ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නියෝජනයන් තුනක් තායිවානයට

Taiwan Open Athletics Championship 2025

26
sri lankan athletes

තායිවානයේ පැවැත්වීමට නියමිත

Taiwan Open Athletics Championship මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගී වීමට නියමිතයි.

හෙට (07) සහ අනිද්දා (08) යන දිනවල දී තායිවානයේ පැවැත්වීමට නියමිත මෙම මලල ක්‍රීඩා තරගාවලිය World Athletics Bronze කාණ්ඩය යටතේ පැවැත්වෙනු ඇති.

මේ සඳහා ශ්‍රී ලංකා නියෝජනයන් ලෙස චමෝද් යෝධසිංහ (පිරිමි මීටර් 100), ලෙසඳු අර්ථවිදු (පිරිමි උස පැනීම) සහ නදීශා ලේකම්ගේගේ (කාන්තා හෙල්ල විසි කිරිම) සහභාගී වනු ඇති.

මීට පෙර මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට අරුණ දර්ශන, කාලිංග කුමාරගේ සහ නිශේන්ද්‍රා ප්‍රනාන්දු යන ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ නම් ඉදිරිපත් වී තිබූ නමුත් ආබාධ සහ අසනීප තත්ව හේතුවෙන් ඔවුන් වෙනුවට පෙර සඳහන් කළ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තරගාවලියට සහභාගී කිරීමට තීරණය කර ඇති බව දැනුම් දුන්නා.

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>