3DH වෙළඳසේවා ක්‍රිකට් ශූරතාවයක් දිනයි

වෙළඳසේවා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (Division B) - 2023

133

වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන 2023 වෙළඳසේවා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (Division B) අවසන් මහා තරගය ඊයේ (6) වෙළඳසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

3DH International සහ MAS Unichela කණ්ඩායම් අතර පැවති මේ අවසන් මහා තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගන්නට 3DH ක්‍රීඩකයින් සමත් වුනා.

3DH කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් MAS කණ්ඩායම පන්දුවාර 40කුත් පන්දු 3ක් තුල ලකුණු 140කට සීමා කරන්නට 3DH පන්දු යවන්නන් සමත් වුනා. එහි දී මිරංග වික්‍රමගේ ලකුණු 25කට කඩුලු 5ක් දවාගෙන දස්කම් දක්වද්දී, අශේන් ඩැනියල් සහ සචිඳු කොළඹගේ කඩුලු දෙක බැගින් දවාගෙන දස්කම් දැක්වූවා.

තරගයේ දෙවැනි ඉනිම දියත් වන අතරවාරයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව තරගය පන්දුවාර 37කට සීමා වීම නිසා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව 3DH කණ්ඩායමට ලකුණු 135ක ඉලක්කයක් හඹා යා යුතු වුනා.

එම ඉලක්කය පන්දුවාර 23කුත් පන්දුවක් තුල කඩුලු 2ක් පමණක් දැවී ඉතාමත් පහසුවෙන් හඹා ගිය 3DH කඩුලු 8කින් තරගය ජයගෙන මෙවර B කොටසේ පන්දුවාර 50 වෙළඳසේවා ක්‍රිකට් ශූරතාවය ජය ගත්තා.

  • MAS Unichela – 150 (40.3): රමිත් ගුණරත්න 41, කලන සංදීප 28*, සුකිත මනෝජ් 25, මිරංග වික්‍රමගේ 5/25, සචිඳු කොළඹගේ 2/27, අශේන් ඩැනියල් 2/35
  • 3DH International 137/2 (23.1): ලොහාන් ද සොයිසා 69, ඉසිවර දිසානායක 30*, කෝසල රවිඳු 29

3DH කණ්ඩායමට කඩුලු 8ක ජයක් (ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<