තායිලන්තයේ පැවැත්වෙන 19 වැනි ආසියානු කනිෂ්ඨ කණ්ඩායම් ස්කොෂ් ශූරතාවලිය සඳහා 8 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් නිවේදනය කර තිබේ. තරගාවලිය එළඹෙන ජනවාරි 16 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකාවට මෙම තරගාවලිය ආගන්තුක තරගාවලියක් නොවේ. පෙර පැවති තරගාවලිවලට ද ශ්‍රී ලංකාව සහභාගී වී ඇති අතර මෙවර තරගාවලිය ASF ශූරතාවලි රෙගුලාසිවලට අනුව පත්වෙනු ඇත. ASF කමිටුව විසින් කණ්ඩායම් කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර ඔවුන් තමන්ගේ කාණ්ඩයේ පළමු වටයන් ක්‍රීඩා කරනු ඇත.
ජාත්‍යන්තර බේස්බෝල් ශූරතාවලියක් ශ්‍රී ලංකාවේ දී
ශ්‍රී ලංකා ආධුනික බේස්බෝල් සංගමය (SLABSA) හට 2019 බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව පැවැත්වීමේ අවස්ථාව හිමිව තිබෙන අතර ඒ අනුව…
මේ වසරේ දී තරගාවලියට කණ්ඩායම් 12ක් සහභාගී වන අතර ශ්‍රී ලංකාව A කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, කොරියාව, චීන තායිපේ හා තායිලන්තය සමඟ සටන් වදිනු ඇත.B කාණ්ඩයට අයත් වන්නේ මලයාසියාව, හොංකොං, සිංගප්පූරුව, ජපානය, කුවේට් හා චීනයයි.
කණ්ඩායම් සියල්ල පළමු වටයේ දී එකිනෙකා හා තරග වදින අතර එක් එක් කාණ්ඩයේ පළමු කණ්ඩායම් හතර අවසන් තරග වටයට පිවිසෙනු අතරයි.
ශ්‍රී ලංකා කණ්ඩායමට අත්දැකීම් බහුල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙක් ඇතුළත්ව සිටියි.
දෘවිංක පෙරේරා

2013 වසරේ දී වයස අවුරුදු 13න් පහළ ආසියානු ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි ස්ථානයට ද පැමිණි ඔහු ජාත්‍යන්තර තරගාවලි 20කට පමණ ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. තවද ඔහු 2016 හා 2018 වසරවල ආසියානු ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් ශූරතාවලියට ද සහභාගී වූයේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට ද කැඳවුම් ලබමිනි.
ජ්‍යෙෂ්ඨ විවෘත කාණ්ඩයේ තුන්වැනි ස්ථානය ද කනිෂ්ඨ ජාතික ශූරයා ද වූ දෘවිංක තායිලන්තයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට මෙහෙයවනු ඇත.
මෙත්මාල් වුඩ්

දකුණු ආසියාව ජය ගන්න යන 111කින් යුත් ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායම
ඉන්දියාවේ බැංගලෝර් නුවර දී ලබන වසරේ ජනවාරි 22 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තුන්වැනි දකුණු ආසියානු ජල ක්‍රීඩා…
2017 හා 2018 වසරවල දී ජෝර්දානයේ දී හා ඉන්දියාවේ දී පැවති ආසියානු කනිෂ්ඨ කේවල ශූරතාවලිවල පළඟ ශූරයා ලෙස සම්මාන ලබා ගත්තේ මෙත්මාල්. ඔහු පළමු වතාවට ජාතික වර්ණ දිනා ගත්තේ වයස අවුරුදු 13න් පහළ කාණ්ඩයෙන් 2014 වසරේ දී.
තුවින් නිලක්ෂණ

තුවින්, 2018 ජාතික ජ්‍යෙෂ්ඨ තරගාවලියේ දී ද පළඟ ශූරතාවය දිනා ගත්තේ වයස අවුරුදු 19න් පහළ කේවල අංශයේ දෙවන ස්ථානය ද දිනා ගනිමින්.2017 වසරේ දී ස්කොෂ් ක්‍රීඩාව වෙනුවෙන් විශේෂ සම්මානයක් ද දිනා ගත් ඔහු මේ වන විට ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ස්කොෂ් නායකයා ලෙස ද කටයුතු කරනවා.
හේෂාන් බාලසූරිය

2017 වසරේ ජෝර්දානයේ පැවති කනිෂ්ඨ කේවල ශූරතාවලියේ දී 10 වැනි ස්ථානය දිනා ගත් ඔහු තෙවතාවක් රාජකීය වර්ණ දිනා ගනිමින් 2018 වසරේ දී රාජකීය විද්‍යාලය සමස්ත ලංකා අන්තර් පාසල් ස්කොෂ් ශූරයින් බවට පත් කිරීමට ද සමත් විය.
කසුනි ගුණවර්ධන

සමීරා ඩින්

සමීරා වයස අවුරුදු 19න් පහළ කනිෂ්ඨ ජාතික ශ්‍රේණිගත කිරීම්වල දෙවැන්නා වන අතර අවුරුදු 15න් පහළ හා 17න් පහළ කාණ්ඩවල ඇය අපරාජිත ශූරියක් ලෙස රැඳී සිටින්නට සමත් විය. ඇය මේ වන විට ජාතික කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ හා ජ්‍යෙෂ්ඨ ජාතික අංශයේ සිව්වැනි ස්ථානයේ ද රැඳී සිටියි.
චනිත්මා සිනලි

13න් පහළ හා 15න් පහළ ශූරතාවන් ද දිනා ගත් ඇය මේ වන විට 15න් පහළ කාණ්ඩය ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ ක්‍රීඩිකාවයි. ඇයගේ ඉහළම ජාත්‍යන්තර දක්ෂතාවය 2015 වයස අවුරුදු 13න් පහළ ආසියානු කනිෂ්ඨ කේවල තරගාවලියේ දී 10 වැනි ස්ථානය දිනා ගැනීමයි.
දෙව්මිණි ගාල්ලගේ

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා ස්කොෂ් සභාපති අජිත් අබේසේකර මහතා කණ්ඩායම් කළමනාකරු ලෙස සහභාගී වන අතර කණ්ඩායමේ පුහුණුකරු ලෙස චමින්ද තලගල සහභාගී වනු ඇත.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<






















