ශ්‍රී ලංකාව සහ සිරියාව අතර අද (25) පැවති AFC වයස අවුරුදු 23න් පහළ පාපන්දු ශූරතාවයේ සුදුසුකම් ලබා ගැනීමේ තරගයෙන් ගෝල 5-0ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට සිරියා ක්‍රීඩකයින් සමත් වුනා.
කටාර් හි අගනගරය වන දෝහා හි පිහිටි Suheim bin Hamad ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව සසංග ඩිල්හාරගේ නායකත්වය යටතේත්, සිරියාව Mohammad Alhallak යටතේත් පිටියට පිවිසි අතර තරගය ආරම්භ වූයේ මෙරට වේලාවෙන් රාත්‍රි 10:30ටයි.

තරගයේ දෙවැනි ගෝලය වාර්තා වුනේ 25 වැනි මිනිත්තුවේ දීයි. සාර්ථක පන්දු යොමු කිරීමක් ගෝලය අසල දී ම ලකුණු බවට පරිවර්තනය කරන්නට Ali Bashmani සමත් වුනේ ශ්‍රී ලංකා ගෝල රකින්නා වන නුවන් ගිම්හාන නොසිතූ මොහොතයි.
- ශ්‍රී ලංකා 23න් පහළ පාපන්දු සංචිතය නම් කරයි
- ප්‍රගතිශීලී දියුණුවක් සමඟ අවසන් වුන ශ්‍රි ලංකා SAFF ගමන
- WATCH – SAFF කිරුළේ අයිතිය ඉන්දියාවට! Football ලෝකය
- බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩකයාගෙන් කණගාටුදායක නිවේදනයක්
- WATCH – දුර්වල විනිසුරු තීරණ සමඟින් ශ්‍රී ලංකා SAFF ගමන අවසන්! Football ලෝකය
දෙවැනි අර්ධය නිමා වෙන්නට තවත් මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී නායක Alhallak විසින් දඬුවම් කලාපයට එපිටින් සිට එල්ල කළ අලංකාර පහරක් ඉහළින් ඇදී ගොස් ගෝලය තුලට යොමු වුනේ ගෝල රකින්නාට එය වැළැක්වීමට අවකාශයක් ඉතිරි නොකරමින්.
එම ගෝලයෙන් පසුව පළමු අර්ධය නිමාවට පත්වුනේ කහ කාඩ්පත් දෙකක් සමඟ තරගයේ වැඩි පීඩනය ශ්‍රී ලංකාව දෙසට යොමු කරමින්.
පළමු අර්ධය: ශ්‍රී ලංකාව 0 – 3 සිරියාව
දෙවැනි අර්ධයේ ආරම්භයේ පටන් කණ්ඩායම් දෙකම ඉතාමත් කරට කර තරග කරනු දක්නට ලැබුණු අතර ශ්‍රී ලංකා ගෝල රකින්නා සාර්ථකව ප්‍රතිවාදී ගෝල කිහිපයක් ගෝල රාමුවට මෙපිටින් නතර කරන්නට සමත් වුනා.
කෙසේ නමුත් මෙතෙක් වේලා සාර්ථකව ප්‍රතිවාදීන් මෙල්ල කරමින් ඉදිරියට ආ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ උත්සාහය ව්‍යර්ථ කරමින්, Amar Ramadan විසින් ගෝල රාමුව දෙසට එල්ල කළ පහරක් ශ්‍රී ලංකා ක්‍රීඩක අබ්දුල් බාෂිත්ගේ පාදයේ වැදී ගෝලය වෙත යොමු වුනේ සිරියා ලකුණු පුවරුවට 4 වැනි ගෝලයත් ලබා දෙමින්.
>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තවත් පීඩනයට ලක් කරමින් 85 වැනි මිනිත්තුවේ දී Bashmani විසින් සිය දෙවැනි ගෝලයත් සාර්ථකව ගෝලය තුලට යොමු කළේ ගෝල රකින්නාට එය නැවැත්වීමට කිසිදු අවස්ථාවක් නොමැති පසුබිමකයි.
ගෝල 5-0ක් ලෙස සිරියාව ජයග්‍රහණය කරමින් තරගය අවසන් වන විට ශ්‍රී ලංකා ගෝල රකින්නා විසින් ප්‍රතිවාදීන්ගේ ගෝල ලබා ගැනීමේ අවස්ථා 7ක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට සමත් ව තිබුණා.
කෙසේ නමුත් තරගය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පන්දු පාලනය සහ හැසිරවීම දුර්වල මට්ටමක තිබෙනු දක්නට ලැබුණු නමුත්, ප්‍රබල කණ්ඩායමක් වන සිරියාව හමුවේ ශ්‍රී ලංකා දක්ෂතා ද ප්‍රගතිශීලී මට්ටමක තිබුණු බව දක්නට ලැබුණා.
අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකාව 0 – 5 සිරියාව
ගෝල ලාභීන්:
- සිරියාව: Mohammad Malta 1’, Ali Bashmani 25’ & 85’, Mohammad Alhallak 41’, අබ්දුල් බාෂිත් 70’ (OG),
ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය කටාර් රාජ්‍යය සමඟින් එළඹෙන 28 වැනිදා පැවැත්වෙන්නේ Khalifa ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දීයි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<






















