සාන්ත පීතර විද්‍යාලය අපරාජීතව පළමු වටයට තිත තබයි

594

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (21) කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවති අතර එම තරගයෙන් ලකුණු 43-07 පහසු ජයක් හිමි කර ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

පිළියන්දලයින් පරාජය කරමින් ආනන්දයට මංගල ජය

සිංගර් පාසල් රග්බි ලීගයේ බී කාණ්ඩයේ තවත් තරගයක් ඊයේ (20) පැවතියේ කොළඹ ආනන්ද විද්‍යාලය සහ පිළියන්දල මධ්‍ය විද්‍යාලය අතරයි.

සාන්ත පීතර විද්‍යාලය මෙම තරගයට අවතීර්ණ වූයේ පෙරළිකාර ඉසිපතන විද්‍යාලය ලකුණු 20-14ක් ලෙස පරාජය කරමිනි. එසේම සාන්ත පීතර විද්‍යාලයේ ප්‍රතිවාදීන් වූ ඩී. එස්. සේනානායක විද්‍යාලය ද, මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 38-10ක් ලෙස පරාජය කරමින් මෙම තරගයට අවතීර්ණ වූ නිසා කණ්ඩායම් දෙකම තරගයට අවතීර්ණ වූයේ ජයග්‍රාහී මානසිකත්වයක් සහිතවයි.

සවස 4.10ට පමණ සාන්ත පීතර විද්‍යාලයේ පා පහරත් සමඟින් ආරම්භ වූ මෙම තරගයේ පළමු උත්සාහක දිනුම ඩී. එස්. සේනානායක විද්‍යාලයේ කේ. ටී. වෙනුරංග විසින් සාර්ථක කරගත්තේ සාන්ත පීතර විද්‍යාලයේ ආරක්ෂක පවුරු බිඳ දමමිනි. එ් සඳහා ලැබුණු ප්‍රවර්තන අවස්ථාව කිසිදු අපහසුතාවකින් තොරව සාර්ථක කර ගැනීමට දිනූෂ හේමසිරිට අවස්ථාව ලැබුණි. (ඩී. එස්. 07-00 සාන්ත පීතර)

තරගයේ පළමු ලකුණු කිහිපය ඩී. එස්. සේනානායක විද්‍යාලය ලබා ගත්ත ද, තරගයේ 10 වන මිනිත්තුවේ සිට පළමු අර්ධය අවසන් වන තෙක් සාන්ත පීතර විද්‍යාලය ඉතාමත් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක නිරත විය.

එහි දී සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම ලබා ගත්තේ ජේසන් කරුණාරත්න විසිනි. ජේසන් සිය විද්‍යාලයේ සඟයන් සමඟ ඉතාමත් හොඳ සන්නිවේදනයක් ගොඩනංවාගෙන පහසුවෙන්ම ධවල රේඛාව පසු කර ගියේය එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ශෙහාන් ලියනපතිරණ සමත් විය. (ඩී. එස්. 07-07 සාන්ත පීතර)

Ramitha De Silva – Try Machine!

Re-LIVE the action and watch Isipathana’s Ramitha De Silva’s two tries from the Singer Schools Rugby League 2018

තරගයේ 28 වන මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වූ සිහින් සිරුරක් ඇති ජේසන් කරුණාරත්න ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ඉදිරි පෙළ ක්‍රීඩකයින් මුලා කරමින් ඔහු සිය දෙවැනි උත්සාහක දිනුම සාර්ථක කරගත් අතර ඒ සඳහා ලැබුණු කෙටි දුර ප්‍රවර්තනය පහසුවෙන්ම සාර්ථක කරගැනීමට ශෙහාන් ලියනපතිරණ සමත් විය. (ඩී. එස්. 07-14 සාන්ත පීතර)

මෙතෙක් වේලා ඔවුන්ට ලැබුණු සෑම ප්‍රවර්තන අවස්ථාවක්ම පහසුවෙන්ම සාර්ථක කර ගත් ශෙහාන් ලියනපතිරණ තරගයේ 30 වැනි මිනිත්තුවේ දී සාන්ත පීතර විද්‍යාලයේ තෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. නමුත් එම උත්සාහක දිනුම සඳහා ලැබෙන මුළු ලකුණු ප්‍රමාණය සිය විද්‍යාලයට එක් කිරීමට ඔහු අසමත් වූයේ ලැබුණු ප්‍රවර්තනය දිගු දුර ප්‍රවර්තනයක් වූ බැවිනි. (ඩී. එස්. 07-19 සාන්ත පීතර)

ඩී. එස්. සේනානායක විද්‍යාලයේ තරගකාරීත්වය හා ආක්‍රමණශීලීත්වය පළමු අර්ධය අවසන් වීමටත් පෙර යම් ආකාරයකින් හීන වීමක් දැක ගන්නට ලැබුණි. එයින් උපරිම ඵල නෙළාගත් රුක්ශාන් මදුසංක ක්ෂණිකව ක්‍රියාත්මක වී තවත් උත්සාහක දිනුමක් සාන්ත පීතර විද්‍යාලයේ ලකුණු ගොන්නට එකතු කිරීමට සමත් විය. ඒ සඳහා ලැබුණු මැදි දුර ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ලියනපතිරණට හැකි විය. (ඩී. එස්. 07-26 සාන්ත පීතර)

පළමු අර්ධය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 07 (1T,1C) – 26 (4T,3C) සාන්ත පීතර විද්‍යාලය

පළමු අර්ධයේ වැඩි වාසිය ලබාගත් සාන්ත පීතර විද්‍යාලය තරගයේ දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු දෙකක් ගතවීමටත් පෙර තවත් උත්සාහක දිනුමක් ලබාගත් අතර එම උත්සාහක දිනුම සාර්ථක කර ගත්තේ රුක්ශාන් මදුසංක විසිනි. එය මෙම තරගය තුල ඔහු විසින් ලබාගත් දෙවන උත්සාහක දිනුමයි. එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගැනීමට ලියනපතිරණ සමත් විය. (ඩී. එස්. 07-33 සාන්ත පීතර)

දෙවන අර්ධයේ වෙස්ලි ප්‍රහාරයෙන් ඉසිපතනය නූලෙන් බේරෙයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් අද (20) කොළඹ ඉසිපතන විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර…

තරගයේ 68 හා 70 වන මිනිත්තුවේ දී දැකුම්කළු උත්සාහක දිනුම් දෙකක් සිය නම ඉදිරියෙන් සටහන් කර ගත් ඩිල්ශාන් මදුසංක කණ්ඩායම දෙක අතර තිබූ ලකුණු පරතරය තවදුරටත් වැඩි කරන ලදි. එසේම ඒ අතරින් එක් ප්‍රවර්තනයක් සාර්ථක කර ගැනීමට ලියනපතිරණ සමත් විය. (ඩී. එස්. 07-43 සාන්ත පීතර)

ඒ අනුව සාන්ත පීතර විද්‍යාලය මෙවර පාසල් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ පෙරමුණ ලබා ගත්තේ සහභාගී වූ තරග පහම ජයග්‍රහණය කරමිනි.

අවසාන ලකුණු තත්වය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 07 (1T,1C) – 43 (7T,4C) සාන්ත පීතර විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: ජේසන් කරුණාරත්න (සාන්ත පීතර විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය (07): කේ. ටී. වෙනුරංග (1T), දිනූෂ හේමසිරි (1C)
  • සාන්ත පීතර විද්‍යාලය (43): ජේසන් කරුණාරත්න (2T), ශෙහාන් ලියනපතිරණ (1T,4C), රුක්ශාන් මදුසංක (2T), ඩිල්ශාන් මදුසංක (2T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<