පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 7 වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 25 වන ස්ථානය රැකගෙන තිබෙන අතර සත්කාරක ඕස්ට්‍රේලියානුවන් සිය ආධිපත්‍ය තවදුරටත් තහවුරු කර ගන්නට සමත්ව සිටියි. එංගලන්තය දෙවන ස්ථානයේත්, ඉන්දියාව තෙවැනි ස්ථානයේත් පසුවේ.
පොදුරදමඩුලු කෙලි බිමේ හය වන දිනය – තවත් පදක්කමක් ස්ථිර වෙයි
6 වන දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 25 වන ස්ථානය දක්වා පසු බැස තිබූ අතර ….
අනුෂා හා මේරි කොම්

ගමන්මඟ අවසානයේ දී ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකාවක විසින් දිනාගත් පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම ඇතුළුව පදක්කම් රාශියක් දිනාගත් ක්‍රීඩිකාවක බවට පත්වූ අනූෂා ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන ආ බව නම් සටහන් කළ යුතුමය. පොදුරාජ්‍ය මණ්ඩලීය කි.ග්‍රෑ 49 කාන්තා ලෝකඩ පදක්කම දැන් අනූෂා සතුය.
අනූෂා, මේරි කොම් හමුවේ නොනැවෙමින් ලෝකඩ පදක්කම රැකගනියි
21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දැවැන්ත ශ්‍රී ලංකා බලාපොරොත්තුවක් බවට පත්වූ බොක්සිං…..
ශ්‍රී ලංකාවේ 6 වන පදක්කම තහවුරුයි!

ඉෂාන් බණ්ඩාර ශ්‍රී ලංකාවේ තෙවැනි බොක්සිං පදක්කම තහවුරු කරයි
කි.ග්‍රෑම් 52 බරපන්තියේ ශ්‍රී ලංකා පිරිමි බොක්සිං ශූර ඉෂාන් බණ්ඩාර, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ …
කාන්තා බොක්සිං පදක්කමක් ගිලිහී යයි
කාන්තා කි.ග්‍රෑ 51 බරපන්තිය යටතේ පැවති සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරයේ දී කෙන්යානු ක්‍රීඩිකාවක් වන ක්‍රිස්ටීන් ඔන්ගාරේ හා තරග වැදුණු දුලානි ජයසිංහ තරග වැදුනි. තරගය අතරතුර දුලානි ආබාධයකට ලක්වීම නිසා විනිසුරුවරුන් විසින් කෙන්යානු ක්‍රීඩිකාවට තරගයේ ජය ලබා දෙන ලදි. එම තරගය ජය ගත්තේ නම් ශ්‍රී ලංකාවට අවම වශයෙන් ලෝකඩ පදක්කමක් හෝ දිනා ගැනීමට තිබුණි.
නිලූක හා දිනූක සුපිරි 16ට
ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් වන නිලූක කරුණාරත්න ෆිජි දිවයිනේ ලියාම් ලෝන්ග් තරග වට 2-0ක් ලෙස පහසුවෙන් පරාජය කළේ ලකුණු 5-21ක් සහ 6-21ක් ලෙසයි. සුපිරි 16 දෙනාගේ තරග වටය යටතේ නිලූක ඉන්දියාවේ ශ්‍රීකාන්ත් සිදම්බි සමඟ තරග වැදීමට නියමිතව ඇත. උතුරු අයර්ලන්තයේ ක්‍රියාන් කම්බ්රෙස් තරග වට 2/0ක් ලෙස පරාජය කළ නිලූකගේ සොහොයුරා වන දිනූක ද සුපිරි 16 දෙනාගේ තරග වටයට සුදුසුකම් ලබාගෙන ඇත.
හෙල්ල විසිකිරීම
කාන්තා හෙල්ල විසිකිරීමේ තරග ඉසව්ව වෙනුවෙන් තරග වැදුණු දිල්හානි ලේකම්ගේ මීටර 56.02ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් එහි 5 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය. එහි රන් පදක්කම දිනාගත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව මීටර 68.92ක දක්ෂතාවයක් පෙන්නුම් කළේ නව පොදු රාජ්‍ය මණ්ඩලීය තරග වාර්තාවක් ද පිහිටුවමිනි.
පිරිමි උස පැනීම අවසන් මහා තරගය
ශ්‍රී ලංකාවේ තවත් පදක්කම් බලාපොරොත්තුවක් වූ මංජුල කුමාර හට ලැබුණු පළමු උත්සාහය
අටවන දිනයේ සංක්ෂිප්ත වාර්තාවක් සමඟින් හෙට (13) හමුවෙමු. එතෙක් ඔබට ක්‍රීඩාශීලි දවසක්!
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<






















