පාසල් රග්බි ලීගයේ තෙවැනි සති අන්තය අවසන්

Dialog Schools Rugby League 2025

2
Dialog Schools Rugby League 2025

2025 Dialog පාසල් රග්බි ලීගයේ තෙවැනි සතියේ තරග ගෙවුණු සති අන්තයේ දී ක්‍රියාත්මක වුනා. මෙම සති අන්තයේ ද සුපුරුදු පරිදි පාසල් 16ක් තරග 08ක් සඳහා තරග බිමට පිවිසුණා.

රජකීය විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය

මෙම තරගයේ පළමු අර්ධයේ පටන් ම රාජකීයයන් සිය ආධිපත්‍යය තරගයට කා වැද්දීමට සමත් වුනා.

එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ පළමු අර්ධය තුළ රාජකීය ක්‍රීඩකයින් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර, සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට ලබා ගැනීමට ඉඩ දුන්නේ ලකුණු 07ක් පමණයි.

තරගයේ දෙවැනි අර්ධය ද පෙර ලෙස ම රාජකීය ආධිපත්‍යයට නතු වූ අතර, තරගය අවසන් වන විට ඔවුන් ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වී සිටියා.

  • රාජකීය විද්‍යාලය33 (5T, 4C) – සාන්ත ජෝසප් විද්‍යාලය 14 (2T, 2C)

සාන්ත පීතර විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය

මෙම තරගයේ දී විද්‍යා විද්‍යාලය විසින් සාන්ත පීතර විද්‍යාලයට සැලකිය යුතු තරම් සටනක් ලබා දීමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ සාන්ත පීතර ක්‍රීඩකයින් ලකුණු 19ක් ලබා ගන්නා අතරේ විද්‍යා විද්‍යාලය ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 06ක් පමණයි.

කෙසේ වෙතත් දෙවැනි අර්ධයේ දී සාන්ත පීතර ක්‍රීඩකයින්ට ලකුණු 10ක් පමණක් ලබා ගැනීමට ඉඩ ලබා දුන් විද්‍යා ක්‍රීඩකයින් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනේ පරාජිත තරගයකට ගෞරවනීය අවසානයක් ලබා දෙමිනුයි.

  • සාන්තපීතර විද්‍යාලය 29 (5T, 2C) – විද්‍යා විද්‍යාලය 23 (2T, 2C, 3P)

සාන්ත තෝමස් විද්‍යාලය සහ මහානාම විද්‍යාලය

මෙම තරගය නම් සම්පූර්ණයෙන්ම පාහේ සාන්ත තෝමස් විද්‍යාලය නතු වූ තරගයක් ලෙසයි ක්‍රියාත්මක වුනේ.

තරගයේ පළමු අර්ධය තුළ තෝමසුවන් විසින් මහානාමයට ලකුණු 14ක් පමණක් ලබා ගැනීමට ඉඩ ලබා දෙමින්, සිය ලකුණු පුවරුවට ලකුණු 26ක් එක් කිරීමට සමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධය තුළ තෝමසුවන් විසින් මෙම ලකුණු තත්වය 50ක් කරා රැගෙන යමින් සිය ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.

  • සාන්ත තෝමස් විද්‍යාලය 50(7T, 6C, 1P) – මහානාම විද්‍යාලය 35 (5T, 5C)

ත්‍රිත්ව විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය

මෙම තරගය ද තියුණු අවසානයක් කරා යාමට ඉඩ ලබා නොදුන් ත්‍රිත්ව ක්‍රීඩකයින් තරගයේ පළමු තත්පරයේ පටන් ම සිය ආධිපත්‍යය විදහා පෑමට සමත් වුනා.

පළමු අර්ධය තුළ ඔවුන් ලකුණු 36ක් ලබා ගන්නා අතරේ, තර්ස්ටන් ක්‍රීඩකයින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 07ක් පමණයි.

තරගයේ දෙවැනි අර්ධය තුළ ත්‍රිත්ව ක්‍රීඩකයින් තවත් ලකුණු 12ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.

  • ත්‍රිත්ව විද්‍යාලය 48(8T, 4C) – තර්ස්ටන් විද්‍යාලය 19 (3T, 2C)

කිංස්වුඩ් විද්‍යාලය සහ සහිරා විද්‍යාලය

මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළෙන් ම කරට කර සටනක් නිර්මාණය වුනා.

මෙහි දී කිංස්වුඩ් ක්‍රීඩකයින් විසින් ලකුණු 10ක් ලබා ගන්නා අතරේ, සහිරා ක්‍රීඩකයින් තරගයේ පෙරමුණ ලබා ගනිමින් ලකුණු 11ක් රැස් කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් කිංස්වුඩ් ක්‍රීඩකයින් තරගයේ දෙවැනි අර්ධය තුළ සිය ක්‍රීඩා විලාශය තවත් ඉදිරියට රැගෙන යමින් ලකුණු 17ක් රැස් කිරීමට සමත් වුනේ සහිරා ක්‍රීඩකයින් ලකුණු 07ක් පමණක් ලබා ගන්නා අතර තුරයි.

  • කිංස්වුඩ් විද්‍යාලය 27(3T, 3C, 2P) – සහිරා විද්‍යාලය 18 (2T, 1C, 2P)

වෙස්ලි විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය

මෙම තරගය වෙස්ලි විද්‍යාලය ඉතා පහසුවෙන් ජය ගැනීමට සමත් වුනා.

තරගයේ පළමු අර්ධය තුළ වෙස්ලි විද්‍යාලය විසින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් මේ අතරවාරයේ සාන්ත අන්තෝනි විද්‍යාලය විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි.

සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් තරගයේ දෙවැනි අර්ධය තුළ එකදු ලකුණක් හෝ ලබා ගැනීමට සමත් වුනේ නැහැ. වෙස්ලි ක්‍රීඩකයින් මෙම අර්ධය තුළ තවත් ලකුණු 12ක් ලබා ගත්තා.

  • වෙස්ලි විද්‍යාලය 24(4T, 2C) – සාන්ත අන්තෝනි විද්‍යාලය 03 (1P)

ආනන්ද විද්‍යාලය සහ ඩී.එස්.සේනානායක විද්‍යාලය

ගෙවුණු සති අන්තයේ ක්‍රියාත්මක වූ වඩාත් උණුසුම් තරගයක් ලෙස මෙය හැඳින්විය හැකි. මෙම තරගයේ පළමු අර්ධය තුළ ආනන්ද ක්‍රීඩකයින් ලකුණු10ක් ලබා ගනිද්දී, ඩී.එස්. ක්‍රීඩකයින් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවැනි අර්ධයේ දී කණ්ඩායම් දෙකම ලකුණු 08 බැගින් ලබා ගැනීමට සමත් වූ අතර, ඩී.එස්. ක්‍රීඩකයින් පළමු අර්ධයේ දී ලද ලකුණු 04 වාසිය නිසා තරගයේ ජය ඔවුන් සතු වුනා.

  • ඩී.එස්.සේනානායක විද්‍යාලය 22(3T, 2C, 1P) – ආනාන්ද විද්‍යාලය 18 (2T, 1C, 2P)

ධර්මරාජ විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය

මෙම තරගයේ පළමු අර්ධය තුළ ඉසිපතන විද්‍යාලය ලකුණු 20ක් ලබා ගනිමින් විශිෂ්ට ආරම්භයක් ලබා ගැනීමට සමත් වුනා. නමුත් මේ අතරවාරයේ දී ධර්මරාජ විද්‍යාලය ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 05ක් පමණයි.

කෙසේ වෙතත් ධර්මරාජ ක්‍රීඩකයින් විසින් දෙවැනි අර්ධය තුළ ලකුණු 14ක් ලබමින් තරගයට නැවත අවතීර්ණ වීමට උත්සාහ දැරුවා. නමුත් තරගයේ දෙවැනි අර්ධය තුළ ලබා ගත් ලකුණු 12ත් සමඟ තරගයේ ජය ඉසිපතන විද්‍යාලය සතු වුනා.

  • ඉසිපතන විද්‍යාලය 32(6T, 1C) – ධර්මරාජ විද්‍යාලය 19 (3T, 2C)

දේශීය පාසල් රග්බි ලීගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<