කෝඩුකාර ශ්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායම

196
Sri Lanka womesn Kabadi

ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කමක් සොයා යන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතර පළමු වරට ආසියානු ක්‍රීඩා උළෙලකට යන කාන්තා කබඩි කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ද සිටියි. තරගාවලිය එළඹෙන අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකාව සිය මංගල ප්‍රවීණයින්ගේ ලෝක කුසලානයට සුදානම් වෙයි

ශ්‍රී ලංකා හොකී ක්‍රීඩාවේ ප්‍රවීණයින් තවත් වතාවක් ශ්‍රී ලංකාවට උපරිම ගෞරවය ගෙන දීම..

ගම්පහ හේනේගම මධ්‍ය විද්‍යාලයෙන් කබඩි පිටියට පිවිසුණු මදුශානි චතුරිකා හට කණ්ඩායමේ නායකත්වය හිමිව තිබේ.

කණ්ඩායම් නායිකාව

“අපේ ප්‍රධාන පුහුණුකරු අමිල උදයංග සහ සහාය පුහුණුකරු ගීත් අසංක සමඟින් අලුතින් එකතු වූ ඉන්දීය පුහුණුකරු උදයකුමාර් අපට මාස 04ක කාලයක් තිස්සේ ලබා දෙන සහාය ගොඩක් වැදගත්. නායිකාව ලෙස මම බොහෝ බලාපොරොත්තු තබාගෙන ඉන්නේ  කෝඩුකාර කණ්ඩායමක් ලෙස සහභාගී වී පදක්කමක් ලබා ගැනීමට. පසුගිය වසරේ ආසියානු කබඩි ශූරතාවලියේ අපි තෙවැනි ස්ථානයට පත් වුනේ ඉන්දියාවට සහ දකුණු කොරියාවට පමණක් පිටුපසින් සිටිමින්. ඒත් මෙවර ඉන්දීය පුහුණුකරු එක්වීමත් සමඟ අපි තාක්ෂණයෙන් වඩාත් පරිපූර්ණව තරගාවලියට සහභාගී වන  නිසා වඩාත් විශ්වාසයෙනුයි තරග බිමට පිවිසෙන්නේ.”

ආසියානු ක්‍රීඩා උළෙලට සූදානම් වන ශ්‍රී ලංකා කාන්තා කබඩි සංචිතයට ක්‍රීඩිකාවන් 8 දෙනෙකු ඇතුලත් අතර කණ්ඩායමට නිසි පුහුණුවීම් පිටියක් හෝ මූල්‍යමය ආධාර නොමැති බව මදුශානි පවසා සිටියා.

“අපිට ගොඩක් අඩුපාඩුකම් තිබෙනවා. අපිටම කියලා පුහුණු වීමට නිත්‍ය ස්ථානයක් නැහැ. ක්‍රීඩා අමාත්‍යාංශයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ වොලිබෝල් පුහුණුවීමෙන් පසුවයි අපි කබඩි ක්‍රීඩා පුහුණුවට යොමු වෙන්නේ. විදෙස් තරග අත්දැකීම් අපිට ලබා ගැනීමේ දී මූල්‍යමය ප්‍රශ්නය ගොඩාක් බලපානවා.”

රාජකීය සහ SSC කණ්ඩායම් ශූරතා දිනති

තියුණු තරගයකින් අනතුරුව රාජකීය A කණ්ඩායම පිරිමි ශූරතාව දිනා ගනිද්දී පසුගිය වසරේ ..

කණ්ඩායමේ ක්‍රීඩිකාවන් අතරට ගුවන් හමුදාවේ ක්‍රීඩිකාවන් 9 දෙනෙකුත් නාවික හමුදාවේ ක්‍රීඩිකාවන් 6 දෙනෙකුත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ ක්‍රීඩිකාවන් 3 කුත් ඇතුලත් වී තිබේ.

“කබඩි අද ලංකාවේ එතරම් ජනප්‍රිය ක්‍රීඩාවක් නොවේ. අපිට එච්චර පිලිගැනීමක් නෑ. ඒත් ආසියානු පදක්කමක් අපි ලබා ගත්තොත් අපි ගැන අවධානය යම් තරමකින් හෝ වැඩිවේවි” නායිකාව තවදුරටත් අදහස් දැක්වීය.

සජිනි ජයසිංහ හා මනොජිනී සිතුමිණි ප්‍රබල ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ලෙස කණ්ඩායමට එක්වන අතර ලෝක කුසලාන දෙකකට සහභාගී වී ඇති ප්‍රවීණ ඉන්දීය පුහුණුකරුවෙකු වන උදයකුමාර් මහතා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකාවට පදක්කමක් ගෙනෙන්නට තරග වදින මේ දිරිය ක්‍රීඩිකාවන්ගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා යැයි thePapare.com සුබ ප්‍රාර්ථනා කරන අතර මංගල තරගාවලියෙන්ම පදක්කමක් ගෙන එන්නට අදිටන් කරගෙන සිටින මේ දක්ෂ කණ්ඩායමට අවශ්‍ය පහසුකම් සැපයීමට බලධාරීන්ගේ අවධානය ඉතා ඉක්මනින්ම යොමු විය යුතුය.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<