන් සිල්වා සහ සදීර සමරවික්‍රම මෙන්ම සාන්ත පීතර විද්‍යාලයෙන් බිහි වූ රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, රසල් ආනල්ඩ්, විනෝධන් ජෝන්, අමල් සිල්වා, කෞෂාල් ලොකුආරච්චි, මලින්ද වර්ණපුර සහ ඇන්ජෙලෝ පෙරේරා මෙසේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට සමත්වී ඇති ක්‍රීඩකයින් වේ.

“මෙවර 86 වැනි වරට පැවැත්වෙන සාන්තුවරයන්ගේ සටනට පූර්ණ අනුග්‍රාහකත්වය දක්වන ඩයලොග් ආසිආටා සමාගමට මං ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කණ්ඩායම් දෙකටම හොඳින් ක්‍රීඩා කිරීමට ආශීර්වාද කරන අතර ජෝසප්-පීතර එකමුතුභාවය තව තවත් වර්ධනය වේවා කියා ආශීර්වාද කරනවා.” කියා සාන්ත ජෝසප් විද්‍යාලයේ විදුහල්පති ගරු රන්ජිත් අන්ද්‍රාදි  පියතුමා මෙසේ තම සුබ පැතුම් එක්කරන ලදි.

Here we go again! – March Madness 2020

We are reaching the most dizzying five weeks on the Sri Lankan sports calendar…

මෙරට පාසල් මට්ටමේ පැවැත්වෙන පැරණිතම සීමිත පන්දුවාර තරගය වන ජෝසප්-පීතර එක්දින තරගය මෙවර ද 46 වැනි වරට පැවැත්වීමට නියමිතය. “ගරු පීටර් ඒ. පිල්ලෙයි පියතුමන්ගේ කුසලානය” සඳහා ක්‍රීඩා කරන මෙම තරගය මාර්තු මස 22 වැනිදා කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙවර 86 වැනි සාන්තුවරයන්ගේ සටන සඳහා HNB, American National College (ANC), සෙලින්කෝ ලයිෆ්, Elephant House, Keells Krest, Maggi, Ceylon Biscuits Ltd, Daraz, Privilege Fashions, Sun FM සහ Jetwing Hotels යන සමාගම් අනුග්‍රාහකත්වය ලබා දේ.

මෙම 86 වැනි සාන්තුවරයන්ගේ සටන සහ එක්දින තරගය ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ ඔබට සජීවීව නැරඹිය හැකි අතර ඩයලොග් TV ඔස්සේ මෙන්ම Dialog ‘Viu’ ඔස්සේ ද නැරඹීමට හැකියාව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<