ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ වීමට තවත් දින කිහිපයක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක, ආරම්භක පිතිකරු සහ කඩුලු රකින පිතිකරු කුසල් පෙරේරා හට ඇතිව තිබූ උරහිසේ ආබාධය තරමක් උත්සන්න වී තිබෙන බව වාර්තා වෙනවා.
ඒ නිසාවෙන් මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට කඩුලු රකින පිතිකරුවෙක් හෝ කඩුලු රකින ආරම්භක පිතිකරුවෙකුගේ අවශ්‍යතාවය මතුව තිබෙනවා. පසුගිය තරගාවලි කිහිපය පුරාවට නම් කළ ශ්‍රී ලංකා සංචිතයන් තුල කඩුලු රකින පිතිකරුවන් කිහිප දෙනෙකුම සිටි නමුත්, එයින් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම (නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්) යම් යම් හේතූන් මත මේ වන විට ශ්‍රී ලංකා සංචිතයේ නැහැ.
තවත් ක්‍රිකට් පුවත්:
- ICC තරගාවලි 11ක සත්කාරකත්වයට රටවල් 17ක් සටනට
- භානුකට තහංචි දමා පුහුණුවීම්වලට කැඳවයි
- “ඉන්දු-ශ්‍රී ලංකා සංචිතය අපි තවම තෝරලා නැහැ” – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
- වැස්සේ පිහිටෙන් ශ්‍රී ලංකාව පියවර දෙකක් උඩට පනියි
එළඹෙන 18 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය ඉලක්ක කරගනිමින් පැවැත්වුණු පළමු පුහුණු සැසි දෙක සඳහාම කුසල් පෙරේරා සහභාගී වුනේ නැහැ.
යම් ආකාරයකින් පළමු එක්දින තරගය පැවැත්වෙන දිනය වන විට ඔහුගේ ආබාධය සුව නොවී තිබුනහොත්, ඒ වෙනුවෙන් ස්ථානය දිනා ගැනීමට හැකි ක්‍රීඩකයින් කවුරුන් ද කියා අවධානය යොමු කර බලමු.
මේ ක්‍රීඩකයින් පස් දෙනාම මේ වන විට ශ්‍රී ලංකා A සහ නැගී එන කණ්ඩායමේ ඉදිරි තරගාවලි වෙනුවෙන් පුහුණුවීම් කිරීම සඳහා දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත කර තිබෙන ජෛව ආරක්ෂිත බුබුලක (Bio-secure bubble) පසුවනවා.
මිනෝද් භානුක

සදීර සමරවික්‍රම

නමුත් ඔහුට ලැබුණු අවස්ථාවල දී දිගින් දිගටම ලකුණු අතරට ඒමට නොහැකි වීම නිසා ඔහුට ජාතික කණ්ඩායමේ නිසි ස්ථානයක් දිනා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. මේ දකුණත් පිතිකරුවා ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග 18ක් ක්‍රීඩා කරමින් මේ ක්‍රීඩකයින් පස් දෙන අතර සිටින අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා වෙනවා.
ලහිරු උදාර

කමිල් මිශාර

නිශාන් මදුෂ්ක

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.
>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<





















