නාවිකයෝ පරාජයේ අළු මතින් නැගී සිටියි

165

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් ඊයේ (10) නාවික හමුදා ක්‍රීඩා සමාජය හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පැවැත්වුණු අතර ලකුණු 18-17ක් තියුණු ජයක් වාර්තා කරන්නට සිය පරාජයන් රැල්ලට තිත තැබූ නාවික හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. තරගය පැවැත්වුණේ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

යොවුන් CR ක්‍රීඩකයින් හමුවේ මහනුවර ගෞරවය නූලෙන් බේරේ

ඩයලොග් අන්තර් සමාජය ලීග් රග්බි තරගාවලියේ තවත් ඉතා ….

තිළිණ වීරසිංහගේ පා පහරින් ආරම්භ වූ තරගයේ පළමු වෙඩි මුරය තැබුවේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයයි. නාවිකයින් දිගින් දිගටම ලබා දුන් දඬුවම් පහර අවස්ථා උපයෝගී කර ගනිමින් පළමු මිනිත්තු පහ තුළ දඬුවම් පහරකින් ලකුණු රැස් කිරීමට කිරීමට චරිත් සෙනෙවිරත්න සමත් විය. එතැන් සිට ගුවන් හමුදා ක්‍රීඩකයින් තියුණු ආක්‍රමණයක නිරත වූ අතර ගුවන් හමුදාවේ ෆීජි ජාතික ක්‍රීඩක Raduva Kauooso නාවිකයින්ට ප්‍රබල අභියෝගයක් ලබා දෙන්නට සමත් විය. (නාවික 00-03 ගුවන්)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ගුවන් පීඩනයට සාර්ථක පිළිතුරක් ලබා දුන් බුද්ධිම පියරත්න ගුවන් ආරක්ෂක ක්‍රීඩකයින් තිදෙනෙක් බිම හෙළමින් දක්ෂ ධාවනයක නිරත වූ අතර ඔහුගෙන් පන්දුව ලබා ගත් තිළිණ වීරසිංහ තරගයේ පළමු උත්සාහක දිනුම රැස් කිරීමට සමත් විය. වීරසිංහගේ ප්‍රවර්තනය උත්සාහය අපතේ ගිය අතර ඉන් උපරිම ප්‍රයෝජන ගත ගුවන් හමුදා ක්‍රීඩක චරිත් සෙනෙවිරත්න තවත් දඬුවම් පහරක් ගෝල කණු අතරින් යවමින් ගුවන් හමුදා ක්‍රීඩකයින් පෙරමුණට රැගෙන එන්නට සමත් විය.

පළමු අර්ධය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 05 – 06 ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේ දී ම ගුවන් හමුදාව දැඩි අර්බුදයකට ඇද දමමින් හර්ෂ මදුරංග කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවතට යෑමට සිදු විය. ඉන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමින් ගුවන් හමුදා ක්‍රීඩක පරාක්‍රම රත්නායක උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ සිය ඉදිරිපෙළ සගයින්ගේ සහයත් සමඟින්. නාවික හමුදාවේ ක්‍රීඩකයින් ගණන යලි සම්පූර්ණ වන්නට පෙර ගුවන් හමුදා ක්‍රීඩක ගයන්ත ඉද්දමල්ගොඩ තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේ නාවිකයින් ගව් ගණනක් පසු පසට ඇද දමමිනි. (නාවික 05-14 ගුවන්)

අවසන් මිනිත්තු 20 තුළ ප්‍රබල ප්‍රහාරයක් දියත් කළ නාවිකයෝ තරගය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට සමත් විය. කෙටි කාලපරාසයක් තුළ ඔවුන් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට සමත් විය. විරාජ් කොළඹාරච්චිගේ පහසු උත්සාහක දිනුමක් වාර්තා කළ අතර බුද්ධිම පියරත්න ඊට මිනිත්තු පහකට පසු උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යන්නට සමත් විය.

ප්‍රවර්තන දෙකම ගෝල කණුවලින් ඉවතට ගියේ අවසන් මිනිත්තු 10 දී නාවික හමුදාවට එක් ලකුණක පෙරමුණක් ඉතිරි කරමිනි. තැනට සුදුසු නුවණ භාවිතා කළ සුර්යා ක්‍රිෂාන් ඩ්‍රොප් ගෝලයක් වාර්තා කරමින් ගුවන් හමුදාව නැවතත් ඉදිරියට ගෙනාවේ අවසන් මිනිත්තු කිහිපය ඉතා උණුසුම් කරමිනි. (නාවික 15-17 ගුවන්)

හැව්ලොක් ආධිපත්‍යය CH හමුවේ බිඳ වැටේ

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තවත් …

අවසන් මිනිත්තුවේ ගුවන් හමුදා ක්‍රීඩකයින් ගෝල කණු ඉදිරියේම අතපසුවීමක් සිදු කළේ නාවික හමුදාවට වටිනා අවස්ථාවක් උදා කරමිනි. චතුර සෙනෙවිරත්න දඬුවම් පහරක් මගින් තරගයේ අවසන් ලකුණු රැස් කළේ සත්කාරකයින්ට ජය ගෙන එමිනි.  

අවසන් ලකුණු තත්වය: නාවික හමුදා ක්‍රීඩා සමාජය 18 (3T 1P) – 17 (1T 3P 1DG) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – බුද්ධිම පියරත්න (නාවික)

ලකුණු රැස් කිරීම

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය – තිළිණ වීරසිංහ (1T), බුද්ධිම පියරත්න (1T), විරාජ් කොළඹාරච්චි (1T), චතුර සෙනෙවිරත්න (1P)
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – පරාක්‍රම රත්නායක (1T), චරිත් සෙනෙවිරත්න (2P), ගයන්ත ඉද්දමල්ගොඩ (1P), සූර්යා ක්‍රිෂාන් (1DG)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<