වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර ජුසේ වාස් අනුස්මරණ කුසලානය වෙනුවෙන් පැවැත්වෙන “රන් මුසු නීල සටන” වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 25 සහ 26 දෙදින කොළඹ P. Sara Oval පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
2 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගය පළමු වරට පසුගිය වසරේ දී ආරම්භ වූ අතර එම තරගය නිමා වෙන්නේ ජය පරාජයෙන් තොරවයි.
මෙවර තරගයට එක් වෙන වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ 2 වැනි කොටසේ Tier A කාණ්ඩයේ දෙදින තරගාවලියේ සේ ම එක්දින සීමිත පන්දුවාර තරගාවලියේ ද ශූරයන් ලෙසින් අභිශේක ලැබූ කණ්ඩායමයි.
එම කණ්ඩායම කවිත් ප්‍රනාන්දුගේ නායකත්වය යටතේ පිටියට පිවිසීමට නියමිත අතර කණ්ඩායමේ උප නායකත්වය හිමි ව ඇත්තේ හංස මිහිරංග වෙතයි.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පහළ පළමු කොටසේ Tier B තරගාවලිය නියෝජනය කළ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය එම කාණ්ඩයෙන් තරගකාරීව තරගාවලිය අවසන් කළ කණ්ඩායම් අතරට එක් වූ කණ්ඩායමක් ලෙසයි හැඳින්වෙන්නේ.
එම කණ්ඩායම චමෝද් සංදීප ගේ නායකත්වයෙන් යුතුව මෙවර තරගයට එක් වෙන අතර ඔහුගේ සහායකයා වෙන්නේ කවිඳු සේනාධී.
ගම්පහ දිස්ත්‍රික්කය සහ පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන මෙම දෙවිදුහල් මෙරට ජාතික ක්‍රිකට් පිටියට ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් ම දායාද කළ කණ්ඩායම් ලෙසින් ද ඉතිහාසයට එක් වෙනවා.
ඒ අතුරින් වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය නියෝජනය කරමින් මෙරට ජාතික කණ්ඩායම හා එක් වූ ක්‍රීඩකයන් අතරට සිල්වෙස්ටර් ඩයස්, චමින්ද වාස්, මංජුල මුණසිංහ සහ තිසර පෙරේරා වැන්නෝ ඇතුලත් වෙනවා. ඔවුන්ට අමතර ව සැමීබියා ජාතික කණ්ඩායම නියෝජනය කළ කමල් රූපසිංහ මෙන් ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම නියෝජනය කළ සාමාල් උඩවත්ත ද වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රිකට් ඉතිහාසය වර්ණවත් කළ ක්‍රීඩකයන් ලෙසින් හැඳින්විය හැකියි.
වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයන් අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 15න් පහළ, වයස අවුරුදු 19න් පහළ සහ ශ්‍රී ලංකා A කණ්ඩායම්වල නායකත්වයේ කටයුතු කළ නිපුන් ධනංජයට සුවිශේෂී ඇගයීමක් ලැබෙනවා. එමෙන් ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ දකුණතින් වේග පන්දු යවන ෂෙහාන් මදුශංක මෙන් ම කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක ද ගෞරවනීය ජෝසප් වාස්වරුන්.
වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
චමෝද් සංදීප (නායක), කවිඳු සේනාධි (උප නායක), විශ්මිත් සරෝජ්, පසිඳු රශ්මික, මොහොමඩ් හිරාස්, තරුෂ ප්‍රනීත්, ආකාෂ් තේජක, චාමර ලක්ෂාන්, සදීස කාවින්ද, හිවින් සොනාත්, හිතේෂ් රුවන්ද, චෙතින් දිල්සරු, ෂැනෙල් තිමාන, ෂෙහාර දෙව්තිලිණ, රිද්ම භාෂික, හර්ෂ වීරසූරිය, සසිඳු අවිශ්ක, කවිඳු විහඟ, නිපුන් සංකලණ සහ තුවාන් හෆීස්.
සරෝජිනි විජේසිංහ (විදුහල්පති), විජයකුමාර් දනුෂාන් (ක්‍රිකට් භාර ආචාර්ය), තරිඳු රුක්ෂාන් (ප්‍රධාන පුහුණුකරු), රොමේෂ් සුරංග (සහාය පුහුණුකරු)
- ඇල්පිටියේ හරිත – නීල සටන ගාල්ලේ දී
- ශ්‍රී ලංකා A කණ්ඩායම අපරාජිත ව ඉදිරියට
- තුන්කොන් එක්දින තරගාවලියේ ප්‍රතිවාදීන්
- ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලෝක කුසලානයට පුහුණු කිරීමේ වගකීම චාමර සිල්වාට
- චමෝදි නිමා වූ කාන්තා 19න් පහළ ලෝක කුසලානයේ හොඳම කණ්ඩායමට තෝරා ගනී!
වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
කවිත් ප්‍රනාන්දු (නායක), හංස මිහිරංග (උප නායක), හේෂාන් රත්නායක, ඩේමියන් ප්‍රසංසන, පසල් මෙන්තුස, ඉසුරු ජයසේකර, අමල් පෙරේරා, යසිත් කරුණාරත්න, හිමාල් රවිහංස, රනීෂ නිම්සර, සෙනුජ දම්සිතු, ඩොමිනික් සාවියෝ, ෂෙනාන් ප්‍රනාන්දු, දුමිඳු රසාංජන, විමුක්ති ඉෂාර, ආකර්ෂ වර්ණකුලසූරිය, අනුහස් සුබසිංහ, මතිෂාන් ප්‍රනාන්දු සහ විදස් ලියනගේ.
ප්‍රියංජීව ගුණරත්න පියතුමා (විදුහල්පති), අනුෂා ගීතානි (නියෝජ්‍ය විදුහල්පතිනිය), රන්දීර දිනේෂ් මහතා (ක්‍රීඩා භාර ආචාර්ය සහ ක්‍රිකට් භාර ආචාර්ය), සුරේකා දිල්හානි (කණිෂ්ඨ ක්‍රිකට් භාර ආචාරිනී), දෙනුවන් රාජකරුණා (ප්‍රධාන පුහුණුකරු), ධනුක නිර්මාල් (සහාය පුහුණුකරු),
රන් මුසු නීල සටනට එක් වෙන වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය ක්‍රීඩකයන්ට සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම්!
මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී අත්දැකීම් Dialog Television හී ThePapare TV HD 2 නාලිකා අංක 127 සුසර කර ගැනීමෙන් මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග උණුසුම සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<