ශූරතාවය පාබල හමුදාවට

227
Army Para games 2017

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් 20 වැනි වරටත් සංවිධානය කරන ලද “2017 යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය” ඊයේ (24) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්විය. එහි දී තරගාවලියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව සමත් වූ අතර අනුශූරතාව ගජබා රෙජිමේන්තුව විසින් දිනා ගන්නා ලදි.

පසුගිය ලිපි: යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය මෙවරත් ‘Dialog’ අනුග්‍රහය යටතේ

දින තුනක් (22, 23, 24) පුරා පැවති ඉසව්වලින් අනතුරුව මලල ක්‍රීඩා ඉසව්වල සමස්ත ශූරතාව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව විසින් දිනා ගනිද්දී, එහි අනුශූරතාව විජයබාහු රෙජිමේන්තුව විසින් දිනා ගන්නා ලදි. තරගාවලියට රෙජිමේන්තු 11ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700ක් පමණ සහභාගී විය. විශේෂ ආරාධිත ක්‍රීඩකයින් ලෙස කොරියානු ක්‍රීඩකයින් තරගාවලියට සම්බන්ධ වීම විශේෂත්වයක් විය.

දෘශ්‍යාබාධිත, ආබාධිත සහ රෝදපුටු ලෙස මූලික කාණ්ඩ තුනක් යටතේ තරග පැවැත්වූ අතර මෙම තරගාවලියේ විශේෂ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට 2018 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමට ද වරම් හිමි වනු ඇත.

සියලු දෙනාගේ අපේක්ෂා එලෙසම ඉටු කරමින් වසරේ මලල ක්‍රීඩකයා ලෙස, 2017 ලන්ඩන් පැරා ලෝක ශූරතාවලියේ හෙල්ල විසි කිරීම ඉසව්වේ රිදී පදක්කම් ලාභී  ගැමුණු රෙජිමේන්තුවේ සැරයන්  H. M. දිනේෂ් ප්‍රියන්ත හේරත් සම්මාන දිනා ගන්නා ලදි. 2017 පැරා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර 61.61ක දුරක් හෙල්ල විසි කරමින් නව තරගාවලි වාර්තාවක් සමඟින් හෙල්ල විසි කිරීමේ රන් පදක්කම දිනා ගැනීමට ද ඔහු සමත් විය.

මෙම තරගාවලියේ දී තවත් නව තරගාවලි වාර්තා දෙකක් බිහි වූ අතර T42 කාණ්ඩයේ මීටර 100 ඉසව්ව තත්පර 12.57කින් අවසන් කළ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ W. අමිල ප්‍රසාන් ඉන් එක් තරග වාර්තාවකට හිමිකම් කීය. අනෙක් තරග වාර්තාවට හිමිකම් කීවේ T 44 කාණ්ඩයේ මීටර 100 ධාවන ඉසව්ව තත්පර 12.47කින් නිමා කළ විජයබාහු රෙජිමේන්තුවේ කෝප්‍රල් A. P. A. චතුරංග යි.

තරගාවලියේ උණුසුම්ම ඉසව්ව වූ T 44A කාණ්ඩයේ  මීටර 100X4 සහය දිවීමේ ඉසව්ව තත්පර 48.32ක් පමණක්  වැය කරමින් ජය ගැනීමට විජයබා රෙජිමේන්තු කණ්ඩායම සමත් වූ අතර එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් තත්පර 49.29ක් හා 59.56ක් වාර්තා කරමින්  නිමා කළ ගැමුණු රෙජිමේන්තුවට හා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තුවට හිමි විය.

2017 වසර සඳහා ද අඛණ්ඩව තෙවන වරටත් ඩයලොග් ආසිඅටා සමාගම යුධ හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය බලගන්වනු ලැබීය.

යුද බිමේ දී රට වෙනුවෙන් සටන් කරමින් ආබාධිත වූ විරුවන් සිය ආබාධ පසෙකලා තරගාවලිය මුළුල්ලේම ඉතාමත් දක්ෂ ලෙස තරග කරනු දක්නට ලැබුණු අතර තරගාවලිය පුරාවටම ඔවුන්, “ගතින් ඔබ දුර්වලයෙකු වුවත් මනසින් ඔබ දුර්වලයෙකු නොවන තාක්කල් ඔබට අභියෝගයත් විය හැකි කිසිවෙකු නොවන බව” පසක් කර දෙන ලදි.

Rank Name Unit Event Ref EVENT Achievement Place
Cpl Jayakodi JAMP SF T 53 100 M 20.7 1
L/Cpl Rathnayaka RMGR SLLI T 53 100 M 21.6 2
Cpl Rathnayake MR SF T 53 100 M 21.9 3
Cpl Sandaruwan HMC GR T-45,46,47 100 M 11.2 1
Cpl Weerasinghe RMKKR SLLI T-45,46,47 100 M 11.5 2
Pte Dissanayake DAUC GR T-45,46,47 100 M 11,7 3
Cpl Tennakoon TMR VIR T-12,13 100 M 11.8 1
WO II Silva SPP SLLI T-12,13 100 M 12.4 2
Cpl Karunamuni KMCUS SLLI T-12,13 100 M 12.9 3
Hyeon Je Yun Korea T-54 100 M 17.88
C/Sgt Aberthna AHM SLLI T-54 100 M 19.28 1
Sgt Dushantha HGN SLLI T-54 100 M 19.94 2
Cpl Wijepala RD` SLSR T-54 100 M 20.02 3
Cpl Chathuranga APA VIR T-44 100 M 12.47 1
WO II Hettiarchchi APK GW T-44 100 M 13.42 2
Cpl Predeep AD GR T-44 100 M 13.50 3
L/Cpl Rajakaruna RMAS SLNG T-44 (A) 100 M 12.15 1
Pte Priyalal WPS GR T-44 (A) 100 M 12.54 2
L/Cpl Leelarathne WMMNS VIR T-44 (A) 100 M 12.62 3
Pte Amila Prasan W SLLI T 42 100 M 12.52 1
Cpl Chuladasa AUHI SLSR T 42 100 M 13.00 2
Pte Kirthi Bandara RHRS SLNG T 42 100 M 13.37 3
Cpl Bandara JBNP SLLI T – 12, 13 200m 24.4 1
Cpl Tennakoon TMR VIR T – 12, 13 200m 24.70 2
Cpl Karunamuni KMCUS SLLI T – 12, 13 200m 26.0 3
Cpl Chathuranga APA VIR T – 44 200m 25.01 1
Cpl Udayarathna LMNS SLLI T – 44 200m 26.64 2
Cpl Kumara AGS SLLI T – 44 200m 30.08 3
Cpl Nalin Kumara C RSP SLSC T – 11 200m 26.11 1
Cpl Somasiri MKK SLLI T – 11 200m 28.10 2
Pte Udayananda LR VIR T – 11 200m 30.48 3
Cpl Jayakodi JAMP SF T – 53 200m 41.25 1
L/Cpl Rathnayaka RMGR SLLI T – 53 200m 41.63 2
Cpl Rathnayake MR SF T – 53 200m 41.80 3
Pte Amila Prasan W SLLI T – 42 200m 26.70 1
Cpl Chuladasa AUHI SLSR T – 42 200m 26.60 2
Pte Wijesooriya MHGRC SLNG T – 42 200m 27.66 3
Cpl Siriwardana DWDS SLLI OEB 200m 23.91 1
Cpl Jayathilake SP GW OEB 200m 24.13 2
Pte Bandara RMS SLLI OEB 200m 25.11 3
Cpl Weerasinghe RMKKR SLLI T45,46,47 200m 23.88 1
Cpl Sandaruwan HMC GR T45,46,47 200m 24.07 2
Pte Dissanayake DAUC GR T45,46,47 200m 24.09 3
L/Cpl Abedasa MGW VIR T 46 (A) 200m 24.40 1
L/Cpl Madushanka MD SLLI T 46 (A) 200m 24.96 2
Cpl Thilakarathna THAS SF T 46 (A) 200m 24.97 3
L/Cpl Abedasa MGW VIR T 46 (A) 400m 54.6 1
L/Cpl Madushanka HBDG SLLI T 46 (A) 400m 55.1 2
Cpl Krishantha Kumara WD GR T 46 (A) 400m 57.6 3
Cpl Weerasingha RMKKR SLLI T 46, 47 400m 52.67 1
Pte Dissanayake DAUC GR T 46, 47 400m 54.92 2
Pte Ruwan Kumara JP GW T 46, 47 400m 57.82 3
Cpl Chathuranga APA VIR T 44 400m 55.49 1
Cpl Udayarathna LMNS SLLI T 44 400m 59.53 2
L/Cpl Nimalananda PB SLNG T 44 400m 1.16,48 3
Cpl Jayathilake SP GW OEB 400m 52.63 1
Cpl Sriwitharana DWDS SLLI OEB 400m 54.88 2
Pte Bandara RMS SLLI OEB 400m 55.24 3
L/Cpl Rajakaruna RMAS SLNG T 44(A) 400m 54.24 1
Pte Priyalal WPS GR T 44(A) 400m 54.70 2
L/Cpl Lilarathna WMMNS VIR T 44(A) 400m 59.40 3
Hyeon Je Yun Korea T 54 800m 2.10.8
Cpl Somasiri RDAC SLLI T 54 800m 2.48.5 1
Cpl Rathnayake HM GR T 54 800m 2.50.5 2
WO II Jayathilaka Banda WM GR T 54 800m 2.56.3 3
Cpl Udayarathna LMNS SLLI T 44 800m 2.17.1 1
L/Cpl Ruwan Kumara YC SLLI T 44 800m 2.39.4 2
Rfm Wijerathna UKD SLSR T 44 800m 2.49.0 3
Pte Ruwan Kumara JP GW T 46 800m 2.15.01 1
Cpl Saman Kumara KG SLSR T 46 800m 2.24.09 2
WO II Yapa EDP SLLI T 46 800m 2.36.09 3
Pte Ruwan Kumara JP GW T 46 1500m 4.53.94 1
Cpl Saman Kumara KG SLSR T 46 1500m 4.57.58 2
Cpl Nimal Shantha KM GR T 46 1500m 5.26.32 3
Hyeon Je Yun Korea T 54 5000m 15.00.92
Cpl Somasiri RDAC SLLI T 54 5000m 19.19.94 1
WO II Jayathilaka Banda WM GR T 54 5000m 19.21.12 2
Pte Priyajanaka WH SLLI T 54 5000m 20.00.43 3
WO II Sanjaya UPP SLSR T 45,46,47 Long Jump 5.84m 1
Cpl Kumara KAA CR T 45,46,47 Long Jump 5.68m 2
Cpl Pushpa Kumara HTPS GR T 45,46,47 Long Jump 5.55m 3
Cpl Indrapala CNG CR T 42 Long Jump 5.40m 1
L/Cpl Nilantha Kumara DM VIR T 42 Long Jump 4.53m 2
Pte Wijesooriya MHGRC SLNG T 42 Long Jump 4.47m 3
Cpl Tennakoon TMR VIR T 12,13 Long Jump 6.06m 1
Cpl Bandara JBNP SLLI T 12,13 Long Jump 5.73m 2
Pte Suneth Ravindra RS GR T 12,13 Long Jump 5.23m 3
C/Sgt Anuradinash NH SLLI T 11 Long Jump 4.96m 1
C/Sgt Wasantha APL GW T 11 Long Jump 4.90m 2
Cpl Gunarathna AM GR T 11 Long Jump 4.59m 3
L/Cpl Rajakaruna RMAS SLNG F 44(A) Long Jump 5.84m 1
Rfm Ranasinghe RASS SLSR F 44(A) Long Jump 5.54m 2
Sgt Perera WSW VIR F 44(A) Long Jump 5.32m 3
Maj ASMCK Arthanayaka VIR T 44 Long Jump 5.71m 1
Cpl Darmasena KADS SF T 44 Long Jump 5.28m 2
WO II Sampath NDC SLLI T 44 Long Jump 5.10m 3
Maj ASMCK Arthanayaka VIR T 44 Triple Jump 11.03m 1
Rfm Wijerathna UKD SLSR T 44 Triple Jump 10.49m 2
Cpl Predeep AD GR T 44 Triple Jump 10.07m 3
Cpl Kumar KAA CR T 45,46,47 Triple Jump 12.52m 1
WO II Sanjaya UPP SLSR T 45,46,47 Triple Jump 11.94m 2
Cpl Bogolla BDVK GR T 45,46,47 Triple Jump 11.34m 3
WO I PAL Pushpa Kumara GR T 44 High Jump 1.76 m 1
L/Cpl Jayananda MK VIR T 44 High Jump 1.68m 2
Cpl Upali W GR T 44 High Jump 1.64m 3
C/Sgt Jayasingha DS SLLI T 46 (A) High Jump 1.58m 1
Cpl Samaraskara SMSD VIR T 46 (A) High Jump 1.54m 2
Pte Karunarathna UG SLLI T 46 (A) High Jump 1.54m 3
Pte Amila Prasan W SLLI T 42 High Jump 1.60m 1
Cpl Indrapala CNG CR T 42 High Jump 1.55m 2
Cpl Paranamanna PMRS GR T 42 High Jump 1.55m 3
WO II Edirisingha EMPL SLLI T 45,46,47 High Jump 1.74m 1
Cpl Kumara KAA CR T 45,46,47 High Jump 1.70m 2
Cpl Sanjeewa SONG SLLI T 45,46,47 High Jump 1.55m 3
C/Sgt Anuradinash NH SLLI T 11 High Jump 1.26m 1
Cpl Gunarathna AM GR T 11 High Jump 1.19m 2
Pte Muthubandara LRS VIR T 11 High Jump 1.14m 3
L/Cpl Bandara HSPT GR T 44 (A) Javelin 47.46m 1
Cpl Gamage GCD SLLI T 44 (A) Javelin 46.08m 2
WO II Frenando WAMK SLLI T 44 (A) Javelin 45.42m 3
Cpl Sampath Kumara APT VIR F 57 Javelin 33.94m 1
Cpl Madurawa SB SLLI F 57 Javelin 27.78m 2
C/Sgt Premachandra M SLLI F 57 Javelin 23.36m 3
Sgt Herath HMDP GR F 46, 47 Javelin 61.61m 1
L/Cpl Eakanayaka KGG SLLI F 46, 47 Javelin 53.59m 2
Cpl Mihindukulasooriya L SLSR F 46, 47 Javelin 40.41m 3
Cpl Rathnayake RMSK GR F 46 (A) Javelin 50.06m 1
Cpl Sampath SKR SLSR F 46 (A) Javelin 46.77m 2
WO II Thilakarathna MDP SLLI F 46 (A) Javelin 39.88m 3
Sgt Hettiarchchi HACS VIR F 44 Javelin 48.95m 1
Rfm Wijerathna UKD SLSR F 44 Javelin 47.03m 2
Cpl Chandimal GR CR F 44 Javelin 43.72m 3
L/Cpl Wijesekara DS SLSR F 55,56 Javelin 23.46m 1
Pt Dissanayaka SAS VIR F 55,56 Javelin 20.69m 2
WO II Bandara RMRP SLLI F 55,56 Javelin 17.88m 3
Cpl Amarasinghe AMJ VIR F 11 Javelin 38.78m 1
Cpl Somasiri MKK SLLI F 11 Javelin 31.92m 2
S/Sgt Wasantha APL GW F 11 Javelin 29.37m 3
Pte Ajith KWL SLNG F 42 Javelin 45.88m 1
Cpl Wijitha Bandara KMD SLSR F 42 Javelin 40.41m 2
Sgt Perera MS SF F 42 Javelin 34.83m 3
Cpl Weerasooriya WN VIR F 12, 13 Javelin 40.94m 1
Sgt Anuradha WT SLLI F 12, 13 Javelin 38.51m 2
C/Sgt Ariyadasa NCD SLLI F 12, 13 Javelin 36.79m 3
Cpl Amarasinghe AMJ VIR F 11 Discus 20.30m 1
Sgt Sanjaya Kumara WA GR F 11 Discus 19.15m 2
WO II Nisantha EGL SLLI F 11 Discus 18.59m 3
Pte Bandara HGP SLNG F 42 Discus 35.44m 1
C/Sgt Bandaranayaka AMIK SLLI F 42 Discus 34.45m 2
WO II Herath HMPB SLLI F 42 Discus 31.22m 3
L/Cpl Wijesekara DS SLSR F 55,56 Discus 24.08m 1
L/Cpl Gunathilaka WADS SLLI F 55,56 Discus 21.84m 2
L/Cpl Jayawardana RMS VIR F 55,56 Discus 19.58m 3
Cpl Wijethilaka WPL SLLI F 57 Discus 32.36m 1
Cpl Madurawa SB SLLI F 57 Discus 32.01m 2
Cpl Sampath Kumara APT VIR F 57 Discus 31.64m 3
Cpl Amaraweera TBS VIR F 46, 47 Discus 35.15m 1
Sgt Herath HMDP GR F 46, 47 Discus 34.10m 2
Cpl Sameera Wsala WLM VIR F 46, 47 Discus 30.70m 3
Sgt Anuradha WT SLLI F 12, 13 Discus 26.63m 1
Cpl Weerasooriya WN VIR F 12, 13 Discus 25.32m 2
WO II Chandrawansa MA SLLI F 12, 13 Discus 19.86m 3
Cpl Jayarathna Banda JM SLSR F 46(A) Discus 25.87m 1
WO II Tilakarathna MDP SLLI F 46(A) Discus 25.66m 2
WO II Jayakody WS SLLI F 46(A) Discus 25.14m 3
Sgt Kumara SS SLLI F 44 Discus 34.99m 1
Cpl Rajapaksha RTVH SLLI F 44 Discus 32.13m 2
L/Cpl Indika KTN SLNG F 44 Discus 31.93m 3
Sgt Kumara SS SLLI F 44 Shot Put 11.31m 1
Sgt Hettiarachchi HACS VIR F 44 Shot Put 10.69m 2
L/Cpl Indika KTN SLNG F 44 Shot Put 10.32m 3
Cpl Weerasooriya WN VIR F12,13 Shot Put 9.38m 1
Sgt Priyadarshana JAT SLLI F12,13 Shot Put 8.78m 2
Pte Sandaruwan IPA VIR F12,13 Shot Put 8.45m 3
Cpl Wijethilaka WPL SLLI F 57 Shot Put 9.44m 1
Cpl Madurawa SB SLLI F 57 Shot Put 9.35m 2
Cpl Sampath Kumara APT VIR F 57 Shot Put 9.08m 3
Sgt Jayalath WMP SLLI F 44 (A) Shot Put 9.04m 1
Cpl Marcas KE SLSR F 44 (A) Shot Put 8.97m 2
L/Cpl Ramya Kumara WA SF F 44 (A) Shot Put 8.56m 3
Pte Bandara HGP SLNG F 42 Shot Put 11.16m 1
Rfm Pushpa Kumara HMP SLSR F 42 Shot Put 10.38m 2
L/Cpl Sampath Presanna DK SLLI F 42 Shot Put 9.65m 3
Sgt Herath HMDP GR F 46, 47 Shot Put 12.83m 1
Cpl Chathuranga HMAS SLLI F 46, 47 Shot Put 10.36m 2
Cpl Amaraweera TBS VIR F 46, 47 Shot Put 10.19m 3
L/Cpl Wijesekara DS SLSR F 55, 56 Shot Put 7.68m 1
Cpl Jayakodi JAMP SF F 55, 56 Shot Put 6.99m 2
L/Cpl Jayawardana RMS VIR F 55, 56 Shot Put 6.19m 3
Cpl Kumara PDPS VIR OEB Shot Put 10.31m 1
Cpl Dissanayake DMNP SF OEB Shot Put 9.67m 2
Sgt Asokarathna PPA GW OEB Shot Put 9.51m 3
WO I JT Jayathilaka VIR F 11 Shot Put 7.50m 1
Cpl Amarasinghe AMJ VIR F 11 Shot Put 7.38m 2
Sgt Sanjaya Kumara WA GR F 11 Shot Put 7.26m 3
Sgt Perera WSW VIR T 44(A)/46(A) 4 x 100 48.32 1
L/Cpl Lelarathna VJNS VIR T 44(A)/46(A) 4 x 100 48.32 1
Cpl Guruge PAK VIR T 44(A)/46(A) 4 x 100 48.32 1
L/Cpl Abeydasa MGD VIR T 44(A)/46(A) 4 x 100 48.32 1
L/Cpl Bandara SHPT GR T 44(A)/46(A) 4 x 100 49.29 2
Pte Priyalal WGS GR T 44(A)/46(A) 4 x 100 49.29 2
Cpl Bandara HMS GR T 44(A)/46(A) 4 x 100 49.29 2
Cpl Krishantha Kumara WG GR T 44(A)/46(A) 4 x 100 49.29 2
WO II Senavirathna BSP SLNG T 44(A)/46(A) 4 x 100 49.56 3
L/Cpl Rajakaruna RMAS SLNG T 44(A)/46(A) 4 x 100 49.56 3
Pte Premathilaka PSP SLNG T 44(A)/46(A) 4 x 100 49.56 3
Pte Rajapaksha KKGS SLNG T 44(A)/46(A) 4 x 100 49.56 3
Sgt Priyadharsana JAT SLLI T 12,13/OEB 4 x 100 46.63 1
Cpl Srivitharana DWDS SLLI T 12,13/OEB 4 x 100 46.63 1
Cpl Bandara JBMP SLLI T 12,13/OEB 4 x 100 46.63 1
Pte Bandara RNS SLLI T 12,13/OEB 4 x 100 46.63 1
Sgt Pathmakumara WDJ GW T 12,13/OEB 4 x 100 48.39 2
Sgt Ashokarathna PPA GW T 12,13/OEB 4 x 100 48.39 2
Cpl Jayathilaka SP GW T 12,13/OEB 4 x 100 48.39 2
Cpl De Silva DHIH GW T 12,13/OEB 4 x 100 48.39 2
Cpl Sooriyashantha KAD VIR T 12,13/OEB 4 x 100 50.06 3
Cpl Thennakoon JMR VIR T 12,13/OEB 4 x 100 50.06 3
L/Cpl Ranathunaga RHR VIR T 12,13/OEB 4 x 100 50.06 3
Pte Ekanayeka GAKW VIR T 12,13/OEB 4 x 100 50.06 3

 

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<