තියුණු සටනකින් ගාල්ල ක්‍රීඩකයෝ මහානාමය හමුවේ පරාජය වෙති

2132

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (8) ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය  අතර පැවැත්වූයේ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දීයි. එහි දී ලකුණු 13-19ක් ලෙස තියුණු ජයග්‍රහණයක් හිමි කර ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය සමත් විය.

පිළියන්දල ක්‍රීඩකයින්ට මහනුවරින් දැවැන්ත ප්‍රහාරයක්

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අද (8) ක්‍රියාත්මක වූ තරගයේ දී

කැපීපෙනෙන දස්කම් සමඟ කණ්ඩායම් දෙකම තරගයට අවතීර්ණ වූ අතර කහ කාඩ්පතක් පිරිනැමීම තරගයේ වූ ප්‍රථම සුවිශේෂී සිදුවීම ලෙස හැඳින්විය හැක. ඒ රිච්මන්ඩ් විදුහලේ එච්. ඩී. තත්සිරට ය.

ප්‍රබල තරග රටාවක් තරගයේ මුල් මිනිත්තු කිහිපය තුල පෙන්නුම් කළ රිච්මන්ඩ්වරු දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගනිමින් තරගයේ ලකුණු වාර්තා කිරීම ආරම්භ කළේය.

එයින් පසුබට නොවූ මහානාමයන් ඉන් සුලු මොහොතකට පසු උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් තරගයේ ඉදිරිය ලබා ගත්තේය. එම උත්සාහක දිනුම ලබා ගත්තේ එස්. ඒ. විජේනායක විසිනි. එහි ප්‍රවර්තනය ගෝල කණුවේ වැදී ඉවතට යාමෙන් අසාර්ථක විය (03-05).

තරගයේ දෙවන කහ කාඩ්පත එන්. චන්දිමට විනිසුරුවරයා ලබා දෙන්නේ  අපරික්ෂාකාරී තරග විලාසය තුල ය. ඉන් අනතුරුව නැවතත් ක්‍රියාත්මක වන මහානාම විදුහලේ වින්ග් ක්‍රීඩකයින් දෙදෙනා තවත් ලකුණු 7ක් තරගයට එක් කරන්නට සමත් විය. ඒ දාබරේගේ උත්සාහක දිනුම සහ සුලෝචනගේ ප්‍රවර්තනයත් සමඟිනි.

ලකුණු පරතරය අඩුකරමින් තවත් දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කර ගන්නට රිච්මන්ඩ් විද්‍යාලයේ අංක 15 ක්‍රීඩකයා සමත් විය. ඒ අනුව ලකුණු තත්ත්වය 06-12ක් ලෙස දිස්විය.

තරගයේ ප්‍රථම අර්ධය අවසන් වීමට විනාඩි කිහිපයක් තිබිය දී ඉතාම අනතුරුකාරී ටැකල් කිරීමක් සිදු කිරීම නිසා රිච්මන්ඩ් ක්‍රීඩක මාලිංග වෙත තවත් කහ කාඩ්පතක් දිගු කරන්නට විනිසුරුවරයා කටයුතු කළේය.

තරගයේ ප්‍රථම අර්ධය අවසානයට මිනිත්තුවක් තිබිය දී මහානාමයන් තවත් ලකුණු 7ක් එක් කරමින් ඉදිරියට පැමිණි අතර එම උත්සාහක දිනුම එන්. පී. සුදුසිංහ විසින් ලබා ගත්තේය.

ප්‍රථම අර්ධය: රිච්මන්ඩ් විදුහල 06 – 19 මහානාම විද්‍යාල

දෙවන අර්ධයේ ආරම්භයත් තරග ආරම්භය මෙන්ම කහ කාඩ්පතක් සමඟින් ක්‍රියාත්මක විය. එවර කහ කඩ්පත රිච්මන්ඩ් ක්‍රීඩක සන්දීප් ඩිල්ශාන්ට හිමි විය.

නව පණක් සමඟ දෙවන අර්ධයට අවතීර්ණ වූ රිච්මන්ඩ්වරු තම ප්‍රථම සහ එකම උත්සාහක දිනුම මේ අර්ධයේ දී වාර්තා කරන අතර එය සසිඳු කවින්ද විසින් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නට ඔවුන් සමත් විය (13-19).

විද්‍යා ක්‍රීඩකයෝ ආනන්ද විදුහලත් මට්ටු කරති

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් ඊයේ (7) ගල්කිස්ස විද්‍යා විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය

ඉතාම හොඳින් මහානාමයන් ආවරණය කරමින් විශිෂ්ට තරග රටාවක් දියත් කරන්නට රිච්මන්ඩ්වරු සමත් වූ අතර එමඟින් දෙවන අර්ධය තුල කිසිදු ලකුණක් ලබා ගන්නට මහානාමට හැකියාව ලැබෙන්නේ නැත.

කෙසේ වෙතත් ඒ අතරවාරයේ තවත් කහ කාඩ්පත් දෙකක් දිගු කරන්නට විනිසුරු තීරණය කරන්නේ තරග නීති උල්ලංඝනය කිරීම නිසාය. ඒ රිච්මන්ඩ් ක්‍රීඩක විමලරත්නට සහ මහානාම නායක දසනායකටය.

තවත් උත්සාහක දිනුමක් ලබා ගන්නට අවස්ථා කිහිපයක්ම රිච්මන්ඩ්වරුන්ට උදාවුවද, Knock On වරදට නැතිනම් පන්දුව ඉදිරියට අතහැරීම නිසා එම අවස්ථාවන් අවාසනාවන්ත ලෙස රිච්මන්ඩ්වරුන් අතින් ගිලිහී ගියේය.

තරගය තියුණු හා සූක්ෂම ලෙස ආරක්ෂා කර ගත් මහානාම විදුහල ලකුණු 13-19ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

අවසන් ලකුණු තත්වය: රිච්මන්ඩ් විදුහල 13 (1T,1C,2P) : 19 (3T,2C) මහානාම විදුහල

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

  • මහානාම: එස්. ඒ. විජේනායක (1T), ඒ. දාබරේ (1T), එන්. පී. සුදුසිංහ (1T), පී. ආර්. සුලේචන (2C)
  • රිච්මන්ඩ්: සසිඳු කවින්ද (1T), හෙෂාන් ද සිල්වා (2P, 1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<