තරගාවලි කල්යාම ගැන ලෝක ශූරයාගේ අප්‍රසාදය

77

මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය සහ සුප්‍රකට බොස්ටන් මැරතන් තරගය කල්දැමීම නිසාවෙන් තමන් බොහෝ සිත් තැවුලට පත් වූ බව හිටපු කෙන්යානු මලල ක්‍රීඩක ජෙෆ්රි කිරුයි පවසා සිටිනවා.

කෙන්යානු තහනම් උත්තේජක ගැටලුව තවත් උග්‍ර වේ

තහනම් උත්තේජක චෝදනා ලැබ තිබූ තවත් කෙන්යානු දිගු දුර ධාවන ශූරයන් ………….

මැරතන් ධාවන ඉසව්වේ හිටපු ලෝක ශූරයෙකු වන ඔහු මෙම තරග කල්යාම පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ මෙම තීරණ දැන ගැනීමෙන් පසු තමන් පුදුමයට හා කම්පාවට පත්වූ බවයි.

“එම පුවත ප්‍රථමයෙන් ඇසූ විට මට දැනුණේ කිසිවෙකු හෝ මා හට පටියකින් පහර දෙනවා හා සමාන හැඟීමක්. මාගේ ක්‍රීඩා දිවියේ මෙවැනි සිත් තැවුලට පත්වන අවස්ථා බොහොමයක් සිදු වූවත් මෙය ඒ අවස්ථා සියල්ලටම වඩා වේදනාවක් වුනා.”

“මෙම තත්වයේ ඇති භයානකම දෙය නම් මෙය යථා තත්වයට පත්වන්නේ කවදාද යන්න කිසිවෙකු නොදැන සිටීමයි. මා දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් මෙයට විසඳුමක් සොයා දෙන්න කියලා. මෙම තත්වය ක්‍රීඩාවට බොහෝ සෙයින් දුක් දී අවසන්. මා හට හැකි ඉක්මනින් අවශ්‍යයි මාගේ දිගු දුර ධාවන ක්‍රීඩා දිවියේ ජයග්‍රහණ මාවතට ආපසු යාමට.”

“මා විශ්වාස කරනවා මෙම තත්වය ඉක්මනින් යථා තත්වයට පත්වේවි කියලා. මම ඉතා වෙහෙස වී මාගේ පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටිනවා. මෙම කරදර සියල්ල අවසානයේ මා බලාපොරොත්තුවෙන් පසුවෙනවා ඔලිම්පික් සහ බොස්ටන් මැරතන් තරගවල දී විශාල වෙනසක් සිදු කිරීමට” යැයි ඔහු වැඩිදුරටත් පවසන ලදි.

2017 වසරේ පැවති බොස්ටන් මැරතන් තරගය ජය ගැනීමට සමත් වූ ජෙෆ්රි එම වසරේම පැවති ලෝක ශූරතාවලියේ මැරතන් තරගය ද ජය ගනිමින් ලෝක ශූරයා බවට පත්වීමට සමත් විය.

පැතිර යන කොරෝනා වයිරස තත්වය නිසාවෙන් මෙම වසර තුල පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් තරගාවලිය වසරකින් කල් දැමූ අතර බොස්ටන් මැරතන් තරගය ද මෙම වසරේ සැප්තැම්බර් මාසය දක්වා කල්දැමීමට සංවිධායකයින් තීරණය කරන ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<